බලශක්ති සංරක්‍ෂණය

විකිපීඩියා වෙතින්

බලශක්ති සංරක්ෂණය යනු බලශක්ති පරිභෝජනය අඩු කිරීමට දරන ක්‍රියාමාර්ග වේ. බලශක්ති සංරක්ෂණය කරගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග නම්;

බලශක්ති සංරක්ෂණය මගින් ආර්ථික සංවර්ධනය ඇති කිරීම, පරිසර තත්ත්ව ඉහළ නැංවීම, ඡාතික ආරක්ෂාව, පුද්ගල ආරක්ෂාව හා මිනිස් සැප පහසුකමි වැඩි දියුණු කිරීම සිදු කර ගත හැක. බලශක්ති පරිභෝජනයේ ඍජු පාරිභෝගිකයන් වන පුද්ගලයන් හා සංවිධාන විසින් බලශක්ති සංරක්ෂණයට දායක වීම මගින් බලශක්තීන් සඳහා වැයවන පිරිවැය අඩුකිරීමට හා ආර්ථික සංවර්ධනය ඇති කිරීමට හැකි වේ. කාර්මික හා වෙළඳ පරිශීලකයන්ටද කාර්යක්ෂම බලශක්ති භාවිතය වැඩි කිරීමෙන් උපරිම ප්‍රතිලාභ ලබා ගත හැක.

බලශක්ති සංරක්ෂණ ප්‍රතිපත්ති[සංස්කරණය]

Low-energy building techniques and technologies in an Energy conserving building.

බලශක්ති ප්‍රතිපත්තින්හි ප්‍රධාන අංගයක් වන්නේ විද්‍යූත් බලශක්ති සංරක්ෂණයයි. බලශක්ති සංරක්ෂණ මගින් බලශක්ති පරිභෝජනය අඩු කිරීමටත් ඒක පුද්ගල බලශක්ති ඉල්ලුම අඩු කිරීමටත් හැකිවන අතර ජනගහන වර්ධනයට සාපේක්ෂව ඇතිවන බලශක්ති ඉල්ලුමේ වර්ධනය මඟ හරවා ගැනීමටත් හැකිවේ. බලශක්ති සංරක්ෂණය කිරීම මගින් දිනෙන් දින ඉහළ යන බලශක්තීන් සඳහා සිදුකරන ගෙවීම් අවම කර ගැනීම, නව බලශක්ති බලාගාරවල අවශ්‍යතාව අවම වීම, බලශක්තීන් සඳහා යොදා ගන්නා ද්‍රවය අපනයනය සඳහා යන වියදම අවම කර ගැනීම යන කරැනුු මෙමගින් සාක්ෂාත් කර ගත හැක. එහිදී බලශක්ති ඉල්ලුම අවම කරගැනීම හේතුවෙන් බලශක්ති නිෂ්පාදනයට වඩාත් උචිත ක්‍රියාමාර්ග තෝරා ගැනීමේ නම්‍යතාවයක් ඇතිකර ගත හැක.

දේශගුණික වෙනස්වීමි[සංස්කරණය]

දේශගුණික විපර්යාසවලට විමෝචනය හේතු වේ. බලශක්ති සංරක්ෂණය මගින් විමෝචනය අඩු විම දේශගුණික විපර්යාස අඩුවීමේ ක්‍රියාවලියේ වැදගත් අංගයක් වේ. බලශක්ති සංරක්ෂණය කිරීම මගින් නවකාර්ය නොවන සම්පත් වෙනුවට නවකාර්ය සම්පත් ආදේශ කර ගත හැක. බලශක්ති අර්බුදය සඳහා වඩාත්ම සුදුසු ආර්ථිකමය විසඳුම බලශක්ති සංරක්ෂණය වන අතර එය වැඩිවන බලශක්ති නිෂ්පාදනයට ඇති පාරිසරික විකල්පයක්ද වේ.

විවිධ රටවල් විසින් සිදුකරන බලශක්ති සංරක්ෂණය[සංස්කරණය]

ඉන්දියාව[සංස්කරණය]

ඛනිජෙතල් සංරක්ෂණ පර්යේෂණ සංවිධානය, 1976 වර්ෂයේදී ඉන්දීය රජය මගින් පිහිටවනු ලැබූ අතර එම ආයතනයේ කාර්යභාරය නම් බලශක්ති කාර්යක්ෂමවතාව හා සංරක්ෂණය ට අනුග්‍රහය දැක්වීම හා එමගින් මිනිස් ජීවිත ඉහළ නැංවීමයි. මෑත කාලයේ දී මෙම ආයතනය මගින් රෑපවාහිනී, ගුවන්විදුලි හා මුද්‍රිත මාධ්‍ය උපයෝගී කර ගනිමින් අතිවිශාල ජනමාධ්‍ය ව්‍යාපාරයක් සිදු කර ඇත. එම ආයතනය මගින් සිදුකළ අතිවිශාල ජනමාධ්‍ය ව්‍යාපාරය පිළිබඳ තුන්වන පාර්ශවයක් මගින් සිදුකරන ලද සමික්ෂණයක් මගින් හෙළිදරවු වූයේ පරිසර දූෂණය අඩු කිරීමට අමතරව පොසිල ඉන්ධන සඳහා වැයවන අතිවිශාල මුදල ඉතිරි කර ගැනීම පිළිබඳව බොහෝ දෙනෙක් දැනූවත් වූ බවයි. බලශක්ති කාර්යක්ෂමතා කාර්යාංශය යනු වර්ෂයේදී පිහිටුවන ලද ඉන්දියානු රජයේ ආයතනයක් වන අතර එහිද වගකීම වන්නේ බලශක්ති සංරක්ෂණය හා කාර්යක්ෂමවතාව ඉහළ නැංවීමයි.

ජපානය[සංස්කරණය]

ජපානය 1973 වර්ෂයේ සිටම ඉන්ධන අර්බුදය හේතුවෙන් බලශක්ති සංරක්ෂණය මතවාදයට හේතුවිය. එහිදී සියලුම තෙල් මත පදනමි වු ඉන්ධන ආනයනය කිරීමෙන් දේශීය අනුමත බලශක්තීන් වර්ධනය විය. බලශක්ති සංරක්ෂණ ආයතනය සෑම අතින්ම ජපානයේ බලශක්ති කාර්යක්ෂම ලෙස භාවිතය ඉහල නැංවීමට කටයුතු කරයි. එහිදී පෞද්ගලික ආයතන විසින් ක්‍රියාවට නංවනු ලැබුවේ කර්මාන්ත සඳහා කාර්යක්ෂම බලශක්ති භාවිතයයි.

ලෙබනනය[සංස්කරණය]

වර්ෂ 2002 සිට ලෙබනනයේ පිහිටවූ [ලෙබනන ජාතික බලශක්ති සංරක්ෂණ ආයතනය]] මගින්ද කාර්යක්ෂම හා සුදුසු බලශක්ති භාවිතය වර්ධනය හා පාරිභෝගික මටිටමේ සිට නවකාර්ය බලශක්ති භාවිතය වැඩිදියුණු කිරීම සිදු කරනු ලැබේ. එය ක්‍රියාවට නංවනු ලැබූයේ ගෝලීය පාරිසරික පහසුකම් ආයතනයේ මූල්‍ය ව්‍යාපෘතියක් වශයෙන් හා බලශක්ති ජල අමාත්‍යාංශය යටතේ පාලනය වන එක්සත් ජාතීන්ගේ සංවර්ධන ව්‍යාපෘතිය යටතේය. පසුව එය කාර්මික නිදහස් ආයතනය ලෙස තනිව ක්‍රමානුකූලව පිහිටවනු ලැබූවද එයට එක්සත් ජාතීන්ගේ සංවර්ධන ව්‍යාපෘතියේ සහය අඛණ්ඩව ලැබෙනුයේ 2007 ජුනි 18 වන දින බලශක්ති ජල අමාත්‍යාංශය හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන ව්‍යාපෘතිය අත්සන් කරනලද එකඟතාවයේ සංදේශය නිසාය.

නවසීලන්තය[සංස්කරණය]

නවසීලන්තය බලශක්ති කාර්යක්ෂමතා හා සංරක්ෂණ ආයතනයේ වගකීම වන්නේ බලශක්ති කාර්යක්ෂමතා හා සංරක්ෂණය වැඩිදියුණු කිරීමයි.

යුරෝපා සංගමය[සංස්කරණය]

අමතර බැලීම් : යුරෝපීය සංගමයේ බලශක්ති ප්‍රතිපත්ති

වර්ෂ 2006 අවසානයේ දී යුරෝපීය සංගමයේ ප්‍රතිපත්තිය වූයේ වාර්ෂික ප්‍රාතමික බලශක්ති පරිභෝජනය වර්ෂ 2020 දී 20%කින් කපා හැරීමයි [1] . යුරෝපීය සංගමයේ කාර්යක්ෂම බලශක්ති ක්‍රියාවලි සැලැස්ම ඉදිරියේදී නිකුත් වීමට අපේක්ෂා කරයි.

යුරෝපීය සංගමයේ SAVE Programme සංරක්ෂණය කළ පිටපත 2014-08-17 at the Wayback Machine,[2] කොටසක් වශෙයන් ඉලක්ක කර ඇත්තේ බලශක්ති කාර්යක්ෂමතාව වැඩි කිරීම හා බලශක්තිය සුරැකීමේ ක්‍රියාවට අනුබල දීමයි. බොයිලේරැ කාර්යක්ෂමතා මඟපෙන්වීම යටතේ ද්‍රව හා වායු ඉන්ධන මගින් බොයිලේරැ දහනයේදී අවම කාර්යක්ෂමතා මටිටමක් නියම කර ඇත.

එක්සත් රාජධානිය[සංස්කරණය]

ප්‍රධාන ලිපිය: එක්සත් රාජධානියේ බලශක්ති භාවිතය හා සංරක්ෂණය

බලශක්ති සංරක්ෂණය එක්සත් රාජධානිය තුළද මෑත වසර කිහිපය තුල අවධානයට යොමු වෙමින් පවතී. ඒ හා සම්බන්ධ ප්‍රධාන කරැණු වන්නේ රජයේ වගකීමක් වන කාබන් විමෝචනය අඩු කිරීම, එක්සත් රාජධානියේ විද්‍යුත් ජනනය සම්බන්ධයන් පවතින බලශක්ති අන්තරය සහ ආනයනය මත රඳා පවතිමින් දේශිය බලශක්ති සපුරාලීමේ අවශ්‍යතාව වැඩිවීම. දැනට පවතින ප්‍රධාන ගැටලු සහගත තත්ත්වයන් ලෙස ගෘහස්ථ පරිභෝජනය හා මහාමාර්ග හරහා සිදුවන ප්‍රවාහනය හැඳින්විය හැක.

ඇමරිකා එක්සත් ජනපදය[සංස්කරණය]

ප්‍රධාන ලිපිය: ඇමරිකා එක්සත් ජනපදයේ බලශක්ති සංරක්ෂණය

ඇමරිකා එක්සත් ජනපදය දැනට පවතින විශාලතම තනි පාරිභෝගිකයා වේ. ඇමරිකා එක්සත් ජනපදයේ බලශක්ති අමාත්‍යාංශය (U.S. Department of Energy) දේශීය බලශක්ති භාවිතය ප්‍රධාන අංශ හතරකට වෙන් කර ඇත. ඒවා නම් ප්‍රවාහනය, නේවාසික, ව්‍යාපාරික හා කාර්මික වේ.

ඇමරිකා එක්සත් ජනපදයේ බලශක්ති පරිභෝජනෙයන් අඩක් පමණ ප්‍රවාහනය හා නේවාසික යන අංශවල බලශක්ති භාවිතය සඳහා වන අතර එය විශාල වශයෙන් පාලනය කරනු ලබන්නේ තනි පුද්ගල දේශීය පාරිභෝගිකයන්ය. ව්‍යාපාරික හා කාර්මික යන අංශ වල බලශක්ති වියදම තීරණය වන්නේ ව්‍යාපාරික අංශ හා අෙනකුත් සහකාර කළමනාකරැවන් විසින්ය. ජාතික බලශක්ති ප්‍රතිපත්ති යට අනුව බලශක්ති භාවිතයට සැලකිය යුතු බලපෑමක් ඉහත අංශ හතර මගින් සිදුවන අතර 2010 Presidential-Congressional legislative debate ශක්තිමත් කිරීම එහි එක් අංගයක් වේ.

බලශක්ති සංරක්ෂණය හා සම්බන්ධ මතවාද[සංස්කරණය]

බලශක්ති සංරක්ෂණයට පක්ෂව හා විපක්ෂව විවිධ ආකෘති හා ප්‍රතිපත්ති සම්බන්ධ මතවාද ඇත. ඒවා නම්;

  • සම්මත ආර්ථික වාදයට අනුව තාක්ෂණික දියුණුව නිසා බලශක්ති භාවිතය අඩුවීමට වඩා බලශක්ති කාර්යක්ෂමතාව වැඩිවීම සිදු වේ. මෙය හඳුන්වනු ලබන්නේ Jevons Paradox ලෙස හඳුන්වන අතර එය ආකාර දෙකකින් සිදුවේ. පළමුව ෙමය බලශක්ති කාර්යක්ෂමතාව වැඩි කිරීෙමන් බලශක්ති භාවිතයට වැයවන මුදල සාපේක්ෂව අඩු කරන නමුත් මෙලෙස භාවිතය වැඩිකිරීමට අනුබල දෙයි. දෙවනුව බලශක්ති කාර්යක්ෂමතාව වැඩිකිරීමෙන් ආර්ථික වර්ධනය වැඩිකිරීමටත් එය මුලු ආර්ථිකයේම බලශක්ති භාවිතය වැඩිකිරීමටත් හේතු වේ. එයින් බලශක්ති කාර්යක්ෂමතාව වැඩිකිරීම නොවටිනා බව අදහස් නොකරන අතර ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි කිරීමෙන් නිෂ්පාදනය වැඩි වීම හා මිනිස් ජීවිත වල තත්ත්ව ඉහල නැංවීම සිදුවේ.

මේවාද බලන්න[සංස්කරණය]

නිර්දේශ කිරීම[සංස්කරණය]

  • Gary Steffy, Architectural Lighting Design, John Wiley and Sons (2001) ISBN 0-471-38638-3
  • Lumina Technologies, Analysis of energy consumption in a San Francisco Bay Area research office complex, for (confidential) owner, Santa Rosa, Ca. May 17, 1996
  • GSA paves way for IT-based buildings [3]
  • The official homepage for the European Intelligent Metering project. [1] සංරක්ෂණය කළ පිටපත 2010-06-07 at the Wayback Machine

සටහන්[සංස්කරණය]

  1. "Energy: What do we want to achieve ? - European commission". Ec.europa.eu. සම්ප්‍රවේශය 2010-10-22.
  2. For an Energy-Efficient Millennium: SAVE 2000 සංරක්ෂණය කළ පිටපත 2014-08-17 at the Wayback Machine, Directorate-General for Energy
  3. Robb, Drew (2007-06-02). "GSA paves way for IT-based buildings - Government Computer News". Gcn.com. සම්ප්‍රවේශය 2010-07-29.

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Environmental technology

"https://si.wikipedia.org/w/index.php?title=බලශක්ති_සංරක්‍ෂණය&oldid=592674" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි