බඩගිනි දුම්රිය පොළ
බඩගිනි දුම්රිය පොළ | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
සාමාන්‍ය තොරතුරු | |||||||||||
භූගෝලීය ඛණ්ඩාංක | 36°35′24″S 145°51′56″E / 36.59000°S 145.86556°Eඛණ්ඩාංක: 36°35′24″S 145°51′56″E / 36.59000°S 145.86556°E | ||||||||||
දුම්රිය මාර්ග(ය) | North East | ||||||||||
වෙනත් තොරතුරු | |||||||||||
තත්ත්වය | Closed | ||||||||||
ඉතිහාසය | |||||||||||
විවෘතය | 19 June 1882 | ||||||||||
වසා දැමීම | 5 July 1978 | ||||||||||
Services | |||||||||||
|
බඩගිනි දුම්රිය පොළ (ඉංගිරිසි (ඔස්ට්‍රේලියානු) බසින් Baddaginnie //බඩගිනී// ) යනු ඕස්ට්‍රේලියාවෙහි වික්ටෝරියා රජයෙහි පිහිටි ඊසානදිග දුම්රිය මාර්ගයේ බඩගිනි නගරයෙහි ඇති වසා දැමුණු දුම්රිය පොළ කි. දුම්රිය පොළ සතු වැ පුළුල් ආමාන (බ්‍රෝඩ් ගේජ් (පීලි අතර දුර)) දුම්රිය මඟ ට බටහිරි දෙසින් තනි වේදිකාවක් තුබූ අතර සම්මත ආමාන දුම්රිය මඟ එයට සමාන්තර වැ දිවැ ගියේ යැ.
2426 (කි.ව.1882) වසරෙහි ජුනි 19 වන දින බඬු සඳහා ද එ මැ වසරෙහි මැ ජූලි 3 වන දින මඟී ගමන් සඳහා ද ඇරුණු මේ දුම්රිය පොළට [1] 1908 දී නව වේදිකාවක්, දුම්රිය පොළ ගොඩනැඟිල්ලක් හා බඬු මඩුවක් ලැබුණු අතර, මේවා 1960 ගණන්වලැ සම්මත ආමාන දුම්රිය පීල්ල බඬු මඩුව හරහා යන ලෙස දුම්රිය පොළ නැවත ගොඩනඟන තෙක් පැවැතුණි. පුළුල් ආමාන දුම්රිය පීල්ල මාරු වන තැන ලූපය(?) (loop) දිගු කර නව සන් (සංඥා) පෙට්ටියක් සපයා ඇති අතර, වේදිකාවට පිටුපසින් ආදේශක භාණ්ඩ පැති මඟක් (siding?) හා මඩුවක් ද සපයා ඇති. 2522 (කි.ව.1978) ජූලි 5 වන දින දක්වා දුම්රිය පොළ මඟීන් සඳහා විවෘත වැ පැවැති අතර, සිසිර කාලසටහන හඳුන්වාදීමත් සමඟ එය සපුරා මැ වසා දමන ලදී. [2] 2523 (කි.ව.1979) ජුලි මස අවසන වන විටැ, බඬු මඩුව සහ පශු සම්පත් අංගනය, කොටස් ගලවා ඉවත් කරන ලදී. භාණ්ඩ වේදිකාව 2008 දී ද දැකිය හැකි වියැ.