බුද්ධත්වයට පත්වීම

විකිපීඩියා වෙතින්

බුද්ධත්වයට පත්වීම

ශ්‍රමණ භාවයට පත්වු සිද්ධාර්ථ තවුසා ආනාපාන සති භාවනාව (හුස්ම ගැනීම හා පිටකිරීම පිළිබද අවධානය) යොමු වීමෙන් පසු බුදුදහමේ සදහන් වන මධ්‍යම ප්‍රතිපදව (සැප විදීමට ඇත ඇල්ම හා උග්‍රතාප යන අන්ත දෙකෙන්ම ඇත්ව මධ්‍ය මාර්ගයේ ගමන් කිරීම) හදුනාගත් සේක. කෘෂ වු පෙනුම නිසා මේ තමාගේ බලාපොරොත්තුවක් ඉෂ්ඨ කරදුන් දෙවියෙකු යැයි වරදවා වටහාගත් සුජාතා නම් සිටු දේවිය උන්වහනව්සේ කිරිපිඩු දානයක් පිළිගැන්නුවේය. ඉන්පසු වර්තමානයේ බුද්ධගායාවේ බෝධි වෘක්ෂය නමින් හැදින්වෙන ඇසතු ‍ගසක් මුල හිදගෙන සත්‍ය සොයා ගන්නා තුරැ නොනැගිටියි අධිෂ්ඨාන කරගත්තේය. උන්වහන්සේ සත්‍ය සෙවීම අතහැරිය බව සිතූ කොන්ඩඤ්ඤ හා අනෙක් තවුසන් 4 දෙනා උන්වහන්සේගේ ශිෂ්‍ය භාවය අතහැර ගියෝ. මෙලෙස දින 49 ක් භාවනා කිරිමෙන් අනතුරැව වයස අවුරැදු 35 දී එතුමා බුද්ධත්වය ට පත්විය. සමහරැන්ට අනුව මෙය සිදුවුයේ පස්වන චන්ද්‍ර මාසේ වන අතර සමරෙක්ට අනුව ය දොළොස්වන මා‍සයේදී සිදුවිය. ගෞතම බෝධිසත්වයෝ ඉන්පසුව බුද්ඡ හෙවත් "අවබෝධය ලබාගතක් තැනැත්තා" ලෙස හැදින්විය. බුද්ධ ධර්මයේ එතුමා‍ ශාක්‍ය මුනි බුද්ධ හෙවත් "ශාක්‍ය කුලයේ" අවබෝධය කරගත් තැනැත්තා ලෙස හැදින්වේ.

මෙම අවස්ථාවේ එතුමා සත්වායාගේ දුක් විදීමේ ස්වභාවය හා එයට හේතු පිළිබද පුර්ණ අවබෝධයට පත්වු අතර එම හේතුව වන අවිද්‍යාව හා එය නැතිකිරිමට අවශ්‍ය පියවර ද අවබෝධකරගත් සේක. මෙම අවබෝධ කරගත් සත්‍යය චතුර්රාර්ය සත්‍ය ලෙස කොටස් 4 කට වර්ග කෙරෙන අතර සියළුම සත්වයන්ට ලබාගත හැකි අති ශ්‍රේෂ්ඨ විමුක්තිය නිර්වාණය නම් වේ. සියළුම බුදුවරැන් තුළ පවතින උතුම් ගුණ 9 (නව අරහාදී බුදුගුණ) එතුමන් තුළ විය.

ආයචන සුත්‍රයේ (සංයුක්ත නිකාය vi - i) සදහන් වන කථවකට අනුව (පාලි ධර්ම ග්‍රන්ථ වල සදහන් ) බුදුරජාණන්වහන්සේ බුද්ධත්වයට පැමිණිමෙන් අනතුරැව මෙම ධර්මය මනුෂ්‍යායට දේශනා කළ යුතද නැද්ද යන්න කල්පනා කළ සේක.තණ්හාව, වෛරය හ මෝහයෙන් මුලාව සිටින මිනිසාට සියුම්, ගැඹුරැ හා තේරැම් ගැනීමට අපහසු ධර්ම නියමාකාරයෙන් අවබෝධ කරගත හැකිවේදැයි උන්වහන්සේ කල්පනා කළ සේක. නමුත් සහම්පතී නම් බ්‍රහ්මයා මැදිහග් වී ධර්මය අවබෝධ කර ගැනීමට සමත් පිරිදක් ද සිටිය හැකි බව පවසා බුදුරාජාණන් වහන්සේට ඇති මහා කරැණාව හේතුවෙන් බුදුරජාණන් වහන්සේ ඔවුනේ ගුරැවරයා පවට පත්වීමට එකග විය.

"https://si.wikipedia.org/w/index.php?title=බුද්ධත්වයට_පත්වීම&oldid=469937" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි