බුදුන් වහන්සේගේ ජීවන තොරතුරු
සිද්ධාර්ථ ගෞතමයන්ගේ චරිතය ගැන දැන ගැනීමට තිබෙන ප්‍රධානතම මූලාශ්‍ර වන්නේ බෞද්ධ තොරතුරු ඇතුලත් ග්‍රන්ථයන් ය. සෑම වසරකම මාස හතරක් බුදුන් වහන්සේ සහ භික්ෂූන් වහන්සේලා එක්ව බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය නැවත පුනරීක්ෂණය කළහ. උන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු සංඝයා වහස්සේලා බුද්ධ ධර්මය ආරක්ෂා කිරීම සඳහා කටයුතු ආරම්භ කළහ. බුද්ධ පරිනිර්වාණයෙන් ටික දිනකට පසු ප්‍රථම සංගායනාව පැවැත්වූ අතර දෙවැනි සංගායනාව ඉන් සියවසකට පසුව පවත්වන ලදි. මෙම සංගායනාවලදී ක්‍රමානුකූල පිළිවෙලක් අනුගමනය කරමින්, බුදුන් වහන්සේගේ ඉගැන්වීමේ සහ උන් වහන්සේගේ ජිවිතය පිළිබඳ සත්‍ය තොරතුරු නිවැරදිව විශ්ලේෂනය කරමින් ඒවා තහවුරු කිරීමට එම භික්ෂූන් වහන්සේලා උත්සාහ කළහ. ඔව්හු මෙම තොරතුරු වෙන් වෙන්ව කොටස් කර ඒවා සංරක්ෂණය කිරීමට ඒ සඳහාම භික්ෂූන් වහන්සේලා යෙදවූහ. මෙසේ බුද්ධ ධර්මය ශත වර්ෂ තුනක පමණ කාලයක් සුරක්ෂිතව තබා ගන්නා ලද්දේ වාචික වශයෙනි. අවසානයේ කූඩා වල (Basket) පිළියෙල කර තිබූ තල්පත් වල ලේඛණාරූඪ කරන ලදි. (පාලි - ති පිටක) මෙසේ කිරීමේදී භික්ෂූන් වහන්සේලා විශේෂයෙන් බුදුන් වහන්සේ වර්ණනා කරමින් ඇතැම් කරුණු එකතු කළ අතර ඇතැම් කරුණු වෙනස් කළහ.
පුරාණ ඉන්දීයයන් දර්ශන විද්‍යාව ගැන මිස කිසියම් සිද්ධියක් සිදු වූ කාල පරිච්ඡේදය පිළිබඳව සැළකිල්ලක් නොදැක්වූහ. බෞද්ධ ලේඛණ මේ නැඹුරුව ගැන විස්තර පෙන්වයි. උදාහරණ වශයෙන් බුදුන්ගේ ජීවිත තොරතුරුවලට වඩා උන් වහන්සේගේ ධර්මය ගැන පැහැදිළි චිත්‍රයක් අපට තිබීමෙන් ඒ බව පැහැදිළි වේ. මෙම බෞද්ධ ලේඛණවල පුරාණ ඉන්දියාවේ ජීවන පැවතුම් සහ සංස්කෘතිය ගැන විස්තර සඳහන් වන අතර ජෛන ලේඛණ වලින්ද එම කරුණු තහවුරු වේ.එමෙන්ම බුදුන් වහන්සේ ජීවත්ව සිටි යුගය ඉන්දියානු ඉතිහාසය පිළිබඳ සත්‍ය තොරතුරු අඩංගුව පවත්නා ඉන්දියානු ඉතිහාසයේ මුල්ම යුගයක් ලෙස හැඳින්වේ.