බාල් නැටුම්

විකිපීඩියා වෙතින්
බාල් නැටුම්.

බටහිර රටවල එනම් යුරෝපීය රටවල ඉතා ප්‍රචලිත වූත් සහකරුවෙකු සමග ඉදිරිපත් කරන්නාවූත් මේ නැටුම්, බාල් නැටුම් (Ballroom Dance) යනුවෙන් හඳුන්වනු ලබයි. වර්තමානයේදී මෙම නැටුම් සමාජීය වශයෙන් හා ඉතා තරගකාරිත්වයක් උසුලන නැටුම් ශෛලියක් බවට පත්වී ඇති අතර චිත්‍රපට වේදිකා සංදර්ශන සහ රූපවාහිනී වැඩසටහන්වලදී දැකගත හැක.

අතීතයේදී මෙම බාල් නැටුම් භාවිතා වූයේ එදිනෙදා ජීවිතයේ විවේකීව ගත කරන වේලාවන්වලදී සහ සුහද හමුවන්වලදී ඉදිරිපත්කර විනෝදවීමට විනා වර්තමානයේදී මෙන් තරගකාරී ස්වභාවයකින් නොවේ. අද වන විට මෙම නැටුම් තාක්ෂණික මට්ටමින් ප්‍රගුණ වී ඇති අතර එයටම අනන්‍යය වූ ප්‍රමිතීන්වලින් සමන්විත වේ. මෙම බාල් නැටුම් අන්තර් ජාතික වශයෙන් පිළිගැනීමට ලක් වී ඇති අතර යුරෝපයෙන් ඔබ්බට ගොස් ඇමරිකා එක්සත් ජනපදයේ ද ඉතා ප්‍රචලිත වී ඇත. ඇමරිකා එක්සත් ජනපදය තුළ මෙම බාල් නැටුම් කොටස් දෙකකට බෙදා රංග ගත කෙරේ. එනම් සියුම් ලෙස හෙවත් “ ඇමරිකන් ස්මූත්” නමින්ද රිද්මයානුකූල හෙවත් “ඇමරිකන් රිදම්” යනුවෙනි. මෙම කොටස් දෙකම බාල් නැටුම් ශෛලියට අනුරූපීව හැඩ ගැසී ඇත.

තරඟකාරී බාල් නැටුම්[සංස්කරණය]

බාල් නැටුම් තරඟාවලියක්.

අතීත සමාජයේ ඉහළ පන්තිය සදහා වෙන්ව තිබු බාල් නැටුම් වර්ථමානයේ නර්තන ක්‍රීඩා නැමති විධිමත් තරඟ වලට භාවිතා වේ. මෙම නර්ථන ක්‍රිඩා වලදී විවිධ කුසලතා මට්ටම් වල සිටින ආධුනික නර්තන ශීල්පීන්ටද නර්තනයට අවස්ථාවක් ලැබේ. ඇමෙරිකානු නැටුම් ශීල්පීන්ගේ කුසලතා මට්ටම් U.S.A. Dance නැමති ආයතනය මගින් වර්ගීකරණයට බදුන් කර අති අතර එම ආයතනය මගින් ලෝකඩ, රීදි හා රන් යන වර්ගීකරණයන් නිත්‍ය ක්‍රමවේදයකින් නර්ථන ඉදිරිපත් කරන ශිල්පීන් සදහා පිරිණමයි. තවද ආධුනික, අනුශුරතා හා ශුරතා යන වර්ගීකරණයන් විවෘත කරුවන්ට පිරිනැමීම. එම ස්ථාන දළ ලෙස යුරෝපියානු හා ඕස්ට්‍රේලියානු “E” සිට “S” යන වර්ගීකරණයන්ට අනුරූපි වේ. එමෙන්ම වෘත්තිය ශිල්පීන් අතර ඔවුන්ගේ මට්ටම් වර්ගීකරණය වනුයේ “නැගී එන තරුව” සහ “විවෘත වෘත්තීය වේදියා යන ආකාරයෙනි. නර්තන ශිල්පීන්ගේ නිපුණතා මට්ටම් හා හැකියාවන් රටතුළ මෙන්ම රටින් රටට ද විවිධාකාර වේ. උදාහරණයක් ලෙස ඇමෙරිකානු නර්තන තරඟවලට අමතරින් NDCA හා YCA තරඟවලට සහභාගි වන අතර ඒවාට සහභාගි වන ශිල්පීන් විවිධ සංස්කෘතින්වලට අයත් බැවින් නිපුණතා මට්ටම් හා හැකියාවන් තුළ විශාල වෙනසක් දැකිය හැක. ජාත්‍යන්තර ඔලිම්පික් සම්මේලනය මගින් පවා පිළිගෙන ඇති බාල් නැටුම් තරඟ අනාගතයේදී ඔලිම්පික් ක්‍රීඩාව බවට පවා පත්වීමේ හැකියාවක් ඇත. අතීතයේ සෝවියට් රුසියාවේ ද බාල් නැටුම් කලාව පැවති අතර එහි සෝවියට් බාල් නැටුම් යන අංගයද අන්තර්ගත විය.

ඔස්ට්‍රේලියාවේද මෙම බාල් නැටුම් තරඟ මෙන්ම සමාජ නැටුම් ද නවතම ප්‍රවණතාවය බවට පත්වෙමින් පවතී. එම තරඟ වල නවීන ප්‍රවණතාවයෙන් යුත් නැටුම් අංග 15 ක් පමණ පවතින අතර ඒවා අනුපිළිවෙලකට සකසා ඇත. ජාත්‍යන්තරව පිළිගත් Black Pool dance නැමති උත්සවයේ සත්කාරක ආයතනය ලෙස ක්‍රියා කරන්නේ Black Pool dance නැමති ආයතනයයි. එම උත්සවය බාල් නැටුම් කළාවේ අති උත්කර්ෂවත් සහ ඉතා වැදගත් කොට සැලකේ.

"https://si.wikipedia.org/w/index.php?title=බාල්_නැටුම්&oldid=470230" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි