බඳවා ගැනීමේ පුහුණුව

විකිපීඩියා වෙතින්

ජෝර්ජියාවේ මෙනින් බලකොටුවේ එක්සත් ජනපද හමුදා ආධුනිකයන් මූලික පාබල හමුදා පුහුණුව යටතේ බයිනෙත්තු ගැටුම් නිපුණතාවයන් උගනී.

බඳවා ගැනීමේ පුහුණුව යනු නව හමුදා භටයෙකුට ලබා දෙන ආරම්භක අධි ශික්ෂණය හා තොරතුරු වේ. බඳවා ගැනීමේ පුහුණුව තුළ දී දක්වන ලද තරඟකාරීත්වය මත පදනම් වන මෙය සියළු ආධුනිකයන්ට හා නිළධාරීන්ට පොදු වේ. එසේත් නැතහොත් නම් කරන ලද නිලතලයන් සඳහා පමණක් වේ. නිළධාරී පුහුණුවන්නන් වඩාත් සංකීර්ණ වැඩ පිළිවෙලකට ලක්වන අතර එය පොදු බඳවා ගැනීමේ පුහුණුව අනුගත හෝ නොවිය හැකි අතර නිළධාරී පුහුණු ඇකඩමියක හෝ (එහිදී සිවිල් උපාධි වැඩ පිළිවෙලක් ද සමගාමීව දියත් කෙරේ.) සිවිල් විශ්ව විද්‍යාලයක විශේෂ පන්ති තුළ දී සිදු කෙරේ.

සිවිල් වැසියන්, සොල්දාදුවන්, නාවිකයන් හෝ ගුවන් භටයන් බවට පරිවර්තනය කිරීමේ වැඩ පිළිවෙල හමුදා ඉතිහාසඥයෙකු වූ Gwynee Dyer විසින් නිර්වචනය කර ඇති පරිදි මෙය පුද්ගලයන් ප්‍රේරණය හා ධෛර්යවත් කොට ඔවුන්ගේ ඒකකයේ යහපත සඳහා කිඳා බැස්සවීමේ වැඩ පිළිවෙලකි. ඩයර් තර්ක කරන පරිදි මෙම තත්වයන් යුධ කටයුතු සඳහා අත්‍යවශ්‍ය වන්නේ යුද්ධයේ දී ඔවුන් සාමාන්‍ය ජීවිතයේ දී මුහුණ නොපාන ආතතීන් දරා සිටීමට සිදු වන බැවිනි.

මෙහි ස්වභාවය හා ප්‍රමාණය යුධ සේවාවන් හා රටවල් අනුව වෙනස් විය හැකිය. ඇතැම් පද්ධතීන්වල දී පුද්ගලයා සම්පූර්ණයෙන්ම බිඳ වට්ටවා අවශ්‍ය හැසිරීම් රටාව ලැබෙන පරිදි යලි වාත්තු කෙරේ. තවත් පද්ධතීන්වල දී පුද්ගලයා සංවිධානයට අනුගත එහෙත් ආධුනිකයාගේ පෞරුෂයේ මූලික ලක්ෂණ රඳා පවත්වා ගනී. මෙම එළඹුම් 2 අතර වෙනස බොහෝ දුරට හඳුනාගැනීමට අපහසුය.

සම්මත නිල ඇඳුම් ලබා දෙන අතර හැකිතාක් දුරට ඒකකාරී ස්වරූපයක් ලැබෙන පරිදි ඔවුන්ගේ කොන්ඩා කපා රැවුල් බෑම සිදු කෙරේ. කොණ්ඩා කැපීම ඒකාබද්ධතාවය වැඩි දියුණු කිරීමේ එක් ක්‍රමයකි. ආධුනිකයන්ට සාමාන්‍යයෙන් සේවා අංකයක් ලැබේ. මූලික පුහුණුවේ සැලකිය යුතු කොටසක් මනෝ විද්‍යාත්මක වේ. ඊට හේතු වන්නේ ආධුනිකයාව අණ දීම්වලට අවනත වීම සහ විධි ක්‍රමයේ නියමයන් පිළිපැදීමට විශ්වාස කළ නොහැකි වීම වළක්වා ගැනීමටයි. ඔවුන් තම තමන්ගේ ඇඳුම් නවා ගැනීම, සීරුවෙන් සිට ගැනීම, සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වීම දක්නට නොලැබේ නම් ඔහු හෝ ඇය යුධ පිටියේ දී විශ්වාස කළ නොහැකි වේ. ඇතැම් විට එම තත්වයන්හි දී නියමයන්වලට අකීකරු වීමට හෝ පැන යාමට ප්‍රබල පෙළඹවීමක් ඇති වේ. කණ්ඩායමක සාමාජිකයෙක් ලෙස ක්‍රියා කළ නොහැකි හා මූලික පුහුණුවේ විධි ක්‍රමයන් සමඟ අනුගත විය නොහැකි ආධුනිකයා ඔහු හා සිය ‍සහෘදයන් හා මෙහෙයුම උපද්‍රවයට පත් කරවිය හැකිය. මෙහෙයුමේ සාමාන්‍යයෙන් අඩංගු වන්නේ ශරීර සුවතාවය, යුධ නීති තොරතුරු සම්ප්‍රදාය ඉතිහාසය හා නිල ඇඳුම පිළිබඳ සැලකිලිමත් වීම හා එය නිසි ලෙස පැලදීමයි.

References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Recruit_training

"https://si.wikipedia.org/w/index.php?title=බඳවා_ගැනීමේ_පුහුණුව&oldid=166446" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි