බැම සුදු පවන් පෙන්දා

විකිපීඩියා වෙතින්

බැම සුදු පවන් පෙන්දා (White-browed Fantail)

White-browed Fantail

විද්‍යාත්මක නාමය : Rhipidura aureola

කාක ගණයට අයත් පක්‍ෂියෙකි. වැඩුනු කුරුල්ලා 18cm (අඟල් 7) දිගය. ශරීරය ඉහල අඳුරු දුඹුරු හෝ කථ දුඹුරු පැහැතිවේ. පුළුල් ඇහිබැම සුදු පැහැති වන අතර එය නලලේදී එකතුවේ. තටු කෙලවර සුදු පැහැ තිත් පේලි දෙකකි. වලිගය හා පිහාටු මැද දුඹුරු පැහැයට හුරුවේ. උගුර පුදේශය සුදු පැහැ වන අතර පපුව හා යටිබඩ ප්‍රදේශද සුදුපැහැවේ. ‍හොට, කකුල් හා ඇස් කළු පැහැතිය. මොවුන්ගේ ගැහැණු සතුන් පිරිමි සතුන්ට වඩා මඳක් දුඹුරු පැහැතිය. 

සෑම විටම ක්‍රියාකාරී වන අතර නිතරම පෙඳය ඉහල පහල කරමින් සිටිනු දැකිය හැක. නිරතුරු ලඟපාත ඇති අතු අතර සරමින් සිටී. මේ නිසා නටන කුරුල්ලා එසේ නැතිනම් පාන් කිරිත්තා යන නමින් හැඳින්වෙන්නේද මෙම කුරුල්ලාමය. යුගල් වශයෙන් සිටීමට කැමැත්තක් දක්වයි. නමුත් සමහර අවස්තාවල කුඩා කණ්ඩායම් වශයෙන්ද සිටී. සිවුරු හඬලනවා වැනි නාදයක් කරන අතර එය ආවර්තිකය. නමුත් අනතුරකදී වේගයෙන් නාද කරනු ඇසිය හැක. සාමාන්‍යයෙන් සාමකාමී කුරුල්ලකු වන අතර මොවුන්ගේ ප්‍රධාන ආහාරය වශයෙන් පියාඹන කෘමි සතුන් ආහාරයට ගනී. ගවයන් වැනි සතුන් ආශිතව ඇති මැස්සන් වැනි කෘමීන් ආහාරයට ගනිමින් ඒ අවට සැරිසරන නිසාවෙන් මොවුන් එ‍ඬේර කුරුල්ලා වශයෙන්ද හැඳින්වේ. කෘමීන් පසුපස හඹාගොස් දඩයම් කර කුඩා අත්තක් මත හිඳ ගොදුර ගිල දමයි.

විවිධ තැන් වල විවිධ අභිජනන කාල දක්වා ඇති අතර එයට හේතුව මෝසම් කාලයන් අනුව අභිජනන කාලය වෙනස්වීම යැයි සිතිය හැක. නමුත් වැඩි ප්‍රමාණයක් අප්‍රේල් මැයි කාලයේදී වාර්තා වී ඇත. මොවුන් වැඩි වශයෙන් නැගෙනහිර, නිරිත දිග ලංකාවේ දැකිය හැක. කෘමිනාශක ආදිය භාවිතය මොවුන්ගේ ජීවිත වලට තර්ජනයක්ව පවතී.


"https://si.wikipedia.org/w/index.php?title=බැම_සුදු_පවන්_පෙන්දා&oldid=469090" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි