බයිපෝල අක්‍රමිකතාව
බයිපෝල අක්‍රමිකතාව | |
---|---|
වෙනත් නම් | බයිපෝල ආවේග ආබාධය (BPAD),[1] ද්විධ්‍රැව රෝග, උන්මාද විෂාදය, උන්මාද මානසික අවපීඩන ආබාධය, උන්මාද-අවපීඩන රෝග,[2] උන්මාද-අවපීඩන මනෝ ව්‍යාධිය, චක්‍රීය උමතුව,[2] ද්විධ්‍රැව රෝගය[3] |
![]() | |
බයිපෝල අක්‍රමිකතාව මානසික අවපීඩනය සහ උන්මාදය වැනි කථාංග මගින් සංලක්ෂිත වේ. | |
විශේෂතාව | මනෝචිකිත්සාව |
රෝග ලක්ෂණ | මානසික අවපීඩනය සහ ඉහළ මනෝභාවය කාල පරිච්ඡේද[4][5] |
Usual onset | වයස අවුරුදු 25 [4] |
හේතු | පාරිසරික සහ ජානමය[4] |
අවදානම් සාධක | පවුල් ඉතිහාසය, ළමා අපයෝජනය, දිගු කාලීන ආතතිය[4] |
Differential diagnosis | අවධානය ඌනතා අධි ක්‍රියාකාරීත්ව ආබාධය, පෞරුෂ ආබාධ, භින්නෝන්මාදය, ද්‍රව්‍ය භාවිතයේ ආබාධය[4] |
ප්‍රතිකාර | මනෝචිකිත්සාව, ඖෂධ[4] |
ඖෂධ | ලිතියම්, මනෝසංවේදක ඖෂධ, කම්පන විරෝධී ඖෂධ[4] |
සංඛ්‍යාතය | 1–3%[4][6] |
බයිපෝල අක්‍රමිකතාව, කලින් උන්මාද විෂාදය ලෙස හැඳින්වූ අතර, එය මානසික අවපීඩන කාල පරිච්ඡේද සහ අසාමාන්‍ය ලෙස ඉහළ ගිය මනෝභාවයන් මගින් සංලක්ෂිත මානසික අක්‍රමිකතාවයකි.[4] [5] [7] ඉහළ ගිය මනෝභාවය දරුණු නම් හෝ මනෝසංවේදනික ව්‍යාධිය (සයිකෝසිස්) සමඟ සම්බන්ධ නම්, එය උන්මාදය ලෙස හැඳින්වේ; එහි දරුණු බව අඩු නම්, එය හයිපෝමේනියාව ලෙස හැඳින්වේ.[4] උන්මාද අවස්ථාවේදී, පුද්ගලයෙකු අසාමාන්‍ය ලෙස ශක්තිමත්, සතුටින් හෝ කෝපයෙන් පිරුණු ලෙස හැසිරෙයි හෝ හැඟේ.[4] පුද්ගලයන් බොහෝ විට ආවේගශීලී තීරණ ගන්නේ ප්‍රතිවිපාක ගැන එතරම් තැකීමක් නොකරමිනි.[5] උන්මාද අවධිවලදී සාමාන්‍යයෙන් නින්දේ අවශ්‍යතාවය අඩු වේ.[5] මානසික අවපීඩනයෙන් පෙළෙන කාලවලදී, පුද්ගලයන්ට හැඬීම, ජීවිතය පිළිබඳ නිෂේධාත්මක දෘෂ්ටියක් සහ අන් අයගේ ඇස් දෙස බලා සන්නිවේදනය කිරීම දුර්වල වීම යනාදිය අත්විඳිය හැකිය.[4] සියදිවි නසාගැනීමේ අවදානම ඉහළ වන අතර; වසර 20 ක කාලයක් තුළ පුද්ගලයින්ගෙන් 6% ක් සියදිවි නසාගැනීම් මගින් මිය ගිය අතර, 30-40% ක් ස්වයං-හානිකර ගැනීමේ නිරත වූහ.[4] කාංසා අක්‍රමතාවය සහ මත්ද්‍රව්‍ය භාවිත අක්‍රමිකතා වැනි අනෙකුත් මානසික සෞඛ්‍ය ගැටළු බොහෝ විට ද්විධ ආවේග අක්‍රමිකතාව සමඟ සම්බන්ධ වේ.[4]
බයිපෝල අක්‍රමිකතාවයට හේතු පැහැදිලිව වටහාගෙන නොමැති වුවද, පාරිසරික හා ජානමය සාධක දෙකම භූමිකාවක් ඉටු කරන බව සැලකේ.[4] කුඩා බලපෑම් කරන බොහෝ ජාන, අක්‍රමිකතාවය වර්ධනයට දායක විය හැක. [4] [8] ාමෙම අක්‍රමිකතාව වර්ධනය වීමේ අවදානමෙන් 70-90% කට පමණ ජානමය සාධක බලපායි.[9] [10] පාරිසරික අවදානම් සාධක අතරට ළමා අපයෝජන ඉතිහාසයක් සහ දිගුකාලීන ආතතිය ඇතුළත් වේ.[4] අවම වශයෙන් එක් උන්මාද සිද්ධියක් (මානසික අවපීඩන සිද්ධි සමඟ හෝ නොමැතිව) තිබේ නම් මෙම තත්ත්වය බයිපෝල ආවේග I අක්‍රමිකතාවය ලෙස වර්ගීකරණය කෙරේ, සහ අවම වශයෙන් එක් හයිපෝමේනියා සිද්ධියක් (සම්පූර්ණ උන්මාද සිද්ධි නොමැතිව) සහ එක් ප්‍රධාන මානසික අවපීඩන සිද්ධියක් තිබේ නම්, බයිපෝල ආවේග II අක්‍රමිකතාවය ලෙස වර්ගීකරණය කෙරේ.[5] ඖෂධ හෝ වෛද්‍ය ගැටලු හේතුකොට ඇති වූ රෝග ලක්ෂණ නම්, ඒවා බයිපෝල ආවේග අක්‍රමිකතාව ලෙස හඳුනා නොගනී.[5] බයිපෝල අක්‍රමිකතාවය සමඟ සමාන රෝග ලක්ෂණ ඇති තත්ත්වයන් අතර අවධානය අඩුවීමේ අධි ක්‍රියාකාරීත්වයේ ආබාධය, පෞරුෂ ආබාධ, භින්නෝන්මාදය සහ මත්ද්‍රව්‍ය භාවිත අක්‍රමිකතා මෙන්ම තවත් බොහෝ වෛද්‍ය තත්වයන් ඇතුළත් වේ.[4] රෝග විනිශ්චය සඳහා වෛද්‍ය පරීක්ෂණ අවශ්‍ය නොවේ, නමුත් රුධිර පරීක්ෂණ හෝ වෛද්‍ය ප්‍රතිබිම්බ මගින් වෙනත් ගැටළු බැහැර කළ හැකිය.[11]
මනෝභාව ස්ථායීකාරක ලෙස ලිතියම්, වැල්ප්‍රෝඇට් සහ කාබමසපයින් වැනි ඇතැම් ප්‍රතිකාම්පන ඖෂධ, දිගුකාලීන නැවත ඇතිවීම් වැළැක්වීම සඳහා ප්‍රධාන මූලිකත්වයක් වශයෙන් භාවිතා වේ.[12] උග්‍ර උන්මාද සිද්ධි වලදී මෙන්ම මනෝභාවය ස්ථායීකාරක ඉවසිය නොහැකි හෝ අකාර්යක්ෂම වන හෝ අනුකූලතාව දුර්වල අවස්ථාවන්හිදී ප්‍රති-මනෝ නාශක ඖෂධ ලබා දෙනු ලැබේ.[12] මනෝචිකිත්සාව මෙම ආබාධයේ වර්ධනය වැඩිදියුණු කරන බවට සාක්ෂි කිහිපයක් තිබේ.[13] මානසික අවපීඩන සිද්ධි වලදී විෂාදනාශක භාවිතය මතභේදාත්මක වන අතර ඒවා ඵලදායී විය හැකි නමුත් උන්මාද සිද්ධි අවුලුවාලීමට සම්බන්ධ වී ඇත.[14] කෙසේ වෙතත්, මානසික අවපීඩන සිද්ධිවලට ප්‍රතිකාර කිරීම බොහෝ විට දුෂ්කර ය.[12] විද්‍යුත් කම්පන චිකිත්සාව (ECT), උමතු සහ මානසික අවපීඩන සිද්ධි සඳහා, විශේෂයෙන් මනෝචිකිත්සාව හෝ කැටටෝනියාව සඳහා ඵලදායී වේ.[12] පුද්ගලයෙකුගෙන් තමන්ට හෝ අන් අයට අවදානමක් ඇති නම් මනෝචිකිත්සක රෝහලකට ඇතුළත් කිරීම අවශ්‍ය විය හැකිය; බලපෑමට ලක් වූ පුද්ගලයා ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරන්නේ නම් සමහර විට ස්වේච්ඡාවෙන් නොකරන ප්‍රතිකාර අවශ්‍ය විය හැක.[4]
ලෝක ජනගහනයෙන් ආසන්න වශයෙන් 1% ක් තුළ බයිපෝල අක්‍රමිකතාව ඇතිවේ.[12] එක්සත් ජනපදයේ, ජනගහනයෙන් පමණ 3% ක් පමණ ඔවුන්ගේ ජීවිතයේ යම් අවධියකදී මෙම තත්ත්වය සඳහා බලපෑමට ලක්වන බවට ඇස්තමේන්තු කර ඇත; කාන්තාවන් සහ පිරිමින් අතර ඇතිවන අනුපාතය සමාන බව පෙනේ.[6] [15] රෝග ලක්ෂණ ආරම්භ වන වඩාත් සුලභ වයස අවුරුදු 25 වේ. [4] බයිපෝල අක්‍රමිකතාවයෙන් පෙළෙන පුද්ගලයින්ගෙන් හතරෙන් එකක් හෝ තුනෙන් එකක් පමණ මෙම රෝගය හේතුවෙන් මූල්‍ය, සමාජීය හෝ රැකියා ආශ්‍රිත ගැටළු වලට මුහුණ දෙති.[4] ලොව පුරා ආබාධිතභාවයන්ට හේතු වන ප්‍රධානතම හේතු 20 අතරට බයිපෝල අක්‍රමිකතාව ඇතුළත් වන අතර එය සමාජයට සැලකිය යුතු පිරිවැයක් දැරීමට හේතු වේ.[16] ජීවන රටා තෝරා ගැනීම් සහ ඖෂධවල අතුරු ආබාධ හේතුවෙන්, බයිපෝල අක්‍රමිකතාව ඇති පුද්ගලයින් තුළ කිරීටක හෘද රෝග වැනි ස්වාභාවික හේතූන් නිසා සිදුවන මරණ අවදානම සාමාන්‍ය ජනගහනයට වඩා දෙගුණයකි.[4]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ Gautam S, Jain A, Gautam M, Gautam A, Jagawat T (January 2019). "Clinical Practice Guidelines for Bipolar Affective Disorder (BPAD) in Children and Adolescents". Indian Journal of Psychiatry. 61 (Suppl 2): 294–305. doi:10.4103/psychiatry.IndianJPsychiatry_570_18. PMC 6345130. PMID 30745704.
- ^ a b Edward Shorter (2005). මනෝචිකිත්සාව පිළිබඳ ඓතිහාසික ශබ්දකෝෂයක්. New York: Oxford University Press. pp. 165–166. ISBN 978-0-19-517668-1. ජනවාරි 6, 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2020 අගෝස්තු 6.
{{cite book}}
: Check date values in:|access-date=
(help) - ^ Coyle, Nessa; Paice, Judith A. (2015). Oxford Textbook of Palliative Nursing. Oxford University Press, Incorporated. p. 623. ISBN 9780199332342.
- ^ a b c d e f g h i j k l m n o p q r s t u v Anderson IM, Haddad PM, Scott J (December 27, 2012). "Bipolar disorder". BMJ (Clinical Research Ed.). 345: e8508. doi:10.1136/bmj.e8508. PMID 23271744.
- ^ a b c d e f American Psychiatry Association (2013). Diagnostic and Statistical Manual of Mental Disorders (5th ed.). Arlington: American Psychiatric Publishing. pp. 123–154. ISBN 978-0-89042-555-8.
- ^ a b Schmitt A, Malchow B, Hasan A, Falkai P (February 2014). "The impact of environmental factors in severe psychiatric disorders". Front Neurosci. 8 (19): 19. doi:10.3389/fnins.2014.00019. PMC 3920481. PMID 24574956.
- ^ "DSM IV Criteria for Manic Episode". July 31, 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
- ^ Goodwin, Guy M. (2012). "Bipolar disorder". Medicine. 40 (11): 596–598. doi:10.1016/j.mpmed.2012.08.011.
- ^ Charney, Alexander; Sklar, Pamela (2018). "Genetics of Schizophrenia and Bipolar Disorder". In Charney, Dennis; Nestler, Eric; Sklar, Pamela; Buxbaum, Joseph (eds.). Charney & Nestler's Neurobiology of Mental Illness (5th ed.). New York: Oxford University Press. p. 162. ISBN 9780190681425. November 11, 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය March 15, 2022.
- ^ Bobo WV (October 2017). "The Diagnosis and Management of Bipolar I and II Disorders: Clinical Practice Update". Mayo Clinic Proceedings (Review). 92 (10): 1532–1551. doi:10.1016/j.mayocp.2017.06.022. PMID 28888714.
- ^ NIMH (April 2016). "Bipolar Disorder". National Institutes of Health. July 27, 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය August 13, 2016.
- ^ a b c d e Grande I, Berk M, Birmaher B, Vieta E (April 2016). "Bipolar disorder". Lancet. 387 (10027): 1561–1572. doi:10.1016/S0140-6736(15)00241-X. PMID 26388529.
- ^ Goodwin GM, Haddad PM, Ferrier IN, Aronson JK, Barnes T, Cipriani A, Coghill DR, Fazel S, Geddes JR, Grunze H, Holmes EA, Howes O, Hudson S, Hunt N, Jones I, Macmillan IC, McAllister-Williams H, Miklowitz DR, Morriss R, Munafò M, Paton C, Saharkian BJ, Saunders K, Sinclair J, Taylor D, Vieta E, Young AH (June 2016). "Evidence-based guidelines for treating bipolar disorder: Revised third edition recommendations from the British Association for Psychopharmacology". Journal of Psychopharmacology. 30 (6): 495–553. doi:10.1177/0269881116636545. PMC 4922419. PMID 26979387.
Currently, medication remains the key to successful practice for most patients in the long term. ... At present the preferred strategy is for continuous rather than intermittent treatment with oral medicines to prevent new mood episodes.
- ^ Cheniaux E, Nardi AE (October 2019). "Evaluating the efficacy and safety of antidepressants in patients with bipolar disorder". Expert Opinion on Drug Safety. 18 (10): 893–913. doi:10.1080/14740338.2019.1651291. PMID 31364895.
- ^ Diflorio A, Jones I (2010). "Is sex important? Gender differences in bipolar disorder". International Review of Psychiatry. 22 (5): 437–452. doi:10.3109/09540261.2010.514601. PMID 21047158.
- ^ Ferrari, AJ; Stockings, E; Khoo, JP; Erskine, HE; Degenhardt, L; Vos, T; Whiteford, HA (August 2016). "The prevalence and burden of bipolar disorder: findings from the Global Burden of Disease Study 2013". Bipolar Disorders (Review). 18 (5): 440–50. doi:10.1111/bdi.12423. PMID 27566286.