බහු ක්‍රීඩා ඉසව්

විකිපීඩියා වෙතින්

බහු ක්‍රීඩා ඉසව් වලින් යුක්ත පළමුවැනි ක්‍රීඩා උළෙල ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි. අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් සංවිධානය කරනු ලබන මෙම ක්‍රීඩා උළෙල මුලින්ම ඇරඹුනේ 1896 වසරේ ග්‍රීසියේ ඇතැන්ස් හිදී ය. 1900, 1904, වර්ෂවල පැවති ඔලිම්පික් තරඟාවලීන් සංවිධානය අතින් තරමක් අසාර්ථක වූ නමුදු ඔලිම්පික් ක්‍රීඩා තරඟ ක්‍රම ක්‍රමයෙන් ජනප්‍රිය වන්නට පටන් ගත්තේය. මුලදී අඩංගු වූ තරඟ ප්‍රමාණය සුළු වුවද පසුව වර්ධනය විය. තවමත් වර්ධනය වෙමින් පවතී.

20 වෙනි ශත වර්ෂය ආරම්භයේදී තවත් විවිධ ක්‍රීඩා ඉසව් සහිත ක්‍රීඩා තරඟ නෝර්ඩික් ගේම්ස් නමින් පළමු වරට පවත්වන ලදි. මෙම තරඟ පවත්වන ලද්දේ ස්කැන්ඩිනේවියාවෙහිය. පවත්වන ලද තරඟ ඉසව් වූයේ රට හරහා ස්කි (Ski) කිරීම සහ අධිවේගී ස්කේටින් (Cross country skiing and speeding skating) යනාදියයි. මෙම ක්‍රීඩා තරඟ අන්තිමට පවත්වන ලද්දේ 1926 වසරේදී ය.

1920 වර්ෂවල විවිධ ක්‍රීඩා තරඟ ඉසව් ආරම්භ විය. මේවා තෝරා ගත් ක්‍රීඩා කණ්ඩායම් වලට පමණක් වෙන් වූ ඒවා විය. 1920 සෝවියට් රුසියාව ‘ස්පාර්ටකියාඩ්’ ආරම්භ කළ අතර එය ඔලිම්පික් සඳහා ඔවුන්ගේ ආදේශකය විය. 1922 දී ඉතාලියේ ‘යුනිවර්සිටි ඔලිම්පියා’ ආරම්භ විය. එය ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා තරඟ මාලාවේ පෙර ගමන්කරු විය. එය සීමා වූයේ ශිෂ්‍යයින්ට පමණී. කලාප ක්‍රීඩා තරඟ තවත් ආකාරයක විවිධ ක්‍රීඩා ඉසව් සහිත තරඟාවලීන්ය. උදාහරණ වශයෙන් ෆා ඊස්ටර්න් චැම්පියන්ෂිප් ගේම්ස් නැතහොත් සෙන්ට්‍රල් ඇමෙරිකන් ඇන්ඩි කැරිබියන් ගේම්ස් දැක්විය හැක.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Multi-sport_event

"https://si.wikipedia.org/w/index.php?title=බහු_ක්‍රීඩා_ඉසව්&oldid=470260" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි