බෙන් හර් චිත්‍රපටිය (1959)

විකිපීඩියා වෙතින්
Ben-Hur
අධ්‍යක්ෂණයWilliam Wyler
නිෂ්පාදනයSam Zimbalist
තිර රචනයKarl Tunberg
Uncredited:
Gore Vidal
Christopher Fry
පාදක වූයේBen-Hur: A Tale of the Christ by
Lew Wallace
කථනයFinlay Currie
රංගන ශිල්පීන්Charlton Heston
Jack Hawkins
Haya Harareet
Stephen Boyd
Hugh Griffith
සංගීතයMiklós Rózsa
සිනෙමාරූපණයRobert L. Surtees
සංස්කරණයJohn D. Dunning
Ralph E. Winters
බෙදා හරින ලද්දේMetro-Goldwyn-Mayer
නිකුත්වූ දිනය(න්)නොවැම්බර් 18, 1959 (1959-11-18)
දිවෙන කාලයමිනිත්තු 212
රටඇමරිකා එක්සත් ජනපදය
භාෂාවEnglish
පිරිවැයඇමරිකානු ඩොලර් මිලියන 15
ආදායමඇමරිකානු ඩොලර් මිලියන 90

“බෙන් හර්” යනු William Wyler විසින් 1959 දී අධ්‍යක්ෂණය කරනු ලැබූ වීර කාව්‍යයකි. එය Lew Wallace ගේ නව කතාවක් වූ Ben-Hur: A Tale of the Christ (1880) හි තුන් වන චිත්‍රපටයයි. එහි මංගල දර්ශනය 1959 නොවැම්බර් 18 වන දා නිව් යෝර්ක් නුවර Loews සිනමා ශාලාවේ දී පැවැත්වුණි. Ben Hur චිත්‍රපටිය සඳහා වාර්තාගත ඇකඩමි සම්මාන එකොළහක් හිමිවූ අතර එය සමාන වනුයේ ඉන් පසුව බිහි වූ ටයිටැනික් (1997) හා ලෝර්ඩ් ඔෆ් ද රින්ග් සහ The Return of the King (2003) චිත්‍රපටවලට පමණි.

බෙන්-හර් චිත්‍රපටිය හිමිකරගත් සම්මාන[සංස්කරණය]

මෙම චිත්‍රපටිය සඳහා පෙර නොවූ විරූ ආකාරයට ඇකඩමි සම්මාන එකොළහක් හිමි වූ අතර එය සංඛ්‍යාවෙන් සමාන වනුයේ 1997 දී නිපද වූ ටයිටැනික් චිත්‍රපටියට හා 2003 දී නිෂ්පාදිත The Lord of the Rings: The Return of the King චිත්‍රපටවලට පමණි. එම සම්මාන නම්, හොඳම චලන චිත්‍ර සිනමා පටය, හොඳම ප්‍රධාන නළුවා සඳහා වූ සම්මානය - Charlton Heston, හොඳම අධ්‍යක්ෂණය , හොඳම පසුතල හැඩ ගැන්වීම, වර්ණකරණය - Edward C. Carfagno, William A. Horning, and Hugh Hunt, හොඳම සිනමා රූපණය, හොඳම වර්ණ ගැන්වීම, හොඳම ඇඳුම් නිර්මාණය, විශේෂ ප්‍රයෝග සඳහා වූ සම්මානය, හොඳම චිත්‍රපට සංස්කරණය John D. Dunning හා Ralph E. Winters හොඳම නාට්‍යමය හෝ විකට චිත්‍රපටය සඳහා වූ සම්මානය, නම් සම්මාන එකොළහයි. තවද මෙම චිත්‍රපටය හොඳම අනුවර්ථික සිනමා පටය ලෙසට ඇකඩමි සම්මාන උලෙලේ දී නාම යෝජනා වුණි. මෙම චිත්‍රපටිය Golden Globe සම්මාන උළෙලේදී ද සම්මානයට පාත්‍ර වුණි. ඒවා නම් හොඳම චලනය චිත්‍ර, සිනමා පටය, වෘත්තාන්ත, හොඳම චලන චිත්‍ර අධ්‍යක්ෂණය, චලන චිත්‍ර සිනමා පට සඳහා වූ හොඳම සහාය නළුවා සම්මානය - Stephen Boyd හා අශ්ව කරත්ත තරඟය අධ්‍යක්ෂණය සඳහා විශේෂ සම්මානයක් Andrew Marton හට හිමි වුණි. තවද මෙය හොඳම චිත්‍රපටය සඳහා BAFTA සම්මානය ද, New York Film Critics Circle සම්මානය ද දිනා ගති. විශිෂ්ටතම චලන චිත්‍ර සිනමා පටය අධ්‍යක්ෂණය සඳහා DGA සම්මානය ද හිමි වුණි. 1998 දී මෙම චිත්‍රපටය එතෙක් බිහි වූ හොඳම ඇමරිකානු චිත්‍රපට අතරින් 72 වෙනි ස්ථානය හිමි කරගත් අතර AFI හි 100 Years... 100 Cheers දී 56 වන ස්ථානය හිමි කර ගන්නා ලදී. 2001 දී ඇමරිකානු චිත්‍රපට ආයතනයෙහි හොඳම ත්‍රාසජනක ඇමරිකානු චිත්‍රපටය සඳහා ලබා දෙන වර්ගීකරණයේ 49 වෙනි ස්ථානය දිනා ගති. 2004 දී ඇමරිකා එක්සත් ජනපදයේ National Film Registry හි සංරක්ෂණය කිරීම පිණිස Library of Congress මඟින් මෙම චිත්‍රපටය තෝරා ගැනුණි. එය සංස්කෘතිකමය, ඓතිහාසික හා කලාත්මක වැදගත්කමක් සහිත චිත්‍රපටයක් ලෙසට සංරක්ෂණය කෙරුණි. 2005 දී මෙම චිත්‍රපටය හොඳම සංගීතය සඳහා ඇමරිකානු චිත්‍රපට ආයතනය මඟින් කරන ලද වර්ගීකරණයට අනුව 21 වෙනි ස්ථානය ලබා ගනී. 2007 දී, AFI මඟින් වසර 100ක් තුළ නිපද වු චිත්‍රපට 100ක් අතරින් 100 වෙනි ස්ථානය ලබා ගනී. (දහවන සංවත්සරික මුද්‍රණය)


සටහන්[සංස්කරණය]

Ben-Hur film