බුද්ධිමය දේපළ නීතිය ඉතිහාසය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

බුද්ධිමය දේපළ යන යෙදුමේ වඩාත් පැරණිතම භාවිතය හඳුනාගත හැකිවන්නේ 1845 ඔක්තෝබර් මාසයෙනි.

ඬේවොල් එ. බ‍්‍රවුන් හිදී මැසචුසෙට්ස් සංචාරක අධිකරණය පේටන්ට් අයිතිය පිලිබඳව විභාග කරමින් චාර්ල්ස් එල්. වුඞ්බරි විනිසුරුවරයා කියා සිටියේ ‘අපට බුද්ධිමය දේපළ ආරක්‍ෂා කළහැකි වන්නේ මේ ක‍්‍රමයෙන් පමණකි. කෙනෙකුගේ මානසික ශ‍්‍රමය, නිෂ්පාදන හා අභිරුචීන් ඔහු වගා කරන තිරිඟු හෝ ඔහු ඇති කරන සතුන් වැනිය’. ‘සොයාගැනීම් දේපළ වේ’ යන ප‍්‍රකාශය ඊටත් බොහෝ ඈතට යන්නකි. 1791 ප‍්‍රංශ නීතියේ පළවැනි වගන්තිය කියා සිටියේ ‘සෑම නව සොයාගැනීමක්ම එසේ කළ අයගේ දේපළ වේ. එම අයිතිය සුරක්‍ෂිත කිරීම සඳහා එකී සොයාගැනීම තාවකාලිකව භූක්ති විඳිම සඳහා එම තැනැත්තාට වසර පහකට දහයකට හෝ පහළොවකට පේටන්ට් අයිතිය ලබාදිය යුතුය’ යනුවෙනි.

බුද්ධිමය දේපළ යන යෙදුමේ පැතිරුනු ජනපි‍්‍රයභාවය වඩා නූතන සංසිද්ධියකි. 1967 දී මෙකී යෙදුම ප‍්‍රවර්ධනය කිරීමට සකී‍්‍රයව උත්සාහ කළ ලෝක බුද්ධිමය දේපළ සංවිධානය ස්ථාපිත කරන තුරුම එය එතරම සාමාන්‍ය එකක් නොවුනි. කෙසේවෙතත් 1980 පමණ වනතුරුම උදෘත ලකුණුවලින් තොරව එය යෙදුනේ කලාතුරකිනි.

මෙම සංකල්පයේ සමභවය ඊටත් එහාට සොයා යා හැක. යුදෙව් නීතිය තුල බලබෑම අතින් වර්තමාන බුද්ධිමය දේපළ නීතියට සමාන ප‍්‍රතිෂ්ඨාවන් කිහිපයක් අන්තර්ගත වේ. කෙසේවෙතත් බුද්ධිමය නිර්මාණයන් ‘දේපළ’ වන්නේය යන සංකල්පය මෙකල නොපැවතින.

කෙසේවෙතත් බොහෝ බටහිර රටවල නීති පද්ධතීන් තුල බුද්ධිමය දේපළ සම්බන්ධ ප‍්‍රතිපාදනයන් නොතිබූ අතර මෙම යෙදුම විසින් ආවරනය කරනු ලබන නීතීන් සාධාරණීකරණය කෙරුනේ බලහත්කාරයෙනි. මෙම යෙදුම සමහර පනත් කෙටුම්පත්වල පාද සටහන් තුල හැරෙන්නට එක්සත් ජනපදයේ ප‍්‍රකාශන හිමිකම් පිලිබඳ නීති සම්පාදනයන් තුල අන්තර්ගත නොවුනි. ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ හා ව්‍යවස්ථාපිත නීතීන් තුල යොදාගනු ලැබූ යෙදුම වූයේ ‘පරම හිමිකම්’ යන්නයි.