බැංකු

විකිපීඩියා වෙතින්
1970

බැබිලෝනියානු හා ඇසිරියානු ශිෂ්ටාචාරවලදි මිනිසුන්ගේ ධාන්‍ය අස්වනු මිලට ගන්නා වෙළඳුන්ගෙන් බැංකු ක්‍රම වල ආරම්භය වශයෙන් පිලිගැනේ. එය ඉතාමත් ප්‍රාථමික වශයෙන් දියුණුවෙමින් පවතින යුගයක් බැවින් මූල්‍ය ක්‍රමවල වටිනාකම එදවස ඔවුනට නොතේරෙන්නට ඇති. නමුත් මේ ධාන්‍ය අස්වනු මිලට ගන්නා මෙම කණ්ඩායම් අද බිහි වී ඇති විශාල බැංකු සමාගම්වලට පාදම වැටුනු බව ඔබ විටෙක පිලි නොගන්නවා විය හැක. අද බිහිවී ඇති විශාල මූල්‍ය සමාගම් විසින් ලබා දෙන සේවා හා විශාල පරතරයක් එදා බැබිලෝනියානු හා ඇසිරියානු ශිෂටාචාර තුල දක්නට ලැබෙන මේ ධාන්‍ය වෙළඳුන් මිලට ගන්නා ධාන්‍ය අතර පවතී. ඒ ක්‍රිස්තු පූර්ව දෙදාහ වන විට ඇසිරියානු හා බැබිලෝනියානු ශිෂ්ටාචාරවල දක්නට ලැබෙන බංකු ක්‍රමයයි. නමුත් මීට වසර සියගණනකට පසුව බිහි වෙන ග්‍රීසිය තුල පොලියට ණය ලබා දෙන සේවයක් බිහි විය. එය පසුව විරාජමානව වැජබෙන රෝම අධිරාජ්‍ය තුලදීද මෙය දක්නට ලබේ. මෙම පොලියට ණය ලබා දෙන සේවා ආගමික ස්ථානවල ක්‍රියාත්මක විය. මොවුන් විසින් සමාජයේ ඉහල පැලැන්තියේ වෙසෙන ප්‍රභූන්ට මෙන්ම ඉහළ නිල තල ඇති ධනවත් පුද්ගලයන්ගේ ධනය එක්‍රැසි කොට එයට පොලී ගෙවීමක් සිදු කරනු ලැබූහ. මහජනයා හට එම එකරැස් කර ගත් මුදල් ලබා දී එකතු කරගන්න පොලියෙන් කිසියම් ප්‍රතිශතයක් එමමුදල් තැන්පත් කරුවන්ට ඔවුන් ලබා දෙයි. රෝම හා ග්‍රීසිය තුල දක්නට ලැබුනු ණයට ලබා දීම අතීතයේදී චීනය හා ඉන්දියාවේද දක්නට ලැබුනි. එය ඉතාමත් ප්‍රාථමික නමුත් බැබිලෝනියානු ශිෂ්ටාචාර ක්‍රමයට වඩා ඉතා ඉහල පිලි ගනීමක් ලැබුනි. නමුත් පුනරුද සමයේදී මූල්‍ය ක්‍රම ඉතාමත් ඉහලින් පැවතුනි. ඉතාලිය විසින් අද පවහින නවීන බැංකු වල ආරම්භය සනිටුවහන් වුනි. එකල යුරෝපයේ ධනවත් වෙළෙඳ නගර වූ ෆ්ලෝරන්ස්, වැනීසිය ජිනෝවා වැනි ඉතාලි වෙළෙඳ නගර තුල බැ\කු ක්‍රම දක්නට ලැබුනි. බාර්ඩි පෙරුසි පරම්පරාව විසින් මුලු යුරෝපය පුරාම ෆ්ලෝරන්ස් නගරය පදනම් කොට ගෙන බැංකු බිහි විය. නමුත් ඉතාමත් සුප්‍රසිද්ධ බැංකුවක් ලෙස ප්‍රසිද්ධ මෙඩිසි බැංකුව ගියෝවෙනි මෙඩිසි විසින් 1397දී අරම්භ කරන ලදී. බැංකු ක්‍රම වල ඉතාමත් දියුණු පරිචයක් ඈම්ස්ටර්ඩෑම් නගරය තුලදී දාහත්වන සියවසේදී ලන්දේසී පාලන යුගයේදී ඇති විය. අලුතින් නව සංකල්ප 17වන සියවසේදී මෙන්ම දහ අටවන සියවසේදී ලන්ඩනය නගරය මුල්කරගෙන බිහි වූ බැංකු ව්සින් ඉදිරිපත් කලහ. නමුත් විසිවන සියවසේදී අන්තර්ජාලය හා පරිගණක ගත මෙහෙයුම් නිසා ගණු දෙනු කරුවන් වෙත හා එම කාර්යය මණ්ඩලයන් වෙත ඉතාමත් පහසුවෙන් මෙම බැංකු සේවා ලබා දීමට හැකි විය.

මුදල්[සංස්කරණය]

බැංකු වල ඉතිහාසය අධ්‍යනයේදී මුදල් වල ඉතිහාසය ද එකිනෙකට බද්ධ විෂය දෙකකි. මන්ද මුදල් භාවිතයක් නොමැතිව බැංකු ක්‍රම ගැන විස්තර කිරීම ඉතාමත් අපහසු බැවිනි. නමුත් මෙහිදී බැංකු බිහි වීමට මුදල් ඉතා විශේෂ ක්‍රියාදාමයක් ඉටු කල ද, අතීතයේදී මෙය ආහාර ද්‍රව්‍ය භාවිතා කොට ගෙන සිදු විනි. මන්ද ක්‍රිස්තු පූර්ව 9000 වන විට ආහාර ද්‍රව්‍යවලට ඉතාමත් ඉහල ඉල්ලුමක් හා පිලිගැනීමක් ඇති වූ බැවිනි. එකල වෙළඳාම වෙනුවට බාටර් ක්‍රමය වශයෙන් හැඳින්වූ ක්‍රමයක් තිබිණි. එමගින් එකිනෙකා අතර භාණ්ඩ හුවමාරුව මගින් තම අවශ්‍යතා ඉටු කරගනු ලැබිනි. ක්‍රිස්තු පූර්ව 2500 වන විටදී ඔබ්සිඩියම් භාවිතය මගින් වෙළෙඳාම සිදුකරනු ලැබිනි. මධ්‍යධරණී මුහුද ආශ්‍රිත වෙරළ ප්‍රදේශයන්හී ඔබ්සිඩියම් ඉතා ඉහල වශයෙන් දක්නට ලැබිනි. සර්ඩිනියා ඉතා සුප්‍රකට ඔබ්සිඩියම් නිධියක් පවතින ස්ථානයකි. නමුත් ඉතා දුර්ලභ ඔබ්සිඩියම් ලෝහය නිසා වෙළඳ අවස්ථා තඹ හා රිදී ලෝහයන්ට බැර විනි. ඒ තුන්වන සියවසේදීය. නමුත් දොලොස්වන සියවසේදී දඩයම් යුගය අවසානයේදි හා කෘෂිකාර්මික යුගය ආරම්භයේ දී මානව වර්ගයාගේ පැවැත්ම ජලය ආශ්‍රිත නිම්නයන් හීදී ඇති විනි. එමගින් දඩයම් යුගයේදී මෙන් සත්ව දඩයම් කිරීම් පසෙක ලා සත්ත්වයන් ඇති කිරීම හා ගොවිතැන් කිරීම නිසා මානව ජීවන තත්ත්වය උසස් විනි. එමගින් වෙළඳාම ආරම්භ වීම හා විදිමත් මූල්‍ය ක්‍රම වල අවශ්‍යතාව පැන නැගිනි.

මුල් යුගයේ බැංකු ක්‍රම[සංස්කරණය]

අතීතයේදි රටේ ධනය පූජනීය ස්ථානවල තැන්පත් විනි. එය රටේ ආරක්ෂිත හා ප්‍රධානම දෙවොලේ තැන්පත් කිරිනි. මෙය මහජනතාව හට ගනු දෙනු කිරීමට නොහැකිය. එය රටේ රජතුමා විසින් අත්‍යාවශ්‍ය ගොඩනැගීම් හා විවිධ උත්සව අවශ්‍යතා වලට පම්ණක් යොදා ගැනිනි. ඉන්දීයාව හා චීනය විසින් සොයා ගත් ඇබකසය ගනිත් කර්ම සිදු කිරීම ඉතා පහසු කරලීය. එනම් මෙසපොතේමියානු හා ඉන්දුනිම්න ශිෂ්ටාචාර වලදී ඇබකසය මගින් ධාන්‍ය ගබඩාවන් ගණිත් කර්ම සිදු කිරීම ඉටු කෙරිනි. මෙසපොතේමියානු ශිශ්ටාචාරයේදී මැටි ලේකන මගින් මෙම ගනිත කර්ම සටහන් කෙරිනි.මෙමගින් අනාගතයේදී ඇතිවන අවශ්‍යතාවලට යොදා ගැනීම සඳහා විශේශ ස්ථානයක මෙස්පොතේමියානු ශිශ්ටාචාරයෙඔ ඇති දේවස්ථාන ආශ්‍රිතව තැන්පත් කෙරිනි ඊජිප්තුව තුලද විශේෂ විදිහට සකසන ලද පූජනීය ස්ථාන වලදී ධනය තැන්පත් කිරිනි. එය ආරක්ෂාවට හා අත්‍යාවශ්‍ය අවස්ථාවල ප්‍රයෝජන තකාය. අනෙකුත් අධිරාජ්‍යන් වලද මෙන්ම ඊජිප්තුව තුලද ධාන්‍ය වල ඉතාමත් වැදගත් ස්ථානයක් අනෙකුත් ලෝහ වලට මෙන්ම තිබිනි. ධාන්‍ය බැංකු ඉතාමත් විශාල ප්‍රමාණයක් ගොවි ජනපද ආශ්‍රිතව මෙන්ම එකිනෙක නගර ආශ්‍රිතව ස්ථානගත් කර තිබිනි. වේද යුගවලදී මෙන්ම බුද්ධ යුගයේදීද "ආදේශ" නම් ක්‍රමයක් තිබිනි. එමගින් මුදල් ණයට ගත් පුද්ගලයා විසින් විනිමය බිලක් ලෙස ක්‍රියා කරන ලිපියක් ලභා දීම එහිදී සිදුවිනි. එමගින් එය වෙන පුද්ගලයෙක් වෙත් ලබා දී ගනුදෙනු කිරීමේ හැකියාවක් එයට තිබිනි. චීනයේදී කින් අධිරාජයාගේ සමය වන විටදී චීන මුදල් ක්‍රමය සම්මත් මුදල් ඒකකයක් බිහි විනි. එමගින් චීනය පුරා ගනුදෙනු කිරීම ඉතාමත් පහසු විනි.

මධ්‍යතන යුගයේ බැංකු ක්‍රම[සංස්කරණය]

වර්ථමාන බැංකු ක්‍රම වලට පාදම මධ්‍යතන යුගයේදී ඉතාලියේ සිදු විනි. මධ්‍යතන යුගයේදී සේද මාවතේ ඉතාමත් වැදගත් කේන්ද්‍රස්ථානයක පිහිටි ඉතාලිය මෙම බැංකු ක්‍රම ඉතාමත් විදිමත් විදිහට පවත්වා ගෙන ගියහ. ධාන්‍ය ආරක්ෂාව මංකොල්ල කරුවන්ගෙන් මෙන්ම ආක්‍රමණිකයන්ගෙන් ධනය ආරක්ෂා කරගැනීමට මෙම මූල්‍ය බැංකු ඉතාමත් වැදගත් ක්‍රියවන් රැසක් ඉටුකරනු ලැබිනි. මුලදි මූල්‍ය පාලනය යුදෙව් ජාතිකයන් විසින් ඉටු කරනු ලැබිනි. මොවුන් ඉතාලියේ වෙළෙඳ නගර වල සිට මෙම ව්‍යාපර වල නිරත විනි. නමුත් යුදෙව්වන් හට මුලු ඉතාලිය පුරා නොසිට පිසා වැනි නගර වල ඔවුන් තම මූල්‍යා ව්‍යාපර දියත් කෙරිනි. එකල පල්ලිය විසින් ගොවීන් හට ඉතාමත් ඉහල බදු අය කරගනිමින් සිටියහ. එබැවින් පල්ලියෙ ඇති නය පිය වීම සඳහා යුදෙව් ජාතික ණය ලබා දෙන්නන්ගෙන් පොලියට නය ලබා ගනු ලැබිනි. යුදෙව් ජාතිකයන් අතීතයේ සිට සහන දායි අන්දමට ණය සැපයීම සිදු කොට ඇත. මෙම යුගයේදී ඉතා වේගයෙන් බැංකු ක්‍රම දියුණුවට පත්විය. ගොවීන්ගෙන් ධාන්‍ය මිලදී ගැනීම හා ඒවාට ණය සැපයීම නිසා මෙම බැංකු කරුවන් දියුණුවට හා ඇදිකා ලාභ ඉපැයූහ. එබැවින් ඔවූහූ බෙන්ච් නමින් හැඳින්වූක. පසු කාලයේදී බෑන්ක් ලෙස එය වෙනස් විය. මොවුන් අනෙකුත් අයට ණයට දීම හා බැංකු තැන්පතු පවත්වා ගෙන ගියහ.

මුල්ම බැංකුව[සංස්කරණය]

ඉතාලි බැංකු කරුවන්, ලොව ප්‍රථම බැංකුව ස්ථාපිත කලේ වැනීසිය. ඒ 1157 වර්ශයේදී. මැසාඩිට අනුව මෙය වැනීසි වැසියන්ගේ අතිරික්ත මුදල් ආරක්ෂිතව තැන්පත් කිරීමට දෙවෙනි අර්බන් පාප් වහන්සේ විසින් නියොග කරන ලද්දක් බවය. මෙහි කිසියම් ප්‍රතිශතයක් යටතේ ණය් දීමද සිදු කරනු ලැබිනි. එය සාමාන්‍ය ප්‍රතිශතය සීයට හතරකි.මෙහිදී මුදල් තන්පත් කරුවන්ට කිසියම් ප්‍රතිශතයක් පොලී ගෙවීමක්ද හඳුන්වා දී ඇත. මෙය පසු කාලීනව වැනීසි බැංකුව ලෙසද හඳුන්වනු ලැබිනි. එහි ආරම්භක ප්‍රාග්ධනය ඩුකාට්ස් ලක්ෂ පනහකි. එය දොලොස් වෙනි සියවසේ සිට 1797දී ඇතිවුනු ප්‍රංශ ආක්‍රමණය දක්වා එය ක්‍රියාත්මක වූ බව වාර්ථා වේ. එය යුරෝපයේ ස්ථාපිථ ප්‍රථම රාජ්‍ය බැංකුව ලෙසද හැඳින්වේ. ෆ්ලෝරන්සය පදනම් කොට ගෙන යුරෝපය ධනවත්ම හා බලගතු පවුල් බැංකු කටයුතු ආරම්භ කෙරිනි. මෙහිදී අසියෝලී සහ මොසී මෙන්ම බාර්ඩී සහ පෙරුසි වැනි පවුල් විශේශ තැනක් ගනී. මොවුන් මුලු යුරෝපය පුරාම තමන්ගේ ශාකා ව්‍යාප්ත කෙරිනි. මුලු යුරෝපයේ පිහිටි ප්‍රසිද්දම බැංකුව ලෙස මෙඩිසි බැංකුව නම් කල හැක. එය 1397 සිට 1494 දක්වා පැවැත්විනි. එය ජියෝවෙනි ඩි බෙසි ඩි මෙඩිසි විසින් ආරම්භ කරන ලද බව පැවසේ. 1327 වන විට ලෝකයේ බැංකු කටයුතු පිලිබඳ ප්‍රසිද්ධම රට විදිහට ඉහාලිය පත්විය ඇවිගොන් නැමැත්තා හට මුලු ඉතාලිය පුරාම ශාකා 43 තිබී ඇත. කෙතරම ප්‍රසිද්ද වීද යත් එංගලන්තයේ තෙවන එඩ්වර්ඩ් රජතුමාද ඉතාලි බැංකුවලින් නය ලබා ගත් බැවි පැවසේ. නමුත් ඉතාලි බැංකුවල පිරිහීම ඉතාමත් ක්ටි කාලයකදී සිදු විය. එනම් බාර්ඩි පවුලේ බැංකුව 1343දී මෙන්ම 1346 දී පෙරුසි පවුලේ බැංකුවද කඩා වැටිනි. නමුත් ඉතාලි බැංකුවල ආගමන්යත් එක්කම ආරම්බවුනු ප්‍රංශයේ ලොම්බාර්ඩ් මුදල් සමාගමක් නගරයෙන් නගරයට ගොස් මුදල් ගනුදෙනු කරන ලද බැවි පැවසේ. මෙම සංචාරක ලොම්බාර්ඩ් ගමන්ගතය ආරම්බ වන්නේ විසි දෙවෙනි ජෝන් පාප් වහන්සේගේ උපන් ස්ථානය වන කහරෝස් සිට ෆිගේක් වලටයි. නමුත් 1400 වන විට යුරෝපා දේශපාලනය කිසියම් ඉතාලි විරෝධී පසුබිමක් ඇති විය. ඇරගොන්හී පලවෙනි මාර්ටීන් රජතුමා ඉතාලි බැංකුකරුවන් තහනම් කෙරිනි. එංගලන්තයේ හතරවෙනි හෙන් රි රජතුමා එංගලන්තයේ ඉතාලි බැංකු ගණුදෙණු තහනම් කෙරිනි. මොවුන් සමහරක් හිර ගත කිරීම් \ද සිදු කරන ලදී. 1410දී ඉතාලි බැංකු කරවන් හට පැරීසියට පැමිණීමද තහනම් කරන ලදී. නමුත් 1407දී ආරම්බ කරන ලද ශාන්ත ජෝජ් බැංකුව ජිනෝවා හීදී අරම්භ කරන ලදී. එය මධ්‍යදරණී මුහුදු කලාපයේ නිල බැංකු සේවා සපයන්න ලෙසද නම් කරනු ලැබිනි. කෙසේ වෙතත් ඉතාලි බැංකු ආධිපත්‍ය කෙමෙන් කෙමෙන් බටහිර යුරෝපය වෙතට යනු මෙම අවදියේදී දක්නට ලැබිනි. රිදී අර්බුදය, 1390 වන විට වැනීසියට වඩා යුරෝපයේ අනෙකුත් ප්‍රදේශවලට රිදී අඩුවෙන් ගලා යාමක් දක්නට ලැබිනි. රිදී ආකරයක් වුනු කට්නා හරා 1370දී වසා දමන ලද බැව් පවසේ. එය සිගිස්මන්ඩ් රජ යටතේ පවති කාලයේදී එය නිල වශයෙන් වසා දැමිනි. 1450 වන විටදී වයඹ දිග යුරෝපයේ පිහිටි රිදී ආකරද වසා දැමීමට සිදු වූයේ ඒවායේ රිදී ඉල්ලම් අඩුවීම හේතු කොට ගෙනය. ප්‍රංශයේ අවසාන මූල්‍ය ගනුදෙනු සමාගම්ද කඩා වැටිනි. ප්‍රංශයේ පිහිටි ඩෙප්ට් වරායද මූල්‍ය හිඟය නිසා වසා දැමිනි. 1455 වන විට තුර්කීන් විසින් සර්බියානු රිදී ආකරද වසා දැමිනි. අවසාන බොස්නියානු රිදීආකරයද තුර්කින් ආක්‍රමණිකයින් විසින් අල්ලා ගත්තේ 1460දීය. මූල්‍ය හිඟය ඉතා විශාල ලෙස යුරෝපය පුරා විහිදී ගියහ. වැනිසීයානු බංකු බොහෝමයක් මුදල් හිඟය නිසා වසා දැමිනි. ඉතාලියේ දෙවෙනි විශාල නගරය වූ ෆ්ලෝරන්ස් හී ස්ට්‍රොසී බැන්කුවද මෙනිසා වසා දැමිනි. 1401දී ස්පාඥ්ඥයේ බාසිලෝනාහි ප්‍රථමවරට වනිසියානු ක්‍රමය යටතේ බැංකුවක් පිහිටුවන ලදී. එය Taula de Canvi නම් වේ. ඔටෝමානු අධිරාජ්‍ය යටතේ Halil İnalcik බිහිවූ පාලකයා දහසය වන ශතවර්ෂයේදී මැරානෝ යුදෙව් ජාතිකයන් අයිබීරියානු අර්ධද්වීපයෙන් පන්න දැමීමෙන් පසු යුරෝපයට ධනවාදී තාක්ෂනික ශිල්පක්‍රම ආදේශ කලේය. එනම් වෙළෙඳාම පදනම් කොට ගත් ආර්ථිකයක් යන්නය. දහසය වන සියවසේදී තුර්කියේ ස්තාන්බුල් නුවර ප්‍රධානවශයෙන් මූල්‍ය සම්පත් භාවිත කිරීම ග්‍රීසී ජාතිකයන් හා යුදෙව් ජාතිකයින් විසින් කරනු ලැබිනි. මෙම යුදෙව් ජාතිකයින් සවොම පාහේ අයිබීරීයා අර්ධද්වීපයෙන් පන්න දමූ මැරානෝ ජාතිකයින් වූහ. මොවුන් අයිබීරියාවෙන් පැන යන අත ඉතා විශාල වශයෙන් ධනයද රැගෙන ආහ. එකල ඔටෝමානු අධිරාජ්‍යෙයේ ප්‍රසිද්ධම බැංකුව මැරානෝ ජාතිකයෙක් වූ මෙන්ඩ්ස් සතු විය. ඔහු එය 1552 වන විට ස්තාන්බුල් හී ස්ථාපිත කලහ. ඇල්වෙරෝ මෙන්ඩ්ස් 1588දී ස්ථාන්බුල් වෙත පැමිනෙද්දී ඔහු සතුව රත්තරන් ඩුකාට්ස් 85,000 පමන තිබී ඇති බව වාරතා වේ. මොවුන් මෙය තුර්කි අධිරාජ්‍යාගේ ආරක්ෂාව ඇතිව කරගෙන ගියහ. මෙන්ඩ්ස් පවුලට යුරෝපයේ මෙන්ම මුලු ඔටෝමානු අධිරාජ්‍යයේ මූල්‍ය හා වානිජ්‍ය බලය අත්පත් කරගත්හ. මොවුන් දහාටවන හා දහනම වන සියවස් දක්වා සියවස් පහක් දක්වා තම වෙළෙඳ ආධිපත්‍ය රැකගත්හ. මොවුන් ආර්මෙනියානු ජාතිකයින් මෙන් පොලියට ණය දිම හා මුදල් තැන්පතු පවත්වා ගෙන ගියහ.මොවුන් ඉස්ලාම් නීතිය අනුව තමන්ගේ මූල්‍ය කටයුතු පවත්වා ගෙන ගියහ. ජර්මනිය සහ පෝලන්තය අනෙකුත් යුරෝපා රටවල මෙන්ම බැංකු පිහිටා තිබුනි. දකුණු දිග බැංකු සේවා සපයන බලය ෆගස් නමැති 1485-1560 දක්වා ජර්මන් පවුල සතුව පැවතිනි. උතුරු දිග ජර්මනියේ බැංකු ආධිපත්‍ය ලන්දේසි සොහොයුරන් දෙදෙනෙක් වූ හැන්ස් හා පෝල් නමැති බෙරෙන් නමැති පවුල සතුවිය. ඔවුන් බෙරෙන් බර්ග් බැංකු ලෙස හඳුන්වනු ලැබිනි. එය 1590 සිට වර්ථමානය දක්වා පැවතෙන පැරණි පෞද්ගලික බැංකුවයි. නෙදර්ලන්තය දාහතවන සියවස වන විට ඕලන්දය, නැතහොත් ලන්දිසි ආක්‍රමණ නවලෝකය හා ජපානය දක්වා විහිදී ගියේ ඉතාමත් වේගයෙනි. මන්ද ලන්දේසි සතුව පැවතින ඉතා අනෙකුත් යුරෝපා රාජ්‍යයන්ට සාපේක්ෂ කුඩා භූමි බාගයක් නිසා ඔවුන් විදේශ ආක්‍රමණ දියත් කිරීමෙහිලා බලපාන්න ඇත. කෙසේ වෙතත් ඔවුන් නැවත තම මව් බිම වෙත ගෙන ආ වටිනා රං රිදී ලෝහ ඔවුන්ගේ ඈම්ස්ටර්ඩෑම් අගනුවර පිහිටි ඈම්සට්‍රඩෑම් බැංකුව තුලට ඉතා විශාල වශයෙන් ඉහත කී ලෝහ තැන් පත් විය. එබැවින් ඔවූහු එංගලන්තය හා යුරෝපය පුරා තම බැංකු ශ්‍රෙෂ්ත්‍රයේ ආධිපත්‍ය විහිදුවාලීමට සමත් විය.

දාහත සහ දහඅට වන සියවස්[සංස්කරණය]

දහසයවන සියවසේ අවසාන බාගය හා දාහතවන සියවස ආරම්භයේදී සාමාන්‍ය බැංකු ක්‍රම යුරෝපය පුරා ක්‍රියාත්මක විනි. එනම් මුදල් තැන්පතු, මුදල් ණයට දීම, මුදල් හුවමාරුව වැනි ක්‍රියා එකල එම බැංකු ශ්‍රේෂ්ත්‍රයේ සිදුවිනි. ඔවුන් එකල රත්‍රං හා රිදී සංචිත තැන්පත් කිරීම ආදී කටයුතුද සිදු විනි. සමාන්‍ය ගණුදෙනු කටයුතු සඳහා රත්‍රං හා රිදී කාසී භාවිත කෙරිනි. නව බැංකු කටයුතුද මේ ආතරේ මේ බැංකු ශ්‍රේෂ්ත්‍රයට එක්විනි. මුදල් ණයට දිම තුලින් ව්‍යාපාර දියුණු කි\අරලීමට හැකි බැවි එකල සොයාගෙන තිබිනි. එම නිසා මුදල් ණයට දීම ව්‍යාපාර ශ්‍රේෂ්ත්‍රයේ ඉතා සුලභ ලක්ෂනයකි. ඈම්ස්ටර්ඩෑම් බැංකුව නව බැංකු සොයා ගැනීම නිතර සිදුකෙරිනි. යටත් විජිත වාදය ඉතා ඉහල ලෙස යුරෝපය පුරා ජනප්‍රිය වන විට නව ලෝකය පිහිටි රටවල ඉතා වටින දුර්ලභ වස්තු හා ඛණිජ සම්පත්වලින් යුරෝපය ධනවත් විනි. එම නිසා පෞද්ගලික බැංකුවලට අමතරව ඉතා ආරක්ෂිත තම රටෙ රං සංචිත ප්‍රමාණය තන්පත් කිරීමට මධ්‍ය බැංකු ක්‍රමයේ අවශ්‍යතාව ඈම්සට්‍රඩෑමය හා ලන්ඩනයට තදින්ම දැනුනි.

දහඅට සහ දහනම වන සියවස්[සංස්කරණය]

දහ අට සහ ද නම වන සියවස් තුලදී මහාමර්ග සහ දුම් රිය මාර්ග සං වර්ධනය නිසා මෙන්ම ප්‍රංශයේ ඇති වුනු නපෝලියන්බොන්පාට්ගේ ආගමනය නිසාවෙන් රට රට වල් විධිමත් බැංකු ක්‍රම බිහි වීමට අවශ්‍යතාවක් පැනනැගුනි. එනම් මධ්‍ය බැංකු සම්ප්‍රධාය ආරම්භයද මෙනිසා වේගවත් වුනි. මුල්ම මධ්‍ය බැංකුව ස්වර්ජස් රික්ස්බෑන්ක් ලෙස 1668 දී ඕලන්දයේදී අරම්භ විය. එංගලන්ත මහ බැංකුව 1694දීද ආරම්භ වුනි. තවද වානිJඅ පරමාර්ථයෙන් ක්‍රියා කරන නව බැංකු ක්‍රමයක්ද බිහි විනි. 1776 වන විටද උතුරු ඇමෙරිකාවේ වානිජ බැංකු තුනක් පමණි. නමුත් මෙකල ඉතා විශාල ලෙස වානිJඅ බැංකු ආරම්භ විය.

උදාහරනයක් ලෙස ස්කොට්ලන්ත වාණිජ බැංකුව (Commercial Bank of Scotland ), නිව් සවුත් වේල්ස් බංකුව (Bank of New South Wales)

අතීතයේදී මෙන්ම යුදෙව් ජාතිකයන් (Jewish) මෙකලද ඉතා විශාල ලෙස බැංකු ශ්‍රේෂ්ත්‍රයේ සිටියහ. ඔවුන් යුරෝපයේ මෙන්ම එක්සත් ජනපදයේද ඔවුන් ඉතා අගනා මෙහෙවරක් සිදු කරමින් සිටියහ. අනෙකුත් යුදෙව් නොවන බැංකු හා සසඳන විට යුදෙව් ජාතික බැංකු ඉතාම් සාර්ථකලෙස තමන්ගේ කටයුතු සිදුකරගෙන ගියහ. රොත්ස්චයිල්ඩ් පවුල (Rothschild Family) යුරෝපා බංකු ශ්‍රේෂ්ත්‍රයේ ඉතා මත විශාල සේවාවක් ඉටුකල පවුලක් විය. ඔවුන්ගේ බැන්කුව වීන් ඉතා විශාල වියදමකින් යුත් සියුස් ඇළ වෙනි ව්‍යාපෘතීන් ඉතාමත් සාර්ථක ලෙස ඉටු කරදීමට සමත් විය. ඔවුන් හට ඉතා විශාල වශයෙන් ධනය තිබීම එයට හේතුවක් ලෙස සැලකේ. යුරෝපය ඉතාමත් සීග්‍ර ලෙස කාර්මීකරණය වීම නිසාවෙන් ඔවුන්ගේ බැංකුව ඉතා මත ප්‍රසිද්ධ විය. මන්ද ඉහත කී මෙන් ඉඔතා විශාල වශයෙන් මිල අධික ව්‍යාපෘති සිදු කල නිසාවෙනි. ඔවුන් එංගලන්තයේ ලන්ඩනය, මේෆෙයාර් (Mayfair, London) හී ඉතා විශාල දේපල ප්‍රමාණයක් තිබීය. ඉතා විශාල ප්‍රමානයක වූ සමගම් කිහිපයකම ආරම්භය රොත්ස්චයිල්ඩ් පවුල හා සම්බන්ද වේ. එනම් Allaiance Assurance (1824) දැන් Royal and Sun Alliance, Chemin de Fer du Nord (1845), Rio Tinto Group (1873), Société Le Nickel (1880) දැන් Eramet, Imétal (1962) දැන් Imerys, De Beers, Cecil Rhodes සමාගම් හා ර්හොඩේශියා කොලොනියද ඔවුන්ගේ නිර්මාණ වේ. එක්සත් ජනපදය, දහනම වන සියවස් හී ඇමෙරිකා එක්සත් ජනපදය තුල ඉතාමත් වේගයෙන් කාර්මිකරණය හා වෙළෙඳාම දියුණු විය. එබැවින් ඔවුන් ඉතා නම්‍ය ශීලී ක්‍රම උපායන් අනුගමනය කරමින් බැංකු ක්‍රමයේ දියුණුවක් සිදු කිරීමේ අවශ්‍යතාව දැනුනි. එම නිසා ජනපදය විසින් පවුල් අතර තිබූ එකාධිපත්‍ය අවම කොට පෞද්ගලික අංශයේ ඒකාධිපත්‍ය වැඩි කරලීමට උනන්දු විය. එම නිසා කෝපරේශන් නැමැති සංකල්පය මුවහත් කිරීමට ඔවුනට අවකාශ ලැබිනි. J.P. Morgan & Co එයට උදාහරණයක් ලෙස ගත හැක. දහනම වන සිය වස අගභාගයේදී බැංකු ශ්‍රේෂ්ත්‍රය තුල ඉතා විශාල ලෙස නැගී සීටිමක් දක්නට ලැබිනි. නව ආයෝජන දියත් කිරීම, ණයට දීම ආදී කරයුතු වලට අමතරව මුදල් නිර්මාණය වැනි භාර්දූර කාර්ය්යන් පවා ඉතා සර්ථක ලෙස ඉටු විනි. මන්ද අතීතයේ මෙන් නොව බැංකු ශ්‍රේෂ්තරය තුල ක්‍රියා කිරීම නිසා වඩා හොඳ පිලිගැනීමක් ඇති බැවිනි..

විසිවන සියවස[සංස්කරණය]

විසිවන සියවස බැංකු ශ්‍රේෂ්තරය මෙතෙක් විරූ නොවූ දරුණු කඩා වැටීමකට ලක්විය. එය මහා බිඳ වැටීම ආදී නම් වලින්ද හඳුන්වනු ලැබීය. මන්ද සෑම තන්පත් ඩොලර් එකකටම ඩොලර් නමයක් ණය වීමයි. එය කොතරම දරුණු කඩා වැටීමක් යත් ඇමෙරිකා එක්සත් ජනපදයේ පමණක් බැංකු 744ක් කඩා වැටිනි. එය 1929දී සිදු වූ මෙය1933 වන විටත් ස්තීර පිලියක්මක් සෙවූහ. බැංකු රටේ ප්‍රධාන මහ බැංකුව යටතේ ක්‍රියාතමක නොවීමත්, ඒවා හිතුමතේ ක්‍රියා කිරීමත් හේතු කොට ගෙන සිදු වූ දෙයක් බවට නිගමන කෙරිනි. තව තවත් දේ එයට බලපාන බව පසුව සොයා ගැනිනි. මෙම මහා දරුණු බිඳ වැටීම නිසා කුඩා පරිMආන හා මහා පරිමාන ව්යාපාර රැසල්ක් කඩා වැටිනි. කෙසේ වෙතත් මේ සිදූ වීම හේතුකොට ගෙන ලොව පුරා පිහිටි බැංකු 9000ක කඩා වැටුනු බව පිලිගැනිනි. කෙසේ වෙතත් 1929න් පසුව බැංකු ශ්‍රේෂ්ත්‍රය නැවත් පිබිදීමකට ලක්විය. එනම් නව සොයා ගැනීම් විසිවන සියවස තුල සිදු වීමයි.

ලෝක බැංකුව[සංස්කරණය]

දෙවන ලෝක යුද්ධය අවසානය වන් විට බ්‍රිටොන් වුඩ්ස් ක්‍රමය අනුව ලෝක බැංකුව හා ලෝක මූල්‍ය අරමුදල පිහිටුවිනි. එයින් පසුව තුන්වන ලෝකයේ රටවල් වල හා බ්‍රිතාන්‍ය යටත් විජිත රටවල වානිජ්‍ය බැංකු පිහිටුවීම ආරම්භ විනි. 1971 වන විට තුන්වන ලෝකයේ රටවල් වල බැංකු කිහිපයකම කඩා වැටීම සිදු විනි. එනම් එම රටවල වියදම් ඉතා විශාල ලෙස ඉහල යාමයි. මෙම ලෝක බැංකුව මගින් තුන්වන ලෝකයෙ රටවල් නැවත් ගොඅඩ නැගීම සිදු කිරීමට අවශ්‍ය ධනය ලබා දීම ද දක්වා සිදු කරගෙනු යනු ලබයි.

"https://si.wikipedia.org/w/index.php?title=බැංකු&oldid=469085" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි