බහුජන මාධ්‍ය ජාලය - අන්තර්ජාලය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

(ද නෙට් නැත‍හොත් ද වෙබ් යනුවෙන්ද හැඳින්වෙන) අන්තර්ජාලය ‘ජාල තුළ ජාලයක්’ ලෙස කෙටියෙන් හැඳින්විය හැක. මෙය නියත වශයෙන්ම එකිනෙකට සම්බන්ධ කරන ලද පරිගණක ජාලයක් තුළ, මහජනයාට සම්බන්ධ විය හැකි, ලෝක ව්‍යාප්තව පවතින ජාලයකි. මෙයට තොරතුරු සපයනු ලබන්නේ ඉන්ටර්නෙට් ප්‍රොටකොල් ක්‍රමය ප්‍රයෝජනයට ගනිමින් පැකට් ස්විචිං ක්‍රමය (Packet switching) මගිනි. මෙය ගෘහස්ථ වශයෙන් කුඩා තොරතුරුද, අධ්‍යාපන, ව්‍යාපාරික සහ රාජ්‍යයන් රාශියක තොරතුරු වලින්ද සමන්විත වන අතර විද්‍යුත් තැපෑල, අන්තර්ජාලයේ කෙරෙන හමුවීම්, සාකච්ඡා, ලිපි ගොනු එහා මෙහා යැවීම් සහ එකිනෙකට සම්බන්ධ වෙබ්පිටු සහ ලෝක ව්‍යාප්ත ජාලයේ වෙනත් ලියවිලි වැනි නොයෙක් ආකාරයේ තොරතුරු හා සේවාද සපයයි.

අන්තර්ජාලය (Internet) සහ ලෝක ව්‍යාප්ත ජාලය (World wide web) යනු එකක් ලෙස සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකු වටහා ගෙන සිටින නමුදු එය එසේ නොවේ අන්තර්ජාලය යනු අන්තර් වශයෙන් එකිනෙකට සම්බන්ධ වී පරිගණක ජාල එකතුවකි. මේවා සම්බන්ධ වී තිබෙන්නේ තඹ කම්බි, ෆයිබර් ඔප්ටික් කේබල් රැහැන් රහිත සම්බන්ධතා ආදියෙනි. ලෝක ව්‍යාප්ත ජාලය යනු හයිපර් ලින්ක සහ URL මගින් සම්බන්ධ කරනු ලබන අන්තර් වශයෙන් සම්බන්ධ ලියවිලි (documents) එකතුවකි. මෙම ලෝක ව්‍යාප්ත ජාලයට විද්‍යුත් තැපෑල, ගොනු හුවමාරු (File sharing) සහ පහත විස්තර කරනු ලබන වෙනත් ක්‍රමද ඇතුළුව අන්තර්ජාලය තුලින් ප්‍රවිෂ්ට විය හැක.

20 වෙනි ශත වර්ෂය අවසාන වන්නට ආසන්නයේදී ලෝක ව්‍යාප්ත ජාලය හඳුන්වා දීමත් සමග ඕනෑම තනි පුද්ගලයෙකුට ලෝක ව්‍යාප්ත ජන මාධ්‍ය කලාව එක් වීමේ හැකියාව ලැබි තිබේ. පළමු වතාවට වෙබ් අඩවියක් ඇති ඕනෑම කෙනෙකුට ලෝක ව්‍යාප්ත ප්‍රේක්ෂක පිරිසකට ඇමතිය හැක. (එසේ වුවද ඉහත මට්ටමේ වෙබ් සංසරණය සාමාන්‍යයෙන් මිළ අධික කාර්යයකි) ඕනෑම කෙනෙකුට ලබා ගත හැකි වන ලෙස තොරතුරු, පින්තූර සහ ප්‍රකාශ ආදි විශාල ප්‍රමාණයක කාරණා ලෝක ව්‍යාප්ත ජාලය තුල ඇතත් (බොහෝ විට තනි පුද්ගලයෙකු පල කරන) එවැනි තොරතුරු වල විශ්වාසනීයත්වය නිශ්චය කිරීම අසීරු කාරණයක්ව පවති. අන්තර්ජාලය පැමිණීමත් සමග ලෝකයේ සිදු වන හදිසි සිදු වීම් පිළිබඳ ප්‍රවෘත්ති (Breaking News) මිනිත්තු කිහිපයක් තුල මුලු ලෝකයටම දැන ගැනීමට හැකියාව ලැබී තිබේ. මෙම ක්ෂණික විමධ්‍යගත සන්නිවේදන ක්‍රමය හේතුවෙන් ලෝක ව්‍යාප්ත ජන සන්නිවේදන කලාව සහ එය සමාජයට ඇති කරන බැඳීම වෙනස් කර ඇතැයි හැඟි යයි.

ක්‍රොස් මීඩියා (Cross – Media) යනුවෙන් අදහස් වන්නේ එකම පණිවුඩය විවිධාකාර චැනලයන් හරහා බෙදා හැරීමයි. කේන්ද්‍රාභිමුඛ (Convergence) නොහොත් සියලු දිශාවෙන් පැමිණෙන සහ මෙවැනිම තවත් අදහසක් ප්‍රවෘත්ති කර්මාන්තය තුල ප්‍රකාශ වී තිබේ. මානව සම්බන්ධතා නොමැතිව, ක්‍රොස් මීඩියා මගින් මුද්‍රණය හා ලෝක ව්‍යාප්ත ජාලය තුල තම තමන්ගේ ප්‍රකාශන පල කිරීමට හැකි යයි බොහෝ කර්තෘවරු තේරුම් ගෙන සිටිති. එකිනෙකට නොගැලපෙන දත්ත තිර හැඩයන් (Screen fermats) සමග රැහැන් රහිත උපකරණවල සංඛ්‍යාව වැඩි වීම “එක් වතාවක් සකස් කර වැඩියෙන් ප්‍රකාශයට පත් කිරීම” (Create once publish more) යන අදහස ක්‍රියාත්මක කිරීමේදි බාධකයක් වී තිබේ.

පෘථුල සන්නිවේදන මාධ්‍යයක් ලෙස අන්තර්ජාලය ඉතා ඉක්මණින් පැමිණෙමින් තිබේ. සෑම දෙයක්ම අන්තර්ජාලය තුලින් ලබා ගැනීමේ පහසුව ලැබි තිබේ. ප්‍රවෘත්ති පත්‍රයක් මිළ දී ගැනීම හෝ රෑ උදයේ ප්‍රවෘත්ති රූපවාහිනියෙන් බලනවාට වඩා අන්තර්ජාලය තුලින් තමන්ට අවශ්‍ය ප්‍රවෘත්තිය ලබා ගැනිම සඳහා මිනිසුන්ට හැකියාව ලැබී තිබේ. බොහෝ වැඩ කරන ජනතාව තමන්ගේ මේසය ළඟ වාඩි වී අන්තර්ජාල ප්‍රවෘත්ති වලට සවන් දෙති ක්‍රීඩා කරති. ‘අන්තර් ජාලය හා සහ අධ්‍යාපනය’ සම්බන්ධයෙන් ‘The pew internet & American life’ ව්‍යාප්පෘතිය මගින් කරනු ලැබු සමීක්ෂණයකදි අධ්‍යාපන ක්‍රමය පවා අන්තර්ජාලය මත රැඳි පමවතින බව අනාවරණය කර ඇත. ගුරුවරයෙකුට එක් ඊ මේල් එකක් මගින් සම්පූර්ණ පන්තියක් සමග සම්බන්ධ විය හැක. පන්තියේ ශිෂ්‍යයින්ට පිටපතක් ලබා ගැනීමට හැකි වන සේ ඔවුන් සතුව වෙබ් පිටු තිබේ. සමහරක් පන්ති වලට, ශිෂ්‍යයින් සතිපතා තැපෑලෙන් යැවිය හැකි ක්ලාස් බ්ලොග්ස් තිබේ. දායකත්වය මත වර්ගීකරණය කරනු ලැබේ. මෙපරිදි අන්තර්ජාලය සන්නිවේදනයේ බලවතෙකු බවට පත් වී ඇත.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Mass_media#Internet