බද්ධසීමා ප්‍රාසාදය

විකිපීඩියා වෙතින්
(බද්ධ සීමා ප්‍රාසාදය වෙතින් යළි-යොමු කරන ලදි)
බද්ධසීමා ප්‍රාසාදය
මූලික තොරතුරු
පිහිටීමපොළොන්නරුව, ශ්‍රී ලංකාව
අනුබැඳියාවබුද්ධාගම
දිස්ත්‍රික්කයපොළොන්නරුව
පළාතඋතුරුමැද පළාත
උරුම නාමකරණයපුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකය

පොළොන්නරුව පුරාණ නගරයේ ආලාහණ පිරිවෙණහි විසූ භික්ෂූන් වහන්සේලාගේ පොහොය කර්ම කිරීම පිණිස, එම භූමිය තුල ඉදිකල පොහොය ගෙය හෙවත් උපෝසථඝරය බද්ධසීමා ප්‍රාසාදය ලෙස හැඳින්වේ. ගල් කණු ඇතුලත් ගඩොල් බිත්ති මත, මහල් ගොඩනැගිල්ලක් තිබූ බවට සාධක වර්තමානයේ දැකගත හැකිවේ. පැරණි ශ්‍රී ලංකාවේ විශාලතම උපෝසථඝරය වන මෙහි දොළොස් මහල් ගොඩනැගිල්ලක් තිබූ බවට මහාවංශයේ විස්තර කෙරේ.

ගොඩනැගිල්ල තුල වූ මධ්‍ය වේදිකාව මත ධාතු කරඬුවක් තැම්පත් කරන අයුරින්ද, සිවු දිශාවට මුහුණලා ශෙෙලමය පීඨිකා මත හිඳි භික්ෂූන් සතර නමක් පිරිත් සජ්ජායනා කරන අයුරින්ද මෙය නිර්මාණය කොට ඇත.

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=බද්ධසීමා_ප්‍රාසාදය&oldid=414139" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි