බටගොඩ

විකිපීඩියා වෙතින්


බටගොඩ ගම වනාහි බස්නාහිර පළාතේ ‌කළුතර දිස්තික්කයේ ‌‌‌ඓතිහාසික රයිගම් ‌කෝරළයේ පිහිටි සුන්දර ගම් පියෙසකි. ‌මෙම ගම නාමකරණය වීම සදහා බලපෑ ‌‌සිදුවීමක් ජනපවාදයේ සදහන් ‌වෙයි.එනම් ‌කෝට්ටේ යුගයේ විසු විදීය බණ්ඩාර යුධ ‌සේනාවත් සමග ‌ආ නිසා ‌මෙය බටගොඩ නම් වූ බවයි.( බටයන් ‌ගොඩ බැසූ ‌හෙයින් බටග‌ෙ‌ාඩ නම් විය) ‌කෙසේ ‌වෙතත් එය සනාථ කර ගැනීමට තරම් පුරාවිද්‍යාත්මක ‌‌හෝ සාහිත්‍ය මූලාශයන් ‌ ‌මෙතෙක් දක්නට ‌නොමැත. එසේම ‌‌මෙම බටගොඩ ග‌මෙහි අවට පිහිටි යම් යම් ස්ථාන නාමකරණය සදහා බලපෑ ‌හේතු ද ජනපවාදයේ සදහන් ‌වෙයි.

දළදා වහන්‌සේ වැඩ සිටි තැන දා මළුව, වීදිය බණ්ඩාර සිටි තැන කුමාර වත්ත, සූරිය ‌දේවිය සිටි තැන සූරියගොඩ, අධිකාරම්වරු සිටි තැන අධිකාරිගොඩ, ගහලයෝ විසූ තැන ගහලවතුගොඩ, විදීය බණ්ඩාර රැස්වීම් පැවත් වූ තැන රැහිගොඩ ආදි වශයෙන් විවිධ ස්ථාන සදහා නම් ‌යෙදීම සිදු වී ඇත්තෙ ඉහත ජනපවාදයට අනුව බව කියැවේ. බටගොඩ ගම පිළිබද ඉතිහාස අධ්‍යනයේදී ලං‌දේසී ‌තෝම්බු වැදගත් ‌වේ. ලං‌දේසි යුගයේ ජීවත් වූවන් පිළිබද ‌තොරතුරු ඉන් ආනාවණය කර ගත හැකිය. ඉංගිසි යුගය පිළිබද ‌තොරතුරු තත් යුගයේ රාජකාරී ලියකියවිලිවලින් දැනගත හැකිය.

බටගොඩ ‌‌බෝධිමළු විහාරය[සංස්කරණය]

බටගොඩ ‌‌බෝධිමළු විහාරය වනාහි 1894. 04.21 ‌වෙනි දින ආරම්භ වී ඇත. ඉහත සදහන් කළ දා මළුව නැමති ස්ථානයෙහි ‌‌බෝධින් වහන්සේ නමක් ‌රෝපණය කිරීමෙන් අනතුරුව ‌‌බෝධිමළු විහාරය නමින් නම් කර ඇත. ‌‌මෙම විහාරස්ථානය ‌බෝධින් වහන්සේ නමක් ‌රෝපණය කර ආරම්භ කර ඇත්‌තෙ පූජ්‍ය පැල්පොල ඉන්දරතන හිමියන්ය. පැල්පොල ඉන්දරතන හිමියන්ට පසුව ‌පූජ්‍ය ඉවුඩුගොඩ සාරානන්ද මාහිමිපාණන් වහන්සේ විහාරාධිපති භාවයට පත් වී ඇත. අනතුරුව පූජ්‍ය පැළෑද සීලාලංකාර මාහිමිපාණන් වහන්සේ විහාරාධිපති භාවයට පත් වී විහාරස්ථානය සියලු විහාරාංගයන්ගෙන් සමන්විත විහාරස්ථානයක් බවට පත් කර ඇත. උන්වහන්සේගෙන් අනතුරුව පූජ්‍ය බටගොඩ චන්දානන්ද මාහිමිපාණන් වහන්සේ විහාරාධිපති භාවයට පත් විය. වර්තමාන විහාරාධිපති හිමියන් ‌‌ලෙස බටගොඩ චන්දවිමල හිමි‌යෝ කටයුතු කරති,

"https://si.wikipedia.org/w/index.php?title=බටගොඩ&oldid=469044" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි