පෞරුෂ මනෝවිද්‍යාව / මාර්ග න්‍යායයන්

විකිපීඩියා වෙතින්

පෞරුෂ්‍යත්ව මූලිකාදර්ශ යනු මනෝ විද්‍යාත්මක විවිධ පුද්ගලයින් වර්ගීකරණය කර ඇති ආකාරයයි. පෞරුෂත්ව මූලිකා දර්ශයන් පෞරුෂ්‍යත්ව ගති ලක්ෂණයන්ගේ වවිධ මට්ටම්වලින් වෙනස් වේ. උදාහරණයක් ලෙස මූලිකා දර්ශ වාදයට අනුව, පුද්ගලයින් වර්ග 2ක් පමණක් ඇත. (එනම් අන්තර්වර්ත සහ බහිර්වර්ත ලෙස) පෞරුෂත්ව ගති ලක්ෂණ වාදයට අනුව අන්තර්වර්තතාවය සහ බහිර්වර්තතාවට යනු දිගට පවත්නා මානයක අන්ත 2කි. එනම් මෙම අන්ත 2 අතර මැද බොහෝ පුද්ගලයින් පවතී. Carl Jung සහ විලියම් මැස්ටර්නගේ සෛද්ධාන්තික කටයුතු නිසා මෙම මනෝ විද්‍යා මූලිකාදර්ශයන් බිහිවිණි. එය වෛද්‍ය ට්‍රැවිස් බ්‍රැඩ්බරිගේ පෞරුෂත්වය පිළිබඳ රචිත ග්‍රන්ථයේ සඳහන්වී ඇත.

දෙවන ලෝක යුද්ධ සමයේ දී කාර්ල් ජුන්ගේ මෙම කටයුතු ඉදිරියට ගෙන යමින් “Isabel Briggs Myers සහ ඇයගේ මව කැතරින් සී.බ්‍රිගස් විසින් මයර්ස් බ්‍රිග්ස් මූලිකා දර්ශ දර්ශකය ගොඩ නඟමින් පෞරුෂත්ව ලක්ෂණ නිරූපණය කරන ලදී. මෙම ආකෘතිය වෙනස් ආකාරයකට පසුව ඩේවිඩ් කේසි විසින් යොදා ගන්නා ලදී.

මෙම ආකෘතිය අන්තර්වර්තය සහ බහිර්වර්තය ප්‍රධාන මනෝ විද්‍යාත්මක දැක්මන් ලෙස හා ඒ හා බැඳුණු මනෝ විද්‍යාත්මක යුගලයක් යොදා ගන්නා වඩා පෞරුෂත්වය සඳහා සෛද්ධාන්තික ප්‍රවේශයකි.

තේරුම් ගැනීමේ කාර්යය - සහජ ඥාණය සහ සංවේදනය මඟින් යථාර්ථය පිළිබඳ තේරුම් ගැනීම්

වින්ශ්චය කාර්යය - සිතීම සහ දැනීම (තීරණ ගැනීම බලපාන ප්‍රධාන සාධක ලෙස චින්තනය සහ දැනීම යොදා ගැනීම)

බ්‍රිග්ස් සහ මයර්ස් විසින් ඔවුන්ගේ මූලිකාදර්ශ දර්ශකයට තවත් පෞරුෂත්ව මානයක් එකතු කරමින් පුද්ගලයෙකුගේ වඩා ප්‍රමුඛ ලක්ෂණය වනුයේ තේරුම් ගැනීම/ විනිශ්චය කිරීම ද යන්න සෙවීමට ද උත්සාහ දැරීය. එමනිසා ඔවුන් ප්‍රශ්නාවලිය සකස් කිරීමේ දී පුද්ගලයෙකුගේ අභිමතය වනුයේ යම් අවස්ථාවක් තේරුම් ගැනීමට ද නැතහොත් කාර්යය කිරීමෙන් පසු විනිශ්චය කිරීමට ද යන්න හඳුනා ගැනීමට ද ප්‍රශ්න සකස් කළෝය.

මෙම පෞරුෂත්ව දර්ශනවාදයේ ඇතැම් පෞරුෂත්ව ගති ලක්ෂණ ද අන්තර්ගතය එමඟින් පුද්ගලයකුගේ හැසිරීම් එයට විරුද්ධ නියත ගති ලක්ෂණ මඟින් පහදා දෙයි. පාර්ම්පරික ආකෘතීන්ට අනුව මූලික පදනම ලෙස සහජ ඥාණය හැඳින්වූ අතර එය මඟින් පෞරුෂත්වය N හා S යන කාණ්ඩවලට බෙදා වෙන් කෙරුණි. N යනු චින්තනය මඟින් පාලනය කරන ලක්ෂණ අතර එය "NT" (විද්‍යඥායින් ඉංජිනේරුවරයින්) "NF" (රචකයින්, මානවවාදී පාලකයින්) ලෙස කාණ්ඩ ගත කළ හැක. එයට හාත්පසින්ම වෙනස් ලෙස "S" යනු අවබෝධය මඟින් පාලනය වන ලක්ෂණයක් වූ අතර එය තවදුරටත් "SP" (දක්ෂතා දක්වන්නා කැටයම්කරුවා, අත්කම් ශිල්පියා "SJ" (රැක බලාගන්නා,ගණකාධිකාරීවරයා, නිලධාරියා) යන ලෙස ද පෞරුෂත්වය බෙදිය හැක.

මෙම ප්‍රධාන මූලික ලක්ෂණ 4 පෞරුෂත්වය පදනම ලෙස සැලකිය හැක. (බහිර්වර්තනය සහ අන්තර්වර්තනය ඇතුලුව) නමුදු මෙය පුද්ගලයාගේ වෘත්තිය මත බොහෝ සේ පදනම්ව පෞරුෂත්වය බෙදා වෙන් කිරීමක් වන නිසා විවේචනයට බඳුන් වී ඇත. තවද එය පුද්ගලයාගේ වෘත්තිය බලාපොරොත්තු මඟ පෙන්වීම සඳහා උපකාරී වන සඳහා උපයෝගී කර ගන්නා සාධකයක් ද වෙයි. මෙම විරුද්ධ වීම් සහ විවේචන නිසා කාර්යය මත පදනම් වන හැසිරීම් ගැන අඩු අවධානයක් යොමු කර ගනිමින් පුද්ගල සහ චිත්ත වේග මත හැසිරීම් විග්‍රහ කරන සාධක 5 ආකෘතිය බිහිවිණි. මෙයට ද ඇතැම් විවේචකයින් විසින් මාන ප්‍රමාණය වැඩි / අඩු කිරීමට ද ඇතැම් අය හාත්පසින්ම විරුද්ධ සෛද්ධාන්තයන් ඉදිරිපත් කිරීමට ද පෙළඹී ඇත.

සමාජ විද්‍යාව යනු Aushra Augusta විසින් බිහිකළ සමාජ මනෝ විද්‍යා ක්ෂේත්‍රයකි. මෙය ඇන්ටන් කෙපින්වික්ගේ තො‍රතුරු පරිවෘත්තිය සෛද්ධාන්ත මත පදනම් වන කාල් ජුන්ග් විසින් සකස් කළ තොරතුරු මූලයන් සහ දැක්මන් පදනම් වන සංකල්පයක සමාන එකකි. පුද්ගලයන් ‍දෙදෙනෙකු අතර බැඳීමක් පැවතීම සඳහා පුද්ගලයන් තුළ පවත්නා තොරතුරු මූලයන්හි සම්මතයන් හේතු වන බව නිරීක්ෂණය කොට ඇත.

මූලිකා දර්ශ A පෞරුෂත්වය - මෙයර් ප්‍රයිඩ්මෑන් සහ ඔහුගේ සහයකයෝ විසින් වසර 1950 දී පුද්ගල හැසිරීම් මූලිකාදර්ශ A සහ B ලෙස බෙදා වෙන් කරන ලදී. ඔවුන්ට අනුව තීව්‍ර සහ වඩා වෙහෙස වී වැඩ කරන A පුද්ගලයන් හෘද රෝග සඳහා වැඩි අවදානමක් ඇති බව පෙන්වා දුණි. (මානසික පීඩනයෙන් පෙළෙන නිසා) නමුදු මූලිකාදර්ශ B කාණ්ඩයේ පුද්ගලයන් වඩා සැහැල්ලු තරඟකාරීත්වයෙන් අඩු දිවියක් ගෙවන නිසා හෘද රෝග අවදාන අඩු පෙන්වා දිණි. තවද මිශ්‍ර AB මූලිකා දර්ශකයක් ද මොවුන් විසින් පෙන්වා දුණි. Duke විශ්ව විද්‍යාලයේ වෛද්‍ය රෙඩ්පෝඩ් විලියම්ස්ට සෛද්ධාන්තවලට අනුව මූලිකා දර්ශ A පෞරුෂත්වයේ, හෘද රෝග සඳහා වැඩි බව නිෂ්ප්‍රභා කරන ලදී. නමුදු නූතන පර්යේෂණයන්ට අනුව මූලිකාදර්ශ A පෞරුෂත්වයේ විරෝදවාදී අංගය පමණක් සෞඛ්‍ය ගැටළු සඳහා හේතු වෙයි. මුලිකාදර්ශ A/B ආකෘතිය මඟින් පුද්ගලයෙකු පෞරුෂත්ව මානයන් සරල ලෙස පෙන්වීම නිසා මනෝ විද්‍යාඥයන් විවේචනයට බඳුන් වී ඇත.

http://en.wikipedia.org/wiki/Personality_psychology#Type_theories