බුද්ධිමය දේපළ
බුද්ධිමය දේපළ
බුද්ධිමය දේපළ යනු සංගීතය සාහිත්‍ය කලා කෘති සොයාගැනීම් වානිජ වශයෙන් යොදාගනු ලබන ප‍්‍රකාශන හිමිකම්, වෙළඳ ලකුණු, පේටන්ට් ආදිය ඇතුලත් සංකේත, නාමයන්, රූප, සැලසුම් ඇතුලත් වන්නාවූ නෛතික ක්ෂේත‍්‍රයයි. බුද්ධිමය දේපළ නීතිය යටතේ එවැනි සුවිශේෂී දේපළකට හිමිකම් කියන්නකුට එමඟින් ආවරණය වන නිර්මාණය වානිජ සංකේතය හෝ සොයාගැනීම සම්බන්ධයෙන් පරම අයිතියක් හිමිවේ.
දළ විශ්ලේෂණය
බුද්ධිමය දේපළ යනු සෞන්දර්යාත්මක හා වානිජමය වන මනසේ නිර්මාණයන් සම්බන්ධයෙන් බලපවත්වන්නාවූ පරම අයිතිවාසිකම් පොදියකි. මෙහි පළවැන්න පොත්, චිත‍්‍රපට, සංගීතය, සිතුවම්, ඡායාරූප සහ මෘදුකාංග වැනි නිර්මාණාත්මක කෘතීන් ආරක්‍ෂා කරනු ලබන ප‍්‍රකාශන හිමිකම් පිලිබඳ නීතියෙන් ආවරනය වන අතර එකී නිර්මාණයන් කිසියම් නිශ්චිත කාළයකට ප‍්‍රතිනිෂ්පාදනය හෝ අනුවර්තනය කිරීම පාලනය කිරීමේ පරම අයිතිය එහි ප‍්‍රකාශන හිමිකම හිමි තැනැත්තාට හිමිවේ.
දෙවන කාණ්ඩය සමස්ථයක් ලෙස කාර්මික දේපළ ලෙස හැඳින්වෙන අතර ඒවා දර්ශීය ලෙස නිර්මාණය කරනු ලදුව කාර්මික හෝ වානිජමය පරමාර්ථයන් සඳහා යොදාගනු ලබයි. නව, ප‍්‍රයෝජනවත්, පැහැදිලිව නව නිර්මාණයක් ලෙස හඳුනාගත හැකි නිර්මාණ සඳහා පේටන්ට් ලබාදෙනු ලබන අතර පේටන්ට් හිමියාට කිසියම් කාළයකට සිය අවසරයෙන් තොරව අන්‍යයන් එම සොයාගැනීම භාවිතා කිරීම වැලැක්වීමේ අයිතිය හිමිවේ. වෙළඳ ලකුණක් යනු වෙළඳපොළේදී නිෂ්පාදනයන් අතර ව්‍යාකූලත්වයක් ඇතිවීම වැලැක්වීම සඳහා යොදාගනු ලබන සුවිශේෂී වූ ලාංඡනයකි.
කාර්මික සැලසුම් හිමිකමක් කාර්මික උපකරණයක පෙනුම, රූපාකාරය හෝ සැලැස්ම වෙනත් අයකු විසින් සිය නිර්මාණයකට යොදාගැනීම වළකයි. වෙළඳ රහසක් යනු ව්‍යාපාරයක වානිජ පරිචයන් හෝ ස්වාම්‍ය දැනුම සම්බන්ධයෙන් වන ප‍්‍රසිද්ධ නොකරන ලද තොරතුරකි. සමහර වෙළඳ රහස් මහජනයාට හෙළි නොකිරීම නීතිවිරෝධී වියහැක.
‘බුද්ධිමය දේපළ’ යන යෙදුම ඉහතින් දක්වන ලද විශේෂිත නෛතික හිමිකම් විස්තර කිරීමට මිස කිසියම් දේපළක් දැක්වීම සඳහා යොදාගනු නොලබයි.
ශ්‍රී ලංකා නීතිය තුළ වෙළඳ රහස් අාරක්ෂා කර ගැනීම සහ ඊට අානුෂාංගික නෛතික තත්ත්වය 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත මගින් සංගෘහිත වී අැත.