බුරුමයේ ඉතිහාසය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

බුරුමයේ (මියන්මාරය) ඉතිහාසය යන මෙම ලිපියෙන් ආවරණය වන්නේ වසර 11,000 කට පෙර දැනට දන්නා පරිදී මිනිස් ජනාවාස පළමුවෙන් පැවැති කාලයේ සිට වර්තමානය දක්වා කාල පරිච්ඡේදයයි. ලිඛිත ඉතිහාසය පරිදී ආදිතම ජනවැසියන් වන්නේ, ක්‍රියුපෙ පළමු සියවසෙහිදී පමණ ඉරවඩ්ඩි නිම්නය වෙත උතුරු දෙසින් පැමිණි ප්යූ වරුන්ය. ක්‍රියු සතරවන සිය වස වන විට, ප්යූ වරුන් විසින් ප්‍රොම් (ප්යායි) තරම් දකුණු දෙසට පවා නගර රාජ්‍යයන් කිහිපයක් ස්ථාපනය කරමින්, බුද්ධාගම වැලඳගෙන සිටියහ. නැගෙනහිර දෙසින්වූ හරිබුන්ජයා සහ ද්වාරවටි රාජධානි වෙතින් සංක්‍රමණය වූ, මොන් වරුන්, නවවන සියවසෙහි මුල් භාගය වන විට තවත් දකුණු දෙසට වන්නට පහළ බුරුමයෙහි වෙරළබඩ පෙදෙසෙහි ස්වීයවූ නගර රාජ්‍යයන් පිහිටුවා ගෙන සිටියහ.

නන්සහෝ රාජධානියෙහි ම්‍රාන්මා (බර්මන්වරු හෝ බාමාර්වරු) යන තවත් කණ්ඩායමක්, නවවන සියවසෙහි මුල් භාගයෙහිදී ඉහළ ඉරවඩ්ඩි නිම්නයට ඇතුළු වූහ. ඉරවඩ්ඩි නිම්නය හා එහි පර්යන්තය පළමු වරට ඒකාබද්ධ කොට පාගන් අධිරාජ්‍යය (1044–1287) පිහිටුවීමට ඔවුහූ සමත් වූහ. ප්යූ සහ මොන් නියාමයන් වෙනුවට බුරුම භාෂාව සහ සංස්කෘතිය සෙමෙන් ආද්ශ වීම ඇරඹුනේ මෙම කාල සීමාවෙහිදීය. 1287දී පාගන්හී කඩාවැටීමෙන් අනතුරුව, අවා, හන්තවඩ්ඩි, අරකාන් සහ ෂාන් රාජ්‍යයන් යන්නන් ප්‍රධාන බලවතුන් වූ කුඩා රාජධානි කිහිපයක් විසින්, ප්‍රදේශයෙහි ආධිපත්‍යය හිමි කරගත් අතර, සැමවිටම විපර්යාස වන සන්ධානයන් හා සතත යුද්ධයන්ගෙන් ආඩ්‍ය වූ කාලයක් විය. 16වන සියවසෙහි දෙවන භාගයෙහිදී, වුවන්ගු රාජවංශය (1510–1752) විසින් රට යළිත් එක්සේසත් කළ අතර, කෙටි කළකට අග්නිදිග ආසියාවේ ඉතිහාසයෙහි විශාලතම අධිරාජ්‍යය පිහිටවූහ. පසුව ටුවන්ගු රජවරුන් විසින් ප්‍රධාන පරිපාලනමය හා ආර්ථික ප්‍රතිසංස්කරණ කිහිපයක් සිදු කළ අතර, එහි ප්‍රතිඵල වශයෙන්, කුඩා, සාමකාමී හා සමෘද්ධිමත් රාජධානියක් 17වන සියවස පුරාවට හා 18වන සියවසෙහි මුල් භාගයෙහිදී පිහිටවූහ. 18වන සියවසෙහි දෙවන භාගයෙහිදී, කොන්බාවුන් රාජවංශය (1752–1885) විසින් රාජධානිය ප්‍රතිෂ්ඨාපනය කළ අතර, ටුවන්ගු ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු කිරීමෙන් පර්යන්ත ප්‍රදේශයන්හී මධ්‍යගත පාලනය තීව්‍ර කරමින් ආසියාවේ මහත් සාක්ෂර රාජ්‍යයන් අතුරින් එකක් බිහි කළහ. මෙම රාජවංශය අසල්වැසියන් සියල්ලන් හා යුද්ධයටද ගියහ. දශක සයක කාලසීමාවක් පුරා (1824–1885) පැවැති කාලසීමාවකදී කෙමෙන් කෙමෙන් මෙම රාජධානිය බ්‍රිතාන්‍යයන්ට අත්පත් විය.

බ්‍රිතාන්‍ය පාලනය විසින් සාමාජීය, ආර්ථික, සංස්කෘතික හා පරිපාලනමය ක්ෂේත්‍රයන්හී චිරස්ථායි වෙනස්කම් කිහිපයක් ඇති කිරීම නිසාවෙන් පෙරදී වැඩවසම් ක්‍රමය අනුගමනය කළ සමාජය පූර්ණ විපර්යාසයකට ලක් විය. ඉතා වැදගත් වශයෙන්, රටෙහි අප්‍රමාණ ජනවාර්ගික කණ්ඩායම් අතර එදිරිවාදී ස්වරූපයන් බ්‍රිතාන්‍ය පාලනය තුලදී ඉස්මතුව පැමිණියහ. 1948දී නිදහසෙන් පසුව, තවමත් විසඳී නොමැති බොහෝ කල් සිට බවතින සිවිල් යුද්ධ අතුරින් එකක් හා රට වෙලී පවතියි. 1962 පටන් විවිධ මුහුණුවර ගත් හමුදා පාලනයන් යටතේ රට පැවැති අතර, ඒ හේතුව නිසාම ලෝකයේ ඉතාමත් අඩුවෙන් සංවර්ධිත ජාතීන් අතුරින් එකක් බවට එය පත් වී ඇත.

පටුන

ආදි ඉතිහාසය (ක්‍රියු 9වන සියවස දක්වා)[සංස්කරණය කරන්න]

ප්‍රාග්-ඉතිහාසය[සංස්කරණය කරන්න]

ආදිතම පුරාවිද්‍යාත්මක සාධකයන් හුවා දක්වන්නේ ක්‍රීපූයු 11,000 කරම් ඈත අතීතයෙහි පවා බුරුමයෙහි සංස්කෘතීන් පැවැති බවයි. ආදි ඩනාවාස පිළිබඳ බොහෝ ඇඟවුම් මධ්‍යම වියලි කලාපයෙන් හමුවී ඇති අතර, ඉරවඩ්ඩි නදියට සමීපතමයෙහි විසිරුණු අඩවි දක්නට පවතිති. අනියාතියන් නමින් හැඳින්වෙන බුරුමයේ ශිලා යුගය පැවැතියේ යුරෝපයේ පහළ සහ මධ්‍ය පුරාශිලා යුගයන් පැවැති කාලසීමාවන්ට සමකාලීන යුගයක යැයි සිතනු ලැබේ. ශාක සහ සතුන් පළමුවෙන් ගෘහාශ්‍රිතකරණය කරන ලද්දාවූ හා ඔපදැමූ ශිලා මෙවලම් එළිදැක්වුනු නව ශීලායුගය පිළිබඳ බුරුමය තුල සාක්ෂි දක්නට ලැබුනේ ෂාන් සානුව ගැටියේ ටවුන්ගයි අබියස පිහිටා ඇති ක්‍රිපූ 10000 සිට6000 දක්වා කාල නිර්ණය කර ඇති ලෙන් තුනකිනි.[1] ක්‍රිපූයු 1500 පමණ වන විට, ප්‍රදේශයෙහි ජනයා විසින් තඹ ලෝකඩ බවට පෙරැලීම, වී වගා කිරීම, කුකුළන් හා ඌරන් ගෘහාශ්‍රිත කිරීම ආදිය සිදු කළහ; ලෝකයේ එසේ සිදු කළ පළමු ජනයා ඔවුන් වූහ. ක්‍රිපූයු 500 වන විට, වර්තමාන මන්ඩලේ සිට දකුණු දෙසට වන් ප්‍රදේශයක යකඩ-කර්මාන්ත කළ ජනාවාස බිහි විය. ලෝකඩයෙන් අලකෘත මිනිපෙට්ටි සහ මැටි භාණ්ඩ නෂ්ටාවශේෂයන්ගෙන් පිරි සුසාන භූමි කැණ ගොඩ ගන්නා ලදි.[2] මන්ඩලේ ට දකුණින් සැමොන් නිම්නයේ පුරාවිද්‍යාත්මක සාක්ෂි දක්වා සිටින්නේ, ක්‍රිපූ 500 සහ ක්‍රිව 200 අතර චීනය සමග වෙළඳාම් කළ වී වගා කළ ජනාවාස තිබූ බවයි.[3]

ප්යූ නගර-රාජ්‍යයන්[සංස්කරණය කරන්න]

ඉරවඩ්ඩි ඔස්සේ වූ ප්යූ නගර රාජ්‍යයන්

ටිබැටියානු-බුරුම-බස දොඩන ප්යූ වරුන් ක්‍රිපූයු පළමු සියවස පමණ කාලයේදී උතුරු දෙසින් ඉරවඩ්ඩි නිම්නය වෙතට ඇතුළුවී ඉරවඩ්ඩි නිම්නය පුරා නගර රාජ්‍ය්‍යන් බිහි කිරීම දක්වා වර්ධනය වූහ. විද්‍යාමාන ලේඛනයන් සහිත ආදිතම බුරුමය ජනවැසියන් වන්නේ ප්යූ වරුන්ය.[4] බුරුමය මෙම කාල සීමාව තුලදී, චීනයේ සිට ඉන්දියාව වෙතට ගොඩබිමින් වූ වෙළෙඳ මාර්ගයක කොටසක් විය. ඉන්දියාව සමග වෙළෙඳාම නිසාවෙන් දකුණු ඉන්දියාවෙන් බුද්ධාගම පැමිණියේය. 4වන සියවස වන විට, ඉරවඩ්ඩි නිම්නයෙහි බොහෝ දෙනා බුද්ධාගම වැලඳගෙන සිටියහ.[5] ඉරවඩ්ඩි නිම්නයේ මධයම කොටසෙහි පිහිටි ප්‍රොම් (ප්යායි), බොහෝ නගර රාජ්‍යයන් අතුරින් වඩාත් වැදගත්ම තැන ගත් අතර, පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව, බුරුමය තුල තැනුනු විශාලතම ප්යූ නගරය විය. 638 මාර්තු මාසයේදී, ප්‍රොම් හී ප්යූ වරුන් විසින් බෞද්ධ දින දසුන පදනම් කරගත් නව දින දසුනක් ඇරඹූ අතර, එය පසු කලෙක බුරුම දින දසුන බවට පත් විය.[4]


මොන් රාජධානි[සංස්කරණය කරන්න]

පාගන් රාජ වංශය (849–1298)[සංස්කරණය කරන්න]


ආදි රාජධානිය[සංස්කරණය කරන්න]

පාගන් අධිරාජ්‍යය (1044–1287)[සංස්කරණය කරන්න]

කුඩා රාජධානි[සංස්කරණය කරන්න]

අවා (1364–1555)[සංස්කරණය කරන්න]

හන්තවඩ්ඩි පෙගු (1287–1539)[සංස්කරණය කරන්න]


ෂාන් රාජ්‍යයන් (1287–1557)[සංස්කරණය කරන්න]

අරකාන් (1287–1784)[සංස්කරණය කරන්න]

ටුවන්ගු රාජවංශය (1510–1752)[සංස්කරණය කරන්න]


පළමුවන ටුවන්ගු අධිරාජ්‍යය (1510–1599)[සංස්කරණය කරන්න]

ප්‍රතිෂ්ඨාපිත ටුවන්ගු රාජධානිය (න්යාවුන්ග්යැන් ප්‍රතිෂ්ඨාපනය) (1599–1752)[සංස්කරණය කරන්න]

කොන්බාවුන් රාජවංශය (1752–1885)[සංස්කරණය කරන්න]

යළි-එක්වීම[සංස්කරණය කරන්න]

සියමය හා චීනය හා සමග යුද්ධ[සංස්කරණය කරන්න]


බටහිර දෙසට ව්‍යාප්තිය හා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සමග යුද්ධ[සංස්කරණය කරන්න]


පරිලාලනමය හා ආර්ථිකමය ප්‍රතිසංස්කරණ[සංස්කරණය කරන්න]

සංස්කෘතිය[සංස්කරණය කරන්න]

බ්‍රිතාන්‍ය පාලනය[සංස්කරණය කරන්න]

දෙවන ලෝක මහා යුද්ධය හා ජපානය[සංස්කරණය කරන්න]

ජපානය යටත්වීමෙහි සිට අවුන් සාන් ගේ ඝාතනය දක්වා[සංස්කරණය කරන්න]

නිදහස් බුරුමය[සංස්කරණය කරන්න]

1948–62[සංස්කරණය කරන්න]

1962–88[සංස්කරණය කරන්න]

අර්බුදය හා 1988 නැගී සිටිම[සංස්කරණය කරන්න]

1989–2006[සංස්කරණය කරන්න]

2007 ආණ්ඩු-විරෝධි විරෝධතා[සංස්කරණය කරන්න]


නාර්ගීස් සුළිසුළඟ[සංස්කරණය කරන්න]

සටහන්[සංස්කරණය කරන්න]

  1. Cooler, Ch. 1, Prehistoric and Animist Periods
  2. Myint-U, River, p. 45
  3. Hudson, Pyu Homeland
  4. 4.0 4.1 Hall, pp. 8–10
  5. Myint-U, pp. 51–52
"https://si.wikipedia.org/w/index.php?title=බුරුමයේ_ඉතිහාසය&oldid=268105" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි