බෝලය

විකිපීඩියා වෙතින්

බෝලයක් යනු, විවිධ භාවිත සහිත (සාමාන්‍යයෙන් ගෝලාකාර නමුත් සමහරවිට අණ්ඩාකාර)[1] රවුම් වස්තුවකි. එය බෝල ක්‍රීඩා වලදී භාවිතා කෙරෙන අතර , ක්‍රීඩකයින් විසින් බෝලය වෙත පහරදීම, එය වෙත පයින් පහර එල්ල කිරීම හෝ එය විසී කිරීම අනුව ක්‍රීඩාවෙහි ප්‍රගමනය තීරණය වෙයි. පන්දු ඇල්ලීම, ටික් බෝල සහ බෝල විජ්ජා පෙන්වීම වැනි වඩාත් සරල ක්‍රියාකාරකම් සඳහාද බෝල භාවිතා කල හැක. බෝල බෙයාරිම ලෙසින් හැඳින්වෙන ඉතා අඩු ඝර්ෂණයක් සපයන බෙයාරිම තැනීම සඳහා ඉංජිනේරු විද්‍යාවෙහිදී පහසුවෙන් ගෙවී නොයන ද්‍රව්‍ය වලින් තැනෙන බෝල භාවිතා වෙයි. වෙඩි බෙහෙත් භාවිතා කරන කාලතුවක්කු වැනි උපකරණ සඳහා ගල් හෝ ලෝහ වලින් තැනූ බෝල ප්‍රක්ෂිප්ත ලෙසින් භාවිතා වෙයි.

වර්තමානයෙහි රබර් භාවිතයෙන් බොහෝ බෝල තැනුවද, කොලම්බස් විසින් ඇමරිකාව වෙත ගවේෂණයෙහි යෙදීමට පෙර මෙම රබර් බෝල ගැන පිටස්තර ලෝකය දැන සිටියේ නැත. මධ්‍යම ඇමරිකානු බෝල ක්‍රීඩාවකදී රබර් බෝල (මේවා ඝන බෝල වූ අතර පුම්බනු ලැබූ ඒවා නොවීය) භාවිතා කරනු පළමුවෙන් දැක ඇත්තේ ස්පාඤ්ඤ ජාතිකයන් විසිනි. කොළම්බස්ට පෙර ලෝකයේ අනෙකුත් කොටස් වල විවිධ ක්‍රීඩා කටයුතු වලට භාවිතා කල බෝල සාදන ලද්දේ විවිධ ද්‍රව්‍ය පුරවා සත්ව මුත්‍රාශ්‍ර හෝ සම් භාවිතා කොට වැස්මක් දැමීමෙනි.

මිනිසුන්ට වඩාත් හුරුපුරුදු ගෝලාකාර වස්තුන් වන්නේ බෝල බැවින්, ගෝලාකාර හෝ ගෝලාකාර බවට සමීප ඕනෑම දෙයක් පිළිබඳ සඳහන් කිරීමට හෝ විස්තර කිරීමට “බෝලය” යන පදය භාවිතා වෙයි.

  1. "කෝඩ් ඔෆ් ෆෙඩරල් රෙගියුලේෂන්ස්: 1985-1999". එ.ජ. සාමාන්‍ය සේවා පරිපාලනය, ජාතික ලේඛනාගාර සහ වාර්තා සේවය, ෆෙඩරල් ලේඛන කාර්යාලය. 5 නොවැම්බර් 1999. 7 නොවැම්බර් 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 5 නොවැම්බර් 2017 – via ගූගල් බුක්ස්. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
"https://si.wikipedia.org/w/index.php?title=බෝලය&oldid=424113" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි