බෝර් ආකෘතිය

විකිපීඩියා වෙතින්

පරමාණු වල ශක්ති මට්ටම් පිළිබදව ඉදිරිපත් වූ ආකෘතියකි. නීල්ස් බෝර් විසින් ඉදිරිපත් කරන ලදී.
බෝර් ආකෘතිය උපකල්පන තුනක් මත පදනම් වේ.

  1. හයිඩ්‍රජන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන යම් නිශ්චිත ශක්තිවලට අනුරූප නිශ්චිත අරය වලින් යුතු කක්ෂවල පවතී.
  2. අනුදත් (permitted) කක්ෂයක පවතින ඉලෙක්ට්‍රෝනයකට නිශ්චිත ශක්තියක් ඇති අතර අනුදත් ශක්ති අවස්ථාවක පවතී. අනුදත් ශක්ති අවස්ථාවක ඇති ඉලෙක්ට්‍රෝනයක් ශක්තිය නිකුත් නො කරන බැවින් එය සර්පිලාකාර පථයක ගමන් කර න්‍යෂ්ටියට නො වැටේ.
  3. එක් අනුදත් ශක්ති අවස්ථාවක සිට වෙනත් අවස්ථාවකට සංක්‍රමණය වීමේ දී පමණක් ඉලෙක්ට්‍රෝනය විසින් ශක්ති අවශෝෂණය හෝ විමෝචනය හෝ කෙරේ. මෙම ශක්තිය අවශෝෂණය හෝ විමෝචනය හෝ කෙරෙන්නේ ෆෝටෝන (photon) වශයෙනි.
"https://si.wikipedia.org/w/index.php?title=බෝර්_ආකෘතිය&oldid=347792" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි