බ්‍රෝඩ් ෂීට් (පුවත්පත්වල හැඩය හා ප්‍රමාණය ගැන මිම්මකි)

විකිපීඩියා වෙතින්

බ්‍රෝඩ් ෂීට් (පුවත්පත්වල හැඩය හා ප්‍රමාණය ගැන මිම්මකි)


            ඒ ඒ පුවත් පත්වල ප්‍රමාණයන් - 2005 අගෝස්තුවේදී -

‘ල මොන්ඩේ’ පත්‍රය බර්ලයිනර් ෆෝර්මැට් ස්වරූපයෙනි. ‘ද ගාඩියන්’ පත්‍රය බ්‍රිතාන්‍ය බ්‍රෝඩ් ෂීට් ස්වරූපයෙනි. ‘ඩේලි මේල්’ පුවත් පත ටැබ්ලොයිඩ් වර්ගයේ එකකි. ද ටයිම්ස් පත්‍රය කොම්පැක්ට් ස්වරූ‍පයෙනි.

බර්ලයිනර් සෙයිටුන්ග් සහ නියුස් ඩියුට්ෂ්ලන්ඩ් පත්‍ර දෙක බ්‍රෝඩ් සීට් සහ බර්ලයිනර් දෙක අතර ප්‍රමාණයකි. ප්‍රමාණය බලා ගැනීම සඳහා සුදු පාට A 4 ප්‍රමාණයේ කඩදාසියක් ඉදිරියෙන් තබා ඇත.

බ්‍රෝඩ්ෂීට් යනු විවිධ පුවත් පත්වල හැඩයන් අතර විශාලතම ප්‍රමාණයයි. එහි විශේෂ ලක්ෂණයක් වන්නේ පිටුවේ දිග ප්‍රමාණයයි. (සාමාන්‍යයෙන් මෙය අඟල් 22 ක් හෝ ඊට වැඩිය) මෙම වචනය භාවිතයට පැමිණෙන්නේ ජනප්‍රිය තනි පිටුවේ කවි කොළ හෝ දේශපාලන උපහාස ප්‍රකාශන අඩංගු වීදි වල විකුණන ලද ප්‍රකාශනයන් මුල් කර ගනිමිනි. මෙම බ්‍රෝඩ්ෂීට් ප්‍රමාණයේ පළමු පුවත්පත නම් 1618 දී ප්‍රකාශනය කළ Dutch Courante uyt Halian පුවත්පත යි.

අනෙකුත් සාමාන්‍ය පුවත්පත්වල හැඩයන් කුඩා බර්ලයිනර්, ටැබ්ලොයිඩ්/කොම්පැක්ට් යනාදී නම් වලින් හැඳින්වේ.

විස්තර

බොහෝ බ්‍රෝඩ්ෂීට් පුවත්පත් සාමාන්‍යයෙන් අඟල් 29½ x 23½ වේ. මෙය සාමාන්‍ය ටැබ්ලොයිඩ් පුවත්පතක් මෙන් දෙගුණයක් විශාලය. ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත බ්‍රෝඩ්ෂීට් ප්‍රමාණයේ පුවත්පත් හැම විටම A 1 ප්‍රමාණයේ ඒවාය.(84.1 x 59.4 සෙ.මී)

එක්සත් ජනපදයෙහි බ්‍රෝඩ්ෂීට් එකකින් ඉදිරිපිටු බාගය අඟල් 15 ක් දිගු වන අතර දිග අඟල් 22¾ කි. බොහෝ එක්සත් ජනපද පුවත්පත් වල අමුද්‍රව්‍ය මිළ අඩු කර ගැනීම සඳහා එම පුවත්පත් වල ප්‍රමාණය අඟල් 22¾ x 12 දක්වා අඩු කර ඇත. බ්‍රෝඩ්ෂීට් ප්‍රමාණය වර්ග දෙකකි.

• සම්පූර්ණ බ්‍රෝඩ් සීට් ප්‍රමාණය:- සම්පූර්ණ බ්‍රෝඩ්ෂීට් ප්‍රමාණයේ කොළයක් කෙළින් අතට භාගයක් වන සේ නවනු ලැබේ. එවිට එය පිටු 4 ක් ලෙස සකස් වේ. මෙය පළමු පිටුව සහ පළමු පිටුවේ ඇතුල් පැත්ත සහ අවසාන පිටුව සහ අවසාන පිටුවේ ඇතුල් පැත්තයි. මෙම පිටු හතර සාමාන්‍යයෙන් ‘ස්ප්‍රෙඩ්’ (Spread) යනුවෙන් හැඳින්වේ. ඇතුල් බ්‍රෝඩ්ෂීට් පිටු ඒ ආකාරයෙන් අතුලත් කරනු ලැබේ. • භාග බ්‍රෝඩ්ෂීට් ප්‍රමාණය:- භාග බ්‍රෝඩ්ෂීට් යනු සාමාන්‍යයෙන් ඇතුල් පිටුවකි. ලම්බාකාරව නවන ලද එකක් නොවේ.

සාමාන්‍ය ක්‍රමයට නොවන පුවත්පතක් සඳහා උදාහරණයක් නම් එය පිටු දෙකේ භාග බ්‍රෝඩ්ෂීට් ප්‍රමාණයේ හෝ පිටු හතරේ සම්පූර්ණ බ්‍රෝඩ්ෂීට් ප්‍රමාණයේ පුවත්පත් විය හැකිය.

බ්‍රෝඩ්ෂීට් ක්‍රමයේ පත්තර, පත්තර විකුණන ස්ථානවල ඉඩකඩ පිරිමසා ගැනීම සඳහා දෙකට නමනුලැබේ. මෙම ක්‍රමය පිටු අංක සඳහා බලපාන්නේ නැත. බොහෝ වැදගත් ප්‍රවෘත්තිමය කථා හරස් නැම්මට උඩින් යොදනු ලැබේ. මෙය ටැබ්ලොයිඩ් ප්‍රකාශනවල දක්නට නොලැබේ. ඒවායේ මෙම හරස් නැමීම දක්නට නොමැත.

ඓතිහාසිකව ගත් කල බ්‍රෝඩ්ෂීට් ක්‍රමය සංවර්ධනය වයේ 1712 දී පත්‍රවල පිටු ප්‍රමාණය අනුව බද්දක් අය කිරීම ආරම්භ කිරීමෙන් පසුවය.

බ්‍රෝඩ්ෂීට් ක්‍රමයේ පුවත්පත් මුද්‍රිත ප්‍රවෘත්ති පතුරුවා හැරීම සඳහා වඩා ජනප්‍රිය ආකෘතියක් බවට පත් වී තිබේ. මෙම ක්‍රමයට ලෝකයේ ඉංග්‍රීසි භාෂාවෙන් පල වන විශාල බෙදා හැරීමක් සහිතව පවතින පුවත් පතක් නම් “ ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා” පුවත් පතයි. ඊළඟට ඒ ආසන්නයටම පැමිණෙන්නේ “ද නිව් යෝර්ක් ටයිම්ස්” පුවත්පතයි. (ඔඩිට් බියුරෝ ඔෆ් සර්කියුලේෂන් අනුව)



References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Broadsheet