බිඳුණු හදවත

විකිපීඩියා වෙතින්

Broken heart යන ඉංග්‍රීසි යෙදුම වූකලී යමෙකු තමන්විසින් හදවතෙන්ම ආදරය කල තැනැත්තෙකුගෙන් වෙන්වීයාමක්,එවන් තැනැත්තෙකුගේ මියයාමක් දික්කසාද වීමක් හෝ සම්බන්දතාවයක් නතරකෙරීම වැනි සිදුවීමක් නිසා දැනෙන චිත්තවේගාත්මක වේදනාව විස්තර කිරීමට බහුල ලෙස භාවිතාවෙන සංකල්පසය වදනකි. මෙම වදන සිංහලට "බිඳුණු හදවත" ලෙස පරිවර්තනය කල හැක.

මෙම වේදනාව සාමාන්යෙන් අදාල වනුයේ තම ජීවන සහකරු/සහකාරියගේ හෝ තමන් විවාහ වීමේ පරමාර්ථයෙන් ආදරය කල තැනැත්තෙකු ගේ වෙන්වීයාමක් සමග වන නමුදු තම දෙමව්පියන්, සමීප මිතුරෙකු හෝ තම සුරතල් සත්වයාගෙන් වෙන්වීයමක්ද කෙනෙකුගේ හදවත බිඳීමට සමත්විය හැක.තවද මෙම වදන යමෙකු මෙවැනි වෙනවීමක් නිසා කායික වශයෙන් හදවතේ දැනෙන වේදනාව හැඳින්වීම සඳහාද බාවිත කල හැක. බිඳුණු හදවත සාමාන්‍ය වශයෙන් රුපකයක් වුවද මෙනමින් හඳුන්වන රෝගාත්මික තත්වයක්ද ඇත.බිඳුණු හදවත සහලක්ෂනයේදී යමෙකු එහතකී වේදනාත්මක අවස්ථාවකට මුහුණදීමෙන් පසුව ඔහුගේ මොලයවිසින් හදවතේ පටක වලට හානිකරන රසයනක ද්‍රව්‍ය මුදාහැරීම සිදුකරනු ලැබේ.

දාර්ශනික අදහස්[සංස්කරණය]

බොහෝ පුද්ගලයන් මෙවැනි වේදනාත්මක අවස්ථාවකට මුහුණ දීමෙන් පසුව වුවද තමන් බිඳුණු හදවත තත්වයට පත්වන බව මුලින් අවබෝද වන්නේ නැත. ඒ මක් නිසාදයත් මෙම තත්වයේ සැබෑ කායික හා මානසික වේදනාව ළඟාවීම උදෙසා යම් කාලයක් ගතවන බැවිනි. Jeffrey Moussaieff Masson මහතා පවසන පරිදි: මනුශ්ෂයන් සමවිටකම තමන්ට දැනෙන දේ පිලිපන්දව අවධානයෙන් නොසිටිති. ඔවුන්, සත්වයන් ලෙසම තමන්ට දැනෙන දෙය වචනයෙන් ප්‍රකාශ කිරීමට අපොහොසත් වෙති.තත්වය මෙය වූ පලි ඔවුන්ට හැඟීම් නොමැත යන්නෙන් යමෙකුට ප්‍රකාශකළ නොහැක.තවද පිරිමියෙකුට යම්කිසි කාන්තාවක් කෙරෙහි අවුරුදු 6කට පවා ප්‍රේම කලද, එම අදාල පුද්ගලයා එය නොදන්නා බවත්, එය අවබෝධ වන්නේ තවත් අවුරුදු කීපයකට පසු බවත් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අනුමාන කලේය. එකී පුද්ගලයා කෙතරම් දක්ෂ පුද්ගලයෙකු වුවද තමන් විසින් නොදන්නා දෙයක් වචනයෙන් කීම සිදු කල නොහැක. ඔහුට එම හැගීම් තිබුනද ඒවා පිලිබඳ අවබෝදයක් ඔහුට නොතිබුනේය. මෙය යමෙකුය පරස්පරවිරෝධි ලෙස හැගීමට පිළිවෙන, මක්නිසාදයත් යමෙකු විසින් තමන්ට දැනෙන හැගීමක් පිළිබඳව සිතනවිට ඔහුට එය ගැන යතාවබෝදය නොලැබුනද එම හැංගීම තමන් තුල පවතිනබව අවබෝද විය යුතුය. ෆ්‍රොයිඩ් මහතාගේ 1915 දී පළවුණු "The Unconscious" ලිපියේ මෙසේ සඳහන් වේ. කිසියම් හැගීමක් ගැන අවබෝදය ලැබීමට එහි සත්‍ය තත්වය වටහා ගත යුතුය. ඒ අනුව බලන කල යමෙකු විසින් නිසි ආකාරයෙන් වටහා නොගත් හැගීම් රාශියක් ඔහු හෝ ඇය තුලු පැවතිය හැක

ධාර්මික අදහස්[සංස්කරණය]

බුද්ධ ධර්මය[සංස්කරණය]

ශෝකය හා දැඩි වේදනාව පිළිබඳව බුදුහාමුදුරුවෝ මෙසේ උපදේශ කරන ලදි. "අහෝ භික්ෂුනි, සෑම පුරුෂයෙකු, කාන්තවකු, හෝ පූජකයකු, ප්‍රේමය ඔවුනොවුන්ගෙන් පලා යන බව සිතන්නේ මන්ද? එහි වාසිය කුමක්ද? සියලු ආකාරයේ ප්‍රේමය හා ළැදිකම අන්තිමට වැරදි වාචික, කායික, මානසික ක්‍රියාවන්ට නියැලෙයි. මෙසේ සිතීමෙන් ආදරය කෙරෙහි දක්වන ළැඳියාව අඩු වේ. ඒ හෙයින් අසව් ඔබ සැම, මෙසේ කල්පනා කිරීමට බලාගන්න"

පැරණි යොමුවන්[සංස්කරණය]

බයිබලය දාවිත් රජු වින්දාවූ ශෝකය ගැන ගීතාවලියේ සඳහන් කරයි. දාවිත්රජු පවසනේ ඔහුගේ හදවත නිග්‍රහයන් නිසා බිඳී ඇතත් නැති වීමක් හෝ වේදනාවක් නැති බවයි. තවත් ප්‍රසිද්ධ විශ්වාසයක් වන්නේ සුළුවෙන් හෝ විශාල ලෙස වන ප්‍රතික්ෂේපය යමෙකුගේ හදවත බිඳිය හැකි බවයි. ඔබ ආදරය කළ හෝ ගරු කළ පුද්ගලයකුගෙන් මෙම ප්‍රතික්ෂේපයවෙයි නම් හදවත බිඳීමේ තීව්‍රතාවය ඉහළ යයි. ෂේක්ස්පියර්ගේ නාට්‍ය වල එන ඇහෙනොබාබස් වැනි චරිත හදවත් බිඳීම නිසා මරණයට පත්වෙයි.

බිඳුණු හදවත් සංධාවය[සංස්කරණය]

විවිධ වංශකථාවන් වල නොයෙකුත් චරිත අතිශය ප්‍රබල නැතිවීම් නිසා තම ජීවන ගමන නතර කර ගන්නා අවස්ථාවන් ඇත. සැබැ ජීවිතයේද මෙසේ, ප්‍රේමය හා සම්බන්ධිත වූ දැඩි වේදනා හේතුකොටගෙන නොයෙකුත් පුද්ගලයන් මරණයට පත් වේ. මෙම රෝගාකාර තත්වයට හේතු වන මූලිකම සාධකයක් වනුයේ තම භාර්යාව හෝ සැමියා ජීවිතක්ෂයට පත්වීම වූවත්, සමහරක් අවස්ථාවලදී පැහැදිලිව මීට හේතු හඳුනාගත නොහැක. බිඳුණු හදවත් සංධාවය සායනිකව හදවත් රෝගයකට වඩා වෙනස්වන අතර හදවත් රෝගීන්ට අවදානම් සාධක කිහිපයක් පවතින නමුඳු මොවුන්ට එබඳු කිසිදු ලක්ෂණයක් නැති අතර මොවුන් මෙයට පෙර නිරෝගී තත්වයේ පසුවූ වන් වෙයි..හදවත් රොගයක් සුව වීමේ ප්‍රතිශතයට වඩා" බිඳුණු හදවත් සංධාවය" සුවවීමේ ප්‍රතිශතය ඉහළ වන අතර සම්පූර්ණ සුව වීමක් සති දෙකක් ඇතුළතදී ළගා කරගත හැක.


ආශ්‍රිත හැඟීම්[සංස්කරණය]

බිඳුණු හදවත් සංධාවයහි රෝගලක්ෂන මානසික අපහසුතාවයන් ඔස්සේ වර්ධනය විය හැකි වුවද බොහෝ බලපැම් කායික බලපැම් වෙයි.බොහෝ රෝගලක්ෂන විස්තර කල නොහැකි මට්ටමේ වුවද පහත ලක්ෂන පොදු වුවන් ලෙස දක්විය හැක

  • ව්‍යග්‍රතාව
  • බඩේ කැක්කුම
  • නිදාගන්නට බැරිකම
  • කෝපය
  • කම්පනය
  • සාංකාව
  • උදාසීනකම
  • නිස්ස්වාදනය
  • තනිකම
  • නෂ්ටාපේක්ෂාව
  • ඔක්කාරය
  • බලවත් වෙභෙස
  • උච්චතම අවස්ථා වලදී මරණය

මේ ලිපිත් බලන්න[සංස්කරණය]

යොමුව[සංස්කරණය]

1.[1]General McCarthy: When Elephants Weep: The Emotional Lives of Animals 2.Buddhist Teachings Distribution Foundation. Retrieved 2009-03-04 3. "Study Suggests You Can Die of a Broken Heart". Washington Post. Retrieved 2006-09-23. 4. Broken Heart” Syndrome: Real, Potentially Deadly but Recovery Quick". Johns Hopkins Medicine. February 9, 2005. Retrieved 2006-09-23

"https://si.wikipedia.org/w/index.php?title=බිඳුණු_හදවත&oldid=250632" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි