බෙයිහාධ්

විකිපීඩියා වෙතින්
බෙයිහාධ්
ඔබත් මමත් ඇයත් තේමා දසුන
ප්‍රභේදයනාට්‍ය
ප්‍රේමනීය සංත්‍රාස
මනෝවිද්‍යාත්මක සංත්‍රාස
නවයොවුන් නාට්‍ය
තැනුවේප්‍රතීක් ෂර්මා
අධ්‍යක්ෂණය කලේවික්‍රම් වී. ලාභේ[1]
නිර්මාණාත්මක අධ්‍යක්ෂක(වරු)අමීතා දේවාඩිගා
රඟපෑමබලන්න චරිත නිරූපණය
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)හින්දි
කථාවාර සංඛ්‍යාව2
කථාංග ගණන273
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)ප්‍රේම් ක්‍රිශේන්
සුනිල් මෙහ්තා[1]
සංස්කාරක(යන්)ගංගා කාචාර්ලා
අමිත් සිං[1]
ස්ථානය(න්)මුම්බායි
ලෝනාව්ලා
මොරිෂස්
සිනෙමාරූපණයහනෝස් වී.කේ. (හනෝස් කේරවාලා)
කැමරා සැලැස්මබහු-කැමරා
ධාවන කාලයමිනිත්තු 20
නිෂ්පාදන සමාගමසිනෙවිස්ටාස් ලිමිටඩ්[1]
බෙදාහරින්නාසෝනි පික්චර්ස් නෙට්වර්ක්ස්[1]
ප්‍රචාරණය
මුල් නාලිකාවසෝනි එන්ටර්ටේන්මන්ට් ටෙලිවිෂන් (ඉන්දියාව)
රූප ආකෘතිය576i (SDTV)
1080i (HDTV)[1]
මුල් ධාවනය11 ඔක්තෝබර් 2016 (2016-10-11) – 27 ඔක්තෝබර් 2017 (2017-10-27)
බාහිර සබැඳි
වෙබ් අඩවිය
නිෂ්පාදන වෙබ් අඩවිය

බෙයිහාධ් (සිංහල: අසීමාන්තික) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු ප්‍රේමනීය සංත්‍රාස සීමිත රූපවාහිනී කතාමාලාවකි. මෙය 2016 ඔක්තෝබර් 11 දින සෝනි එන්ටර්ටේන්මන්ට් ටෙලිවිෂන් සහ සෝනි එන්ටර්ටේන්මන්ට් ටෙලිවිෂන් ඒෂියා ඔස්සේ විකාශය ඇරඹිණි.[2] ප.ව. 8:30 යන අග්‍ර කාල අවකාශය ලද මෙම වැඩසටහන දෛනිකව සතියේ දිනවල විකාශය විය. ප්‍රබල ප්‍රේමාන්විත කෝණයකින් හෙබි බෙයිහාධ් මනෝවිද්‍යාත්මක ත්‍රාසකයකි. මෙමගින් මායා මෙහ්රෝත්‍රාගේ කථාපුවත නිරූපණය වන අතර ඇය සිය දෛවයට අභියෝග කරමින් අර්ජුන් සහ සාන්ජ්ගේ අතරට පැමිණේ. දෙමළ බසින් හඬකවන ලද මෙම කතාමාලාව මායා යන තේමාව යටතේ පොලිමර් ටීවී ඔස්සේ විකාශය ඇරඹියේ ය. එය 2017 ජනවාරි 2 සිට සඳුදා සිට සිකුරාදා තෙක් ප.ව. 7:00ට විකාශය විය. 2017 ජූනි 5 සිට 2017 ඔක්තෝබර් 28 තෙක් මෙහි තෙලිඟු හඬකැවූ ප්‍රභේදය ජෙමිනි ටීවී ඔස්සේ නුව්වු නාකු නච්චව් යන තේමාව යටතේ සඳුදා සිට සෙනසුරාදා තෙක් ප.ව. 8:00ට විකාශය විය. සූර්යා ටීවී ඔස්සේ මෙහි මලයාලම් හඬකැවූ ප්‍රභේදය ප්‍රේමම් ලෙස සඳුදා සිට සිකුරාදා තෙක් ප.ව. 10:00ට විකාශය විය. 2017 දෙසැම්බර් 4 දින සිට මෙහි සිංහල හඬකැවූ ප්‍රභේදය ශ්‍රී ලංකාවේ ටීවී දෙරණ නාළිකාව ඔස්සේ ඔබත් මමත් ඇයත් ‍යන තේමාව යටතේ සඳුදා සිට සිකුරාදා තෙක් ප.ව. 9:00ට විකාශය වේ. ජෙනිෆර් විංගට්, කුෂාල් ටන්ඩන් සහ අනේරි වජානි විසින් මෙම කතාමාලාවේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබයි. බෙයිහාධ්හි අවසන් කථාංගය 2017 ඔක්තෝබර් 27 දින විකාශය විය. [3][4][5][6][7][8] ජෙනිෆර් විංගට්ගේ විශිෂ්ට රංගනය හේතුවෙන් බෙයිහාධ් වෙත විශාල මාධ්‍ය ආවරණයක් හිමි විය. ඇගේ රංගනය ක්ෂේත්‍රයේ බොහෝදෙනකුගේ පැසසුමට ලක් විය.[9][10][11][12][13]

චරිත නිරූපණය[සංස්කරණය]

ප්‍රධාන චරිත
සෙසු චරිත
  • සුමිත් භාරද්වාජ්, අයාන් ෂර්මා ලෙස (අර්ජුන්ගේ අර්ධ-සොයුරා)
  • කවිතා ඝායි, ජාන්වි මෙහ්රෝත්‍රා ලෙස (මායාගේ මව)
  • විභා භගත්, සුමන් ප්‍රේම් මාථුර් ලෙස (සාන්ජ්ගේ මව)
  • රක්ෂිත් වාහි, ශුභ් ප්‍රේම් මාථුර් ලෙස (සාන්ජ්ගේ සොහොයුරා)
හිටපු චරිත
පසුබිම්

කතාමාලාව සමාලෝචනය[සංස්කරණය]

කථාවාරය කථාංග
සංඛ්‍යාව
මුල් විකාශය
විකාශය ඇරඹුණේ විකාශය අවසන් වූයේ
1 115 2016 ඔක්තෝබර් 11 2017 මාර්තු 20
2 73 2017 මාර්තු 21 2017 ජූනි 30
3 85 2017 ජූලි 3 2017 ඔක්තෝබර් 27[15]

සම්මාන සහ නිර්දේශ[සංස්කරණය]

වර්ෂය සම්මාන උළෙල ප්‍රවර්ගය යෝජිතයා ප්‍රතිඵලය
2017 ලයන්ස් ගෝල්ඩ් සම්මාන ප්‍රියතම හොඳම නළුවා කුෂාල් ටන්ඩන් දිනාගති[16]
ප්‍රියතම හොඳම නිළිය ජෙනිෆර් විංගට්
ප්‍රියතම හොඳම නළුවා (ඍණාත්මක චරිතය) රාජේශ් ඛට්ටාර්
GARV ඉන්දියානු රූපවාහිනී සම්මාන හොඳම නිළිය ජෙනිෆර් විංගට් දිනාගති[17]
ජව සම්පන්න නිරූපණය (පිරිමි) කුෂාල් ටන්ඩන්
හොඳම කතාමාලාව (ප්‍රබන්ධ) සිනෙවිස්ටාස් ලිමිටඩ්
ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන ජූරියේ හොඳම නිළිය ජෙනිෆර් විංගට් දිනාගති[18]
SBAS ටෙලිබ්‍රේෂන්ස් හොඳම නිළිය ජෙනිෆර් විංගට් දිනාගති

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 1.4 1.5 "Beyhadh Cast and Crew Sony TV". Beyhadh.co. සම්ප්‍රවේශය 23 September 2017.
  2. "Beyhadh's on air date revealed". ABP News. 6 January 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 September 2016.
  3. 3.0 3.1 "Kushal Tandon shoots for a fight sequence for his show 'Beyhad' - Times of India". සම්ප්‍රවේශය 6 June 2017.
  4. "Girl next door: Aneri Vajani from Beyhadh - Times of India". සම්ප්‍රවේශය 6 June 2017.
  5. "Aneri Vajani to join Jennifer and Kushal in 'Beyhadh' - Times of India". සම්ප්‍රවේශය 6 June 2017.
  6. "I wanted to break my tomboy image: Aneri Vajani - Times of India". සම්ප්‍රවේශය 6 June 2017.
  7. 7.0 7.1 "Beyhadh is all set for another leap; here's the new twist in the tale - Times of India". සම්ප්‍රවේශය 6 June 2017.
  8. 8.0 8.1 "TV actress Jennifer Winget's new father!". සම්ප්‍රවේශය 6 June 2017.
  9. "Beyhadh is like a breath of fresh air - Times of India". සම්ප්‍රවේශය 6 June 2017.
  10. "Jennifer Winget plays cricket on the sets of Beyhadh - Times of India". සම්ප්‍රවේශය 6 June 2017.
  11. "Beyhadh's Jennifer Winget looks fiery hot in red, see pics - Beyhadh's Jennifer Winget flaunts tattoo in her latest photo shoot - The Times of India". The Times of India. සම්ප්‍රවේශය 6 June 2017.
  12. 12.0 12.1 "Piyush makes a huge entry". ABP Live.
  13. 13.0 13.1 "Samay is back with huge twist". ABP Live.
  14. [1]
  15. "Beyhadh season 2 promo". The Indian Express. සම්ප්‍රවේශය 21 March 2017.
  16. ""23rd SOL LIONS GOLD AWARDS"". spicystarsmumbai. සම්ප්‍රවේශය 7 March 2017.
  17. ""Garv Indian Television Honours 2017"".
  18. ""Indian Television Awards"".
"https://si.wikipedia.org/w/index.php?title=බෙයිහාධ්&oldid=592740" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි