බාධක වැටිය හෙවත් පරයන්

විකිපීඩියා වෙතින්
පිලිෆිනියාහි සුළු මුහුදෙහි, බාධක වැටිවලින් වටවූ පැමලිකානු දූපතක්
දීපිකාවක් වටයෙහි පිහිටි බාධක වැටි.

නාවුක පරිභාෂණයට අනුව බාධක වැටි යනු නැව්වලට උපද්‍රව පැමිණ විය හැකි තරම් තියුණු ජලමතු පිටට යටින් පවතින පාෂාණයක් හෝ වැලි වැටියක් වශයෙන් හැඳින්විය හැකිය. බොහෝ බාධක වැටි අප්‍රාණික ක්‍රියාදාමයන්ගෙන් ඇති වේ. වැලි ආසාදනය, තරංග ඛාදනය පාෂාණ ඉල්ලම් පෑදීම හා වෙනත් ස්වාභාවික ක්‍රියාකාරකම් ඊට හේතුවේ . නමුත් වඩාත් හොඳින් දන්නා බාධක වැටි වන්නේ කොරල් පරයන් වන අතර ඒවා ඝර්ම කලාපීය කොරල් සහ Calcareous ඇල්ගීවලින් පාලිත සප්‍රාණික ක්‍රියාදාමයකින් වර්ධනය වේ.


බාධක වැටි කෘත්‍රීම ආකාරයෙන් විශේෂ ගොඩ නැගීමකින් හෝ හිතාමතා නැව් ගිල්ලවීමට කෘත්‍රීමව ඇති කළ හැකිය. නමුත් යමෙකුට මේවා සත්‍ය බාධක වැටි නොවන බවට තර්ක කළ හැකිය. එමෙන්ම නැව්වලට බාධක පැමිණ විය හැකි කෘත්‍රීම බාධකයක් ගොඩනැංවීම ඉතා කලාතුරකින් සිදුවන්නකි. එහිදී මාළුන් වැනි ජීවීන් සමූහයන් ආකර්ෂණය කර ගැනීමට හැඩයක් රහිත වැලි පත්ලේ භෞතික සංකීර්ණත්වය වැඩි කිරීමට මෙම ව්‍යුහයන් සාමාන්‍යයෙන් නිර්මාණය කෙරේ. එබැවින් කෘත්‍රීම බාධක වැටි යනු මිනිසා විසින් නිර්මිත දියයට ජනාවාස ව්‍යුහයන් හැඳින්වීමට යොදා ගනු ලබන වැරදි ව්‍යවහාරයකි.


සප්‍රාණික බාධක වැටි වර්ග[සංස්කරණය]

සප්‍රාණික බාධක වැටි වර්ග රාශියක් ඇත. ඊට Oyster වැටි ද අන්තර්ගත වේ. නමුත් විශාලතම හා වඩාත් පැතිරුණු වැටි වර්ගය වන්නේ ඝර්ම කලාපීය කොරල් පරයන්ය. කොරල් පරයක ද්‍රව්‍යමය සම්පාදකයා සහ මූලික රාමු තනන්නා කොරල් වුවද සාගර තරංගවලින් ඇතිවන අඛණ්ඩ බාධකවලට එරෙහිව බාධක වැටියේ වර්ධනයට වඩාත් වග කියන්නේ Calcarous ඇල්ගීය. ඒවා බොහෝ දුරට Coralline ඇල්ගී විශේෂවලට අයත් වේ.

ගෝලීය බාධක වැටි නිර්වචනය[සංස්කරණය]

භූගෝලීය විද්‍යාඥයන් බාධක වැටි හා ආශ්‍රිත පද අස්ථාන ගත භූ විෂමතා සාධක යොදා ගනිමින් නිර්වචනය කරයි. (උදාහරණ කාබනේට් ගොඩැලි, ස්ථරීභූත පාෂාණ, ජෛව හායන ඊට අමතරව නිර්වචනය සඳහා අභ්‍යන්තර ව්‍යුහය හා සප්‍රාණික සංඝටනාව ද යොදා ගනී.එහෙත් ඊට විශ්වීයව යොදා ගත හැකි ඒකමතික නිර්වචනයක් නොමැත. පහත පරිදි බාධක වැටි ගොඩැලිවලින් වෙන්කර හඳුනාගැනීමට ප්‍රයෝජනවත් නිර්වචනයක් යොදා ගෙන ඇත. එම දෙකම විශේෂ අවසාධිත ගොඩනැංවීම් විවිධත්වයන් වන අතර අවසාධිත ලක්ෂණ වේ. ගොඩනැංවී ඇත්තේ විශේෂ සහ ඒවායේ පරිසරයේ අන්තර්ක්‍රියාවෙනි. ඒවාට සංක්ෂිප්ත භූ විෂමතාවක් ඇති අතර මෙතෙක් හඳුනාගෙන ඇති ඒවායින් මුහුදු පතුලේ ජීවීන්ගේ ජෛව සංඝටනාවෙන් පැහැදිලිව වෙනස් වේ. මහේක්ෂීය සඛණ්ඨක රාමුවකින් බාධක වැටි එකට බැඳතබා ගනී. අනර්ග උදාහරණයක් වන්නේ කොරල්පරයි. වෙනත් ජීවීන්ගෙන් හා අකාබනික ක්‍රියාදාමයන්ගෙන් විකිරණය වන ත්‍රිමාණ රාමුවක එකිනෙක මත වැඩෙන කොරල් හා CALCAREOUS ඇල්ගී විසින් තනනු ලබයි. මීට පරස්පර ලෙස ගොඩැලිවලට මහේක්ෂීය සඛණ්ඨක රාමුවක් නොමැත. ඒවා සඛණ්ඨක රාමුවක් නොමැති ක්ෂුද්‍ර ජීවීන් හා මහා ජීවීන් මගින් ගොඩනැංවේ. ක්ෂුද්‍ර ජීවී ගොඩැල්ලක් මුළුමනින්ම හෝ ප්‍රාථමිකව සයනො බැක්ටීරියාවන්ගෙන් ගොඩනැංවිය හැකිය. උටාහි මහා ලවණ ජලාශයේ හා බටහිර ඔස්ට්‍රේලියාවේ SHARK බොක්කෙහි සයනො බැක්ටීරියාවන්ගෙන් ගොඩනැංවුණු ජෛව ගොඩැලි දැක ගත හැකිය.

සයනො බැක්ටීරියාවන්ට අස්ථි නොමැති අතර තනි ජීවීන් අන්වීක්ෂීය වේ. මුහුදු පතුලේ භූවිෂමතා ඇති කරන සංඝටනාවෙන් සුවිශේෂි වූ අවසාධිත ඇති කිරීමට සහ කැල්සියම් කාබනේට් හි අවක්ෂේපය වූ රාශි භූතවීම දිරිගැන්වීමට සයනො බැක්ටීරියාවලට හැකිය. කවච සහිත මහේක්ෂීය ජීවීන්ගේ පරිණාමනයට පෙර සයනො බැක්ටීරිය ගොඩැලි වඩාත් සුලභ විය. නමුත් එවා අද ද දැකගත හැකිය. (ආස්තරණය කරන ලද අභ්‍යන්තර ව්‍යුහයක් සහිත පංජරකයන් ක්ෂුද්‍ර ජීවී ගොඩැලිවේ) BRYOZOANS හා ක්‍රයිනෝඩියාවන් මිසිසිපියන් යුගයේදී ජලීය අවසාදනයට පොදු දායකයන් වූ අතර ඒවා ගොඩැලි ඉතා සුළු ප්‍රමාණයක් සාදන ලදී. BRYOZOANS කුඩා වන අතර ක්‍රයිනෝඩියාවන්ගේ අස්ථි කාණ්ඩික වේ. කෙසේ නමුත් BRYOZON හා ක්‍රයිනෝඩීය නිම්නයන් විස්තීරණ භූ විෂමතාවක් සහිත සංඝටනාමයෙන් සුවිශේෂී වූ අවසාධිත දේහයන් සාදමින් කාලයක් තිස්සේ නොනැසී පැවතීමට හැකිය.


ගෝලීය බාධක වැටි ව්‍යුහයන්[සංස්කරණය]

ඓතිහාසික කාල වකවානුවලදී වැළඳුණු අතීත බාධක වැටි පේලියෝ පාරසරික තොරතුරු හා පෘථිවි ඉතිහාසයේ පිහිටීම පිළිබඳව තොරතුරු සපයන බැවින් භූ විද්‍යාඥයන් කෙරෙහි සැලකිය යුතු ආකර්ෂණයක් ඇති කරයි. මීට අමතරව අවසාධිත පාෂාණ ප්‍රතිඵල කරන ලද බාධක වැටි ලෝපස් තැන්පතු හෝ පෙට්ට්‍රෝලියම් සෑදීමට ඛනිජ ද්‍රව වශයෙන් හෝ පොසිල ඉන්ධන සැපයීමට අගල් හෝ ප්‍රනාලයන් ලෙස ක්‍රියා කරයි. RUGOSA හා TABULATA වැනි ප්‍රධාන වඳවී ගිය කාණ්ඩ අන්තර්ගත කොරල් ඔඩෝවීසියන් යුගයේ සිට පැනරසොයික් යුගයේ මැද භාගය දක්වා වැදගත් වැටි තැනුම් කාරක ලෙස ක්‍රියාකර ඇත. කෙසේ නමුත් කැල්සිභූත ඇල්ගී වැනි ඇල්ගී වර්ග මෙන්ම වැදගත් වැටි තැනුම්කාරක ලෙස ක්‍රියාකර ඇත. කෙසේ නමුත් කැල්සිභූත ඇල්ගී වැනි ඇල්ගීවර්ග මෙන්ම RHODOPHYA (රතු ඇල්ගී)හා ඔලෙස්කාවන් (RUDIST) දෙපියන් බෙල්ලන් (ප්‍රිටිසියස් යුගයේ ජීවත් වූ) විවිධ අවස්ථාවන්වලදී සුවිශාල ව්‍යුහ සාදා ඇත. ARCHAEOCYAPHA වන්ගේ කේතු ආකාර හෝ නාලාකාර සැකිලි හා බොහෝ දුරට ස්පොන්ජීන් විය හැකි අසමාන වඳවුණු කාණ්ඩ වැටි තැනූහ. BRYOZA වැනි අන්තර් භෞමික ජීවී කාණ්ඩ රාමු තනන්නන් අතර ජීවත් වී ඇත. අද වැටි තනන කොරල්, පර්මියන් රයසික් වඳවීමේදී වඳවුණු ආදී RUGUSE කොරල් හා වෙනත් බොහෝ කාණ්ඩ (SCLERACTNIA වැනි) මීසොසොයික් යුගයේදී වැදගත් වැටි තනන්නන් බවට පත් වී ඇත. ආගනයිට් වලින් සැකිලි තැනු SELERACTINIAN කොරල් වලින් කැල්සයිට් සැකිලි තැනුණු RUGUSI කොරල් වෙනත් සමමිතියක් දක්වයි. කෙසේ නමුත් පර්මියන් යුගයේ අගභාගයේ සිට හොඳින් නොනැසී පවතින රුගෝස් කොරල් සඳහා අසාමාන්‍ය උදාහරණ පවතී. මීට අමතරව SELERACTILA කොරල් විශේෂ කිහිපයක මූලික පශ්චාත් කීට කැල්සයිට් බවට පත් වී ඇත. ඒ කොටසේ වුවත් SELERACTINIAN කොරල් (මධ්‍යයන ට්‍රයසිට් යුගයේදී පැන නැගී) RUGUSAN කොරල් (පර්මියන් යුගයේදී අවසානයේදී වඳ වී ගිය) වලින් ස්වායත්ත කැල්සිභූත නොවන මුතුන් මිත්තකුගෙන් ආරම්භ වූවා විය හැකිය.

සටහන්[සංස්කරණය]

Reef