බුදු දහමේ ඉතිහාසය අශෝක අධිරාජ්‍යයාගේ රාජ්‍ය අනුග්‍රහය ලැබීමට පෙර

විකිපීඩියා වෙතින්

ක්‍රි.පුර්ව 3 වන සියවසේ අශෝක අධිරාජ්‍යයාගේ රාජ්‍ය අනුග්‍රහය ලැබීමට පෙර බුද්ධ ධර්මය ගංගානම නිම්නයේ කෙන්ද්‍රස්ථානය කොට ගෙන පැවතුනි. ධර්ම ග්‍රන්ථ වල ධර්ම සංඝායානා දේකක් ගැන සදහන් වන අතර එහිදි රැස්වුනු සංඝයා වහනසේ, බුදුරජාණන්වහන්සේගේ ඉගැන්වීම් පාඨ ඉදිරිපත් කිරීම හා සංඝ සමාජය තුළ පැවති විනය ගැටළු නිරාකරණය කිරීම සිදු කෙරිනි.

පළමුවන ධර්ම සංඝායනාව (ක්‍රි.බු. 5 වන ශතවර්ෂය)

පළමුවන ධර්ම සංඝායනාව බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් මද කලකට පසු පැවති අතර එය මෙහෙය වුයේ බුදුරජාණන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨකම ශ්‍රාවකයා වන රාජ්ගිර් හි වාසය කරන මහාකාශ්‍යප මහ රහතන්වහන්සේ විසිනි. මෙම සංඝායනාවේ අරමුණ වුයේ බුද්ධ ඉගැන්වීම් (සුත්‍ර) හා සංඝ නීති (විනය) වාර්තා ගත කිරිමයි. බුදුරජාණන්වහන්සේ ප්‍රධාන ශ්‍රාවකයකු වන ආනන්ද තෙරැන් බුද්ධ දේශනා ඉසිරිපත් කළ අතර තවත් ශ්‍රාවකයෙකු වු උපාලි තෙරැන් විනය නීති ඉදිරිපත් කළ සේක. පාලි , චීන, හා ටිබෙට් භාෂාවලට නගා ඇති ත්‍රිපිටක යේ පදනම මෙම කරැණු වේ. මෙය බුදුදහමේ ඉතිහාසය පුරාවටම ආශ්‍රය කරගන්නා ග්‍රන්ථයයි.

දෙවන ධර්ම සංඝායනාව (ක්‍රි.බු. 4 වන ශතවර්ෂය)

සමහරක් භික්ෂුන් වහනසේලා විනය නීති ලිහිල් කර ගැනීම හේතුවෙන් මටගත් මතභේදය නිසා දෙවන ධර්ම සංඝායනාව වෛශාලීයේදී පැවැතක්විය. දෙවන ධර්ම සංඝායනාවේදී, පළමු ධර්ම සංඝායනාවේ විනය නීති උපුටා දක්වමින් මෙම විනය නීති ලිහිල් කිරීම බුදුරජාණන් වහන්සේගේ දේහනා වලට විරැද්ධව බව ඔප්පු කෙ‍රිනි.