බඹරගල රජ මහා විහාරය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

ගමන් විස්තරය[සංස්කරණය]

බඹරගල රජ මහා විහාරය නමින් ප්‍රසිද්ධව ඇති  විහාරය මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. කොළඹ සිට මහනුවර මයියංගනය මාර්ගයේ දිගන නගරයට පැමිණ එතැන් සිට වැවේගම පාරේ කිලෝ මීටර 4ක් ගමන් කරන විර විහාරයට යන මාර්ගය වම් පසින් හමුවේ. එතැන් සිට කිලෝ මීටර දෙකක් ගමන් කල විට බඹරගල රජමහා විහාරය හමුවේ.

එතිහාසික පසුබිම[සංස්කරණය]

ක්‍රි.පූ 6වන සියවසේදී සිදුහත් කුමාරයා උපත ලද ස්ථානයත් බුදුන්වහන්සේ වැඩ විසූ ඉන්ද්‍රසාල ගුහාවත් මෙම පිං බිමේ පිහිටා ඇත. ලෙන් විහාර විශාල ප්‍රමාණයක් මෙන්ම බ්‍රාහ්මීය අක්ෂරයෙන් රචිත සෙල්ලිපි කීපයක්ම එහි තිබේ. ඒ අතර ඉන්ද්‍රසාල ගුහාව , කෝලිත වංශය දැක්වෙන සෙල්ලිපිද පචින නම් රජ කෙනෙකු පිළිබද වූ විස්තරද සහිත සෙල්ලිපි ඇත. වර්ථමානයේදී නේපාලයේ සිදුහත් උපතක් සිදු වූ බැව් ප්‍රසිද්ධව තිබුනද මයුරපාද පරිවේනාදිපති බුද්ධ පුත්‍ර හිමියන් විසින් රචිත පූජාවලියේ සත්වන පරිච්ඡේදයේ සදහන් පරසමය දේශ නාමාවලිය අනුව නේපාලයේ හෝ ඉන්දියාවේ බුදුවරුන් පහල නොවන බැව් සදහන්ය.[1]

" පිටත් බංගාලය, අරමණ ය, වඟුරට ය, කොඬ්කණ ය, කඬ්ගුදෙස ය, සින්ධු ය, ඕහළ ය, නෙපාල ය, ගුර්ජ ය, තිංගුර ය, දොළුවර ය, කර්ණාට ය, ලාටා ය, පර ලාට ය, තිමිරදෙශ ය, කාකා ය, යවන ය, තුරඟ ය, අඳු ය, මඳු ය, කාම්බොජය, පූප්පොලය, කුරුකය, ඡත්තීශය, කර්ණාභාරය, චූඩය, වල්ලූරය මලයූර ය, පංඩූර ය, චීන ය, මහා චීන ය, කාශ්මිර ය, යොනක ය, බර්බර් ය, ශවර ය, වඩිගර ය, වීර ය, කල්යා ණ ය, පූරණ ය, චෝඩ ය, පාණ්ඩ ය, යනාදි මෙ කී දෙශ මධ්යයමණ්ඩලයෙන් පිටත් වූ ප්ර ත්යඩන්ත දෙශ නම. මේ දෙශවල බුද්ධාදීහු නූපදනාහුය." (පරසමය දේශ නාමාවලිය - පූජාවලිය සත්වන පරිච්ඡේදය)

නේපාලයේ පවතින සෙල්ලිපිය හා අශෝක කුළුණ ව්‍යාජ එකක් බැව් ජාත්‍යයන්තර ගවේෂණ වාර්ථාවල සදහන් වේ.(2)

සිදුහත් උපත බඹරගලදී වූ බවට පැහැදිලි සාධකයක් ලෙස ධාතු වංශය හැදින්විය හැක. පුරාණ කඩයිම් පුස්තක හා අනිකුත් ඉතිහාස ග්‍රන්ථ එයට සාක්ෂි දරයි. සිදුහත් කුමාරු හා සම්බන්ධ සල් වෘක්ෂ, ප්‍රසූත අවශ්‍යා සිදු වූ ප්‍රසූත ලෙන, පැන් පහසුව වූ පොකුණු ආදීය එහිදී දැක ගැනීමට හැක. සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය ග්‍රන්ථයේ සදහන් පරිදි සිදුහත් කුමරු උපන් ස්ථානයේ දෙවියන් විසින් තෙල් නදියක් මැවූ බව කියැවේ. බඹරගල රජමහාවිහාරය පිහිටා ඇත්තේ තෙල්දෙණිය ග්‍රාමයේය. ජනප්‍රදයනට අනුව තෙල් නදිය > තෙල් දෙණිය වූ බව කිව හැක.

මීට අමතරව බුදුන් වහන්සේ විසින් සක්කස්ස දේවානමින්ද නම් රජතුමාට සක්කපඤ්ඤ සූත්‍ර දේශානාව සිදු කළ ඉන්ද්‍රසාල ලෙන ද එම ශිලා ලේඛනයද දැක ගත හැකි අතර එය සෙනරත් පරණවිතාණ ශූරීන් විසින් තහවුරු කරන ලද්දක් වේ. තවද මහා මායාදේවියගේ වංශය වූ කෝලිත වංශය හා සබැදි ශිලා ලේඛනයක්ද, පචින නම් රජ කෙනෙක් හා සබැදි ශිලා ලේඛනයක්ද වෙයි. කටාරම් සහිත ලෙන් විශාල ප්‍රමාණයක්ද, ත්‍රිපිටකයේ සදහන් වේදිත පබ්බතයද බඹරගල රජ මහාවිහාරයේ ඉතිහාසය හා සබැදේ.

ශිලා ලේඛන[සංස්කරණය]

පචින රඣ නගයහ ඣය බමණ කොඣර කධිතය උපශික දතය ලෙණෙ

ප‍්‍රාචීන නාග රජුගේ බිසව වූද කොණ්ඩඥ්ඥ බමුණාගේ දියණිය වූද උපාසිකා දත්තාගේ ලෙණය (Inscriptions of Ceylon)

උතරගුත තෙරහ ලෙණෙ මනපදශනෙ කොලිගමහි තුබෙ කලතෙහි එකෙ ලෙණෙ චිතනගරහි පශදෙ තෙරහ දනෙ

උත්තරගුත්ත තෙරුන්ගේ මනාපදස්සන ලෙණය. කෝලියග‍්‍රාමයේ ථූපයක්ද කලත ග‍්‍රාමයේ එක් ලෙණක්ද චිත‍්‍ර නගරයේ ප‍්‍රාසාදයක්ද තෙරුන්ට පූජා කෙරේ (Inscriptions of Ceylon)

පරුමක අනුරදශ දනෙ ශිල පශදෙ ශගයෙ දිනෙ

ප‍්‍රමුඛ අනුරාධයන්ගේ දානයකි. ශිලා ප‍්‍රාසාදය සංඝයාට දුනි (Inscriptions of Ceylon)

ආරාම සැලැස්ම[සංස්කරණය]

බඹරගල විහාරය වේදිත පබ්බතය පාමුල පිහිටා ඇති නිසා විහාරයට ලගා වීමට උස් පඩිපෙලක් නැගීමට සිදුවේ. එහි බුදු මැදුර ලෙනක් තුල පිහිටා ඇති අතර එහි කටාරමේ පචින රජ පිළිබද සදහන් ශිලා ලේඛනය පවතී. විහාරය ඇතුලත සැතපෙන බුදු පිළිමවහන්සේ නමක් හා හිදි පිළිම ඇත. බුදු මැදුරෙහි තවත් කොටසක් ලෙනහි අනිත් පසින් වෙයි. සෙල්ලිපියේ කොටසක්ද ඇත්තේ පි‍ටුපසය. ලෙනෙහි පි‍ටුපසට යාමයට පඩිපෙලක් නැග යා යුතුය.ඉහලට ගිය පසු එක් පසෙක සිදුහත් කුමරු හා සම්බන්ධ ප්‍රසූත ලෙන වෙයි. එතැන කුඩා දාගැබ් වහන්සේ නමක් ඉදිකර ඇත.ඉන්ද්‍රසාල ලෙන හා අනිකුත් ලෙන් පර්වතය සමග පිහිටා ඇත.

ඉන්ද්‍රසාල ලෙන[සංස්කරණය]

බුදුන් වහන්සේ වැඩ සිටි ඉන්ද්‍රසාල ලෙන බඹරගල රජ මහාවිහාර භූමියේදී දැක ගත හැකි විශේෂ ස්ථානයකි.ත්‍රිපිටකයේ දීඝ නිකායෙහි එම සූත්‍ර දේශනාව සදහන්ව පවතී. බුදුරජාණන් වහන්සේ සක්කපක්‍ද්හ සූත්‍රය දේශනා කළේ පාචීන රජතුමාගේරාජගෘහයේ පිහිටි ඉන්දසාර ගුහාවේදී ය. බ්‍රාහ්මණයෙකුගේ දියණියක් සරණපාවාගත් ලංකාවේ නාග පචින පාචින රජතුමා ත්‍රිපිටකය ත්‍රිපිටක අටුවා ඇතුළු බෞද්ධ ග්‍රන්ථ වල සඳහන් වන තොරතුරකි, බුදුරජාණන් වහන්සේ සක් (ශක්‍ර) දෙවිදුන්ට සක්කපක්‍ද්හ සූත්‍රය දේශනාකිරීම. මෙම සූත්‍රය දේශනා කිරීමට බුදුරදුන් තෝරා ගත් ස්ථානය ලෙස සඳහන්කර ඇත්තේ පාචීන රජතුමාගේ රාජගෘහයේ පිහිටි ඉන්ද (ඉන්ද්‍ර) සාල ගුහාවයි.

""එවං මෙ සුතං – එකං සමයං භගවා මගධෙසු විහරති, පාචීනතො රාජගහස්‌ස අම්‌බසණ්‌ඩා නාම බ්‍රාහ්‌මණගාමො, තස්‌සුත්‌තරතො වෙදියකෙ පබ්‌බතෙ ඉන්‌දසාලගුහායං. තෙන ඛො පන සමයෙන සක්‌කස්‌ස දෙවානමින්‌දස්‌ස උස්‌සුක්‌කං උදපාදි භගවන්‌තං දස්‌සනාය. අථ ඛො සක්‌කස්‌ස දෙවානමින්‌දස්‌ස එතදහොසි – ‘‘කහං නු ඛො භගවා එතරහි විහරති අරහං සම්‌මාසම්‌බුද්‌ධො’’ති (දීඝ නිකාය සක්කපඤ්ඤ සූත්‍රය)

විහාරයේ ඉහලට යත්ම හමුවන වෙදියක පබ්බතයේ ලෙන පිහිටා ඇත. එහි ඉන්ද්‍රසාල ලෙන ලෙස ශිලා ලේඛය ඇත. එම ලේඛනය Inscriptions of Ceylon ග්‍රන්ථයේ අන්තර්ගතය.

ශිලා ලේඛන

ඉදශල ගුහ ශගශ

ඉන්ද්‍රසාල ගුහාව සංඝයාට (Inscriptions of Ceylon)

"පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් 1970 දී ලියා ඇති INSCRIPTION OF CEYLON. VOLUME I ග්‍රන්ථයේ පිටු අංක 103 දී බුදුරදුන් වරක් වැඩ වාසය කළ ඉන්සාල ගුහාව පිළිබඳව කෙටි සටහනක් දමා ඇත. ඒ ඔස්සේ අපිට ඉන්දසාලගුහාව, පචිනරජතුමා,අම්බසණ්ඩගම ආදිය විමසීමට පුළුවන.Ida – sala, cd.st.cave (skt. Indra – sala,p.Inda – sala)name of a cave in which the Buddha once dwelt (SeeIntroduction, p cxix), 457, 458, 817, 817 (4)Idasala – gu (ha)sagasa’ (The cave named ) Indasala – guha (is given ) to the Sanghaඅංක 817 යන ලිපියෙන් අපිටඉන්දසාල ගුහාව හමුවේ.මෙම ඉන්දසාලගුහාව පිහිටියේ පාචීන රජතුමාගේ රාජගෘහය අයත් ස්ථානයේ බව අටුවාවේ සඳහන් ය. මෙහිම ඇති අංක 814 යන ලිපිය කරවා ඇත්තේ පචින පාචීන(පාචීන) රජතුමාගේ බිරියයි.මෙයින් පාචීන රජතුමා ද මෙහි සිටි බවත්, රජතුමා සරණ පාවාගෙන ඇත්තේ බ්‍රාහ්මණ කොඣරගේ දියණියක් බවත් හෙළිවේ. 2 යටතේ අප විමසුමට ලක් කරන්නේ මෙයයි.814 (1) pocani – ragha – Nagayaha – jhaya –Bamana – Kojhara – jhitaya upasika – Dataya – lene 814පොචනි –රඣ – නගයහ – ඣය – බමණ-කෙඣර– ඣිතය – උපශික – දතය- ලෙණෙමෙම ලිපියේ පළමු අකුර ගලේ ඇත්තේ ප පයන්නයි.වැරදීමකින් පො පොයන්න ලෙස සටහන් වී ඇති බව පෙනෙයි. අටුවාවේ සඳහන් වන අම්බසණ්ඩ නම් බ්‍රාහ්මණගම නූතන ඇඹුල්අඹේ ලෙස සිතිය හැක.එහි ඇති සෙල්ලිපිවල පචින රජතුමාගේ පුත්‍රයෝ සහ ලේලීවරුන් විසින් කරවූ සෙල්ලිපි හමුවේ.මෙම සෙල්ලිපිද ලංකා ශිලාලේඛන සංග්‍රහයේ සඳහන් ය. වැඩි විස්තර සඳහාබලන්න. Archaeological Survey of Ceylon, AnnualReport, 1911.12. p 121, No.123 , I C.831, 833, 834 එම සෙල්ලිපි මෙසේ ය.831. පචින – රඣ – පුත – තිශයහ - ලෙණෙ – අගත – අනගත – චතුදිශ - ශගශ -දිනෙ 832 පචින – රඣ – පුත – තිශ -අයහ – බරිය – උපශික –රකිය- ලෙණෙ – අගත–අනගත – චතුදිශ - ශගශ(සිංහල ශිලාලේඛන සංග්‍රහය නන්දසේන මුදියන්සේ. 142 පිට) මේ අනුව බුදුරජාණන් වහන්සේ නූතන බඹරගලදී සක්කපඤ්හ සූත්‍රය දේශනා කළබවත් ලක්දිව විසූ පචින රජතුමා බ්‍රාහ්මණයෙකුගේ දියණියක් සරණ පාවා ගත්බවත් හෙළිවේ." [3]


"සත්‍ය දරාගැනීමට නොහැකි නිවටයන් විසින් මෙය විකෘති කිරීමට හෝ කරුණු වෙනස් කිරීමට හැකිය. පුරාණ සෙල්ලිපි ශාප පාඨ පරිද්දෙන් බුදුන්වහන්සේගේ සත්‍ය ඉතිහාස කථාව වසන්න, වෙනස් කරන්නට කටයුතු කරනවුන් බලු කපුටන් වේවා."

මුලාශ්‍ර[සංස්කරණය]

(1)පූජාවලිය - මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍ර හිමි

(2) http://www.sljaki.com/related/phelps-lumbini.html

(3)බුදුසරණ අන්තර්ජාල කලාපය (ගෞතම බුදුරජාණන් වහන්සේ දවස අප්‍රකට කථාහිටපු විදුහල්පති, ශාස්ත්‍රපති ලත්පඳුරේ පියරතන හිමි)

(4)Inscriptions of Ceylon

(5) දීඝ නිකාය- සක්කපඤ්ඤ සූත්‍රය

(6)ධාතු වංශය - සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය

(7) සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය - බලංගොඩ ආනන්ද මෛත්‍රී නා හිමි

(8) බුදුන්ගේ දේශය-  හිරාන් ශෂී හේරත්

"https://si.wikipedia.org/w/index.php?title=බඹරගල_රජ_මහා_විහාරය&oldid=454276" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි