බැබිලෝනියානු සාහිත්‍යය

විකිපීඩියා වෙතින්

බැබිලෝනියානු සාහිත්‍යය ලෝකයේ පැරණිම සාහිත්‍යයන් අතරින් එකකි. සුමේරියන් සාහිත්‍යයේ සම්ප්‍රදායන් උකහා ගනිමින් බැබලෝනියානුවන් පුරාණෝක්ති වෘතාන්තයන්, නිති ග්‍රන්ථ, විද්‍යාත්මක කෘති, ලිපි හා අනෙකුත් සාහිත්‍ය ස්වරුපයන්ගේ විශාල ග්‍රන්ථ සම්ප්‍රදායක් සම්පාදනය කළහ. ලිවිමේ හැකියාව සහිත සමාජයක් ලෙස බැබිලෝනියාව සිය ශ්‍රේෂ්ඨ සාහිත්‍ය කෘතින් සහ භාෂා ශාස්ත්‍රය ප්‍රගුණ කිරීම් කෙරෙහි විශාල ගෞරවයක් ආරෝපණය කළේය.


බැබිලෝනියානු සමාජයේ සාහිත්‍යය[සංස්කරණය]

බැබිලෝනියානුවන්ගේ අප වෙත ලැබි ඇති බොහෝ දේ මැටි පුවරු මත ලෝහ පන්හිඳකින් කිලාකාරව කොටන ලදි. මේවා වැඩිමහලූ ප්ලයිනි විසින් ‘ලැටකියුලේ කොකටයිල්ස්’ ලෙස හැදින්විය. මේ සදහා පැපිරස් ද යොදා ගනු ලැබු නමුත් ඒවා විනාශ වි ඇත.


අනෙකුත් පැරණි සාහිත්‍යයන් හා සම්බන්ධතාවය[සංස්කරණය]

බැබිලෝනියානු සාහිත්‍යයේ සැලකිය යුතු කොටසක් සුමේරියානු මුල් කෘතිවලින් පරිවර්තනය කරනු ලැබු ඒවා වු අතර නිතිය හා ආගම පිළිබඳව භාෂාව සුමේරියාවේ පැරණි සංකලන භාෂාව ලෙස දිර්ඝ කාලයක් පැවතිණි. ශබ්ද මාලාවන්, ව්‍යාකරණ. පේලි අතර පරිවර්තනයන් හා පැරණි ග්‍රන්ථ පිළිබඳ විවරණයන් ද නොපැහැදිලි වචන හා වාක්‍යාංශ පිළිබද පැහැදිලි කිරිම් ද ශිෂ්‍යයන්ගේ භාවිතය සදහා සම්පාදනය කරනු ලැබිණි. අක්ෂර මාලාවන්හි අක්ෂර සියල්ල පෙළගස්වා නම් කරන ලද අතර ඒවායෙ සවිස්තරාත්මක ලැයිස්තු සකස් කරන ලදි.


සටහන්[සංස්කරණය]

|Babylonian literature |-