බදු නීතිය

විකිපීඩියා වෙතින්

බදු නීතිය යනු ආර්ථික කටයුතු වලදී රජය මඟින් අයකරන බදු පළිබඳ ව විස්තර කරන සංග්‍රහගත කරන ලද නීති පද්ධතියි.

බදු අයකිරීමේදී සලකාබලන ප්‍රධාන කරුණු[සංස්කරණය]

ඇමරිකා එක්සත් ජනපදයේ බදු අයකිරීමේ දී මූලික වශයෙන් බදු අය කරන්නේ ආදායම, ලැබූ ප්‍රාග්ධනය, විශ්‍රාමික ගිණුම්, ඉඩකඩම්, තෑගි, සංස්ථා සහ හවුල් ව්‍යාපාර හෝ විශේෂිත ආයෝජන නිෂ්පාදන හෝ මාදීලි සලකා බලාය.

නීති විද්‍යාල තුළ බදු නීති අධ්‍යයනය[සංස්කරණය]

බදු නීතිය නීති විද්‍යාල තුළ “අතුරු නීති විශේෂයක් ලෙස ද විශේෂඥ විෂය ක්ෂේත්‍රයක් ලෙස ද හැදෑරිය හැකිය. බදු නීතිය පිළිබඳ විශේෂඥයින් බොහෝවිට උපදේශන කාර්යයන් සඳහා බඳවා ගන්නා ලබනු අතර නඩුකීම සඳහා ද සම්බන්ධවන අවස්ථා ද ඇත. ඇමරිකානු නීති ශිෂ්‍යයන් හට තම අභිමතය පරිදි උපාධිය අරමුණු කරගෙන තිබෙන විෂය පථයක් තෝරා ගත හැකි වේ. මේනිසා ඔවුනට නීති ආචාර්යය උපාධියට සහ නීතිඥ මණ්ඩලයට බඳවා ගැනීමේ විභාගයට පෙර ෆෙඩරල් රාජ්‍යය බදු අයකිරීම, ඉඩකඩම් සහ තෑගි බදු සහ අනුප්‍රාප්ත නීතියට අවස්ථාව සැලසේ.

ඇමරිකා එක්සත් ජනපදය තුළ ඉතා උසස් විශේෂඥ නීති උපාධි වැඩසටහන් ගණනාවක් ම දක්නට ලැබේ. මේවායින් බොහෝමයකදීම දේශීය සහ ජාත්‍යන්තර බදු අයකිරීම් පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට අවස්ථාව සැලසේ. උපාධි අපේක්ෂකයින් මෙම විශේෂඥ නීති උපාධි හැදෑරීම සඳහා ඇමරිකානු නීතීඥ සංගමයේ අනුමැතිය ලත් නීති විද්‍යාලයකින් තම නීති උපාධිය හදාරා තිබිය යුතුය.

ව්‍යාපාර පාසල් තුළින් බදු නීති අධ්‍යයනය[සංස්කරණය]

ඇමරිකා එක්සත් ජනපදය තුළ බලය ලත් ව්‍යාපාර පාසල් ගණනාවක් ම ඇත. මෙම උපාධි පාඨමාලාවන් බදු නීති සම්බන්ධ විශේෂඥ උපාධි මට්ටම දක්වා අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සලසා ඇත. තවද ගිණුම්කරණ පාඨමාලාවන් මඟින් සහතික ලත් රාජ්‍යය ගණකාධිකාරී තනතුරක් දක්වා අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සැලසේ.

සටහන්[සංස්කරණය]

Tax law
"https://si.wikipedia.org/w/index.php?title=බදු_නීතිය&oldid=469047" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි