බිලී බාන්ස් (ක්‍රිකට් ක්‍රීඩකයා)

විකිපීඩියා වෙතින්
බිලී බාන්ස්
බිලී බාන්ස්
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමවිලියම් බාන්ස්
උපත27 මැයි 1852(1852-05-27)
සට්න්-ඉන්-ඇෂ්ෆීල්ඩ්, එංගලන්තය
මරණය24 March 1899(1899-03-24) (වයස 46)
මැන්ස්ෆීල්ඩ් වුඩ්හවුස්, එංගලන්තය
පිතිකරන විලාසයදකුණතින්
පන්දුයැවීම් විලාසයදකුණතින් වේග-මධ්‍යම
ජාත්‍යන්තර තොරතුරු
ජාතික කණ්ඩායමඑංගලන්තය පිරිමි ක්‍රිකට් කණ්ඩායම
දේශීය කණ්ඩායම් තොරතුරු
වසරකණ්ඩායම
1875–1894 නොටිංහැම්ෂයර්
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි ටෙස්ට් පළමු-පෙළ
තරග 21 459
රැස් කල ලකුණු 725 15,425
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 23.38 23.19
100ඒවා/50ඒවා 1/5 21/69
වැඩිම ලකුණු 134 160
යැවුනු පන්දු 2,289 42,428
කඩුළු 51 902
පන්දු යැවීමේ සාමාන්‍යය 15.54 17.12
ඉනිමකදී කඩුළු පහක් 3 45
තරගයකදී කඩුළු 10 ක් 0 10
හොඳම පන්දු යැවීම 6/28 8/64
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 19/– 342/3
මූලාශ්‍රය: ක්‍රික්ඉන්ෆෝ, 2009 2 ඔක්තොම්බර්

විලියම් බාන්ස් (27 මැයි 1852, එංගලන්තයෙහි, නොටිංහැම්ෂයර්හී, සට්න්-ඉන්-ඇෂ්ෆීල්ඩ් හිදී – 24 මාර්තු 1899, එංගලන්තයෙහි, නොටිංහැම්ෂයර්හී, මැන්ස්ෆීල්ඩ් වුඩ්හවුස් හිදී) යනු, නොටිංහැම්ෂයර් කණ්ඩායම වෙනුවෙන් 1875 සිට 1894 දක්වාද එංගලන්තය වෙනුවෙන් 1880 සිට 1890 දක්වාද ක්‍රීඩා කල වෘත්තීමය ක්‍රිකට් ක්‍රීඩකයෙකි. 1890 වසරෙහිදී වසරේ විස්ඩන් ක්‍රීඩකයන් අතුරින් එක් අයෙකු ලෙසින් ඔහු නම් කෙරිණි. ඕස්ට්‍රේලියාව වෙත තෙවරක්ද උතුරු ඇමරිකාව වත එක්වරක්ද බාන්ස් සංචාරයෙහි යෙදිණි. 1895 සිට 1898 දක්වා ලෝඩ්ස් පිටියෙහි පිටිය_කාර්ය මණ්ඩලයෙහි සේවය කල බාන්ස් අවශ්‍ය විටෙක විනිසුරු ලෙසින්ද කටයුතු කලේය. තරග නොපැවැත්වුණු අවාරයෙහිදී, මැන්ස්ෆීල්ඩ් වුඩ්හවුස්හී ඒන්ජල් ඉන් තානායමෙහි ඔහු අයිතිකරු විය. 1899 මාර්තු මාසයෙහිදී ඔහු මිය ගියේ එහිදීය. ඔහු පිළිබඳව සුළු පමණින් දන්නා කරුණක් වන්නේ ඔහුට දත් නොතිබූ බවයි.

ඔහුගේ බිරිය, එලිසා නම් වූවාය. ඔහු වෘත්තිමය වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙහි යෙදුනද, එය හුදෙක් ගිම්හාන කාලයෙහි වෘත්තිය වූ අතර, 1881 ජන සංගණනයෙහිදී ඔහුගේ වෘත්තිය වශයෙන් සඳහන් කෙරුණේ කපු කැටීමයි. ඔහුගේ සෙහොයුරු තෝමස් සහ බෑනා ජේම්ස් බාන්ස් යන දෙදෙනම, පළමු-පෙළ ක්‍රිකට් ක්‍රීඩා කලහ.

ආශ්‍රිත[සංස්කරණය]

ක්‍රීඩා පිටියෙහි බිලී බාන්ස්