ප‍්‍රතිසංස්කරණවාදය ට එරෙහි වීම්

විකිපීඩියා වෙතින්

ප‍්‍රතිසංස්කරණවාදය ට එරෙහි වීම්


ප‍්‍රතිසංස්කරණවාදී නායකයෝ දෙවියන් හුදෙක් පැරණි ව්‍යුහ තරබාරු කිරීමට සැදී පැහැදී සිටියේයැ යි විශ්වාස නොකළෝ ය. ඔවුන් ආගමික නැගී සිටීම නව යුගයක උදාව යැයි උපකල්පනය කලෝ ය. ප‍්‍රතිසංස්කරණවාදියෝ නව ගිවිසුමේ පරිද්දට සමස්ත ක‍්‍රිස්තියානි පල්ලියම සංස්කරණය කිරීමට උත්සාහ ගත්තෝ ය. ඇතැම්හු බයිබලය පුරාණ දූෂණ වලට හසුවී ඇති බවද නිවැරදි කිරීම් අවශ්‍ය යැයි ද පැවසුවෝය.

ප්‍රොතෙස්තන්ත ප‍්‍රතිසංස්කරණ පැවතියේ ප‍්‍රතිසංස්කරණවාදී ක‍්‍රමවේදය තුලින් ම පල්ලිය ප‍්‍රතිසංස්කරණයකට භාජනය කර විශ්වාසය සහ ක‍්‍රියාමාර්ග තුල නැවත මුල් බයිබලීය තත්වයට ගැනීම අරමුණු කරගෙනය. නමුත් පියුරිටන්වාදීන් වැනි ප්‍රොතෙස්තන්ත කණ්ඩායම් ක‍්‍රිස්තියානි විශ්වාසය හා ජීවිතය අරභයා ඓතිහාසික විනිශ්චයක් ඇති බව සැළකුවෝ ය. ප්‍රොතෙස්තන්තවාදීහු ඓතිහාසික ගලායාමක් හා ඇදහීමක් විශ්වාස කළෝ ය. නමුත් ප‍්‍රතිසංස්කරණවාදීන් මෙම ඓතිහාසික විනිශ්චය ප‍්‍රතික්ෂේප කළ අතර ක‍්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයෝ මුලින් ම එළිදරව් කළ දිව්‍යමය රටාව වැළඳගැනීම සඳහා උත්සාහ කළෝය. එමනිසා ප්‍රොතෙස්තන්ත සාමාජිකයෝ පල්ලියේ ඇතැම් ක‍්‍රියාමාර්ග බයිබලයට අනුකූල නැතැයි බැහැර කළද ප‍්‍රතිසංස්කරණවාදීන් විසින් ප්‍රොතෙස්තන්තයන් අනුමත කළ සන්ඬේ සබත් හා ටි‍්‍රනිටි වැනි ඇදහීම් ද ප‍්‍රතික්ෂේප කරණු ලබයි.

ප‍්‍රතිසංස්කරණවාදී සංවිධාන අතර ක‍්‍රිස්ටියන් කන්වෙන්ෂන්ස් චර්චස් ඔෆ් ක‍්‍රයිස්ට් ඩයිසිපල්ස් ඔෆ් ක‍්‍රයිස්ට් යෙහෝවාස් විට්නසස් (යෙහෝවා ගේ සාක්ෂිකරුවෝ) ද ලැටර් ඬේ සේන්ට් මූව්මන්ට් සෙවන්ත් ඬේ ඇඞ්වෙන්ටිස් සහ තවත් බොහෝ ඇත . මොවුන්ගේ ආගමික දර්ශණ විවිධ වන නමුත් මොවුන් සියල්ලෝ ම ක‍්‍රිස්තියානි ආගමේ ශුද්ධ වූ රටාව බොහෝ කාලයකට ඉහත දී ක‍්‍රමයෙන් විනාශ වූ බවත් ඔවුන්ගේ දේවස්ථාන හරහා එය නැවත පිහිටුවීමට හැකිවූ බවත් විශ්වාස කරති. ඇතැම්හු තමුන්ට ම මෙය සම්පූර්ණයෙන් ප‍්‍රතිස්ථාපනය කළ හැකි යැයි විස්වාස කරන අතර ඇතැම්හු වර්තමානයේ බොහෝ දේවස්ථාන වල භාවිත වන ක‍්‍රිස්තියානිය හඳුන්වාදෙනු ලැබුවේ තම නිකාය මගින් යැයි තහවුරු කරති. ඩයිසිපල්ස් ඔෆ් ක‍්‍රයිස්ට් මේ සඳහා එක් උදාහරණය කි. ඇතැම් ප‍්‍රතිසංස්කරණවාදීහු ප‍්‍රධාන ධාරාවේ නිකාය වන ප්‍රොතෙස්තන්ත කතෝලික හා ඕතඩොක්ස් වැනි ඇදහීම් නියම ක‍්‍රිස්තියානිය ලෙස නොසලකති.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Restorationism#A_Protest_against_Protestantism