පෞද්ගලික පරිගණක ක්‍රීඩා

විකිපීඩියා වෙතින්

පෞද්ගලික පරිගණක ක්‍රීඩාවක් (පරිගණක ක්‍රීඩා හෝ සරල PC ක්‍රීඩා ලෙස ද හදුන්වන) යනු වීඩියෝ ක්‍රීඩා කොන්සෝලයක හෝ ආකේඩ් යන්ත්‍රයකට වඩා පෞද්ගලික පරිගණකයක ක්‍රීඩා කරන වීඩියෝ ක්‍රීඩාවකි. පරිගණක ක්‍රීඩා spacewar වැනි සරල චිත්‍රක ක්‍රීඩාවල සිට වඩා සංකීර්ණ දෘෂ්‍ය ක්‍රීඩා දක්වා වූ විශාල පරාසයකට පරිණාමය වී ඇත.

පෞද්ගලික පරිගණක ක්‍රීඩා නිතරම වෙනත් විශේෂයින් හා සම්බන්ධ ක්‍රීඩා සංවර්ධකයින් විසින් හෝ වැඩි පිරිසක් විසින් නිර්මාණය කරන අතර ස්වාධීනව හෝ තෙවන පාර්ශවයේ ප්‍රචාරකයෙක් හරහා ප්‍රචාරය කරයි. පසුව ඒවා DVD හා CD වැනි ‍භෞතික මාධ්‍ය මගින් හෝ අන්තර්ජාලය ඔස්සේ භාගත හැකි අත්හදා බැලීමේ මෘදුකාංග ලෙස හෝ Driect2Drive හා Steam වැනි “ඔන් ලයින් භාරදීම්” හරහා හෝ බෙදා ගනී. පරිගණක ක්‍රීඩා ක්‍රියාකිරීම සඳහා සුවිශේෂී දෘඩාංග අවශ්‍ය වන අතර ඒවා නිතරම චිත්‍රක සැකසුම් ඒකකවල විශේෂ පරම්පරා හෝ ඔන්ලයින් ක්‍රීඩා කිරීම සඳහා අන්තර්ජාල සම්බන්ධ‍යක් විය හැක. මෙම පද්ධති අවශ්‍යතාවයන් ක්‍රීඩාවෙන් ක්‍රීඩාවට වෙනස් වේ.

පරිගණක ක්‍රීඩා හා ක්‍රීඩාවට ඇබ්බැහිවීම නිතරම එහි අඩංගු අගතිගාමී බලපෑම හා කුඩා ළමුන් දිගු කාලීනව මෙයට ඇබ්බැහි වීම ඉලක්ක කරමින් විවේචනයට ලක්වේ.ඇමරිකා එක්සත් ජනපදයේ සමහරක් වීඩියෝ ක්‍රීඩා අලෙවිය පාලනය කිරීමට විවිධ උත්සාහ ගෙන තිබුනත් The Entertainment Software Association ( විනෝදාස්වාද මෘදුකාංග සංගමය) සහ අනෙකුත් කණ්ඩායම්වල ස්ථාවරය වන්නේ තම දරුවන්ගේ හැසිරීම් පාලනය දෙමාපියන්ගේ වගකීම වන බවයි.

මතභේදාත්මක[සංස්කරණය]

ගොනුව:WoW-Lakeshire.png
බිලියාර්ඩ් විනෝද සපයන්නන්ගේ (Blizzard Entertainment) යුධ යානාවල ලෝකය (World of Warcraft) වැනි ජනප්‍රිය (MMORPGs) විශාල ලෙස විවේචනයට බඳුන්වන අතර ක්‍රීඩාවලට ඇබ්බැහි වීම්ද දිරිගන්වන බවට සැලකේ.

පැහැදිලිවම පරිගණක ක්‍රීඩා වීඩියෝ ක්‍රීඩා සමග සාමාන්‍යයෙන් සම්බන්ධ වන කලහකාරී බව නිසා බොහෝ කාලයක් තිස්සේ මතභේදයට තුඩු දෙන කරුණකි. විවාදය කුඩා ළමුන්ගේ සමාජීය පිරිහීම හේතුවට අන්තර්ගතවල බලපෑම ද සැළකිල්ලට ගන‍‍ියි. මන්දයත් ඇමරිකානු මනෝවිද්‍යාත්මක සංගමය වැනි සංවිධාන ද වීඩියෝ ක්‍රීඩා ප්‍රචණ්ඩත්වය ළමුන්ගේ කලහකාරී බව වැඩිකරතැයි ප්‍රකාශයට පත් කර ඇත. මෙම කරුණ 2006 සැප්තැම්බර් මස ලෙඩ රෝග වර්ධන ආයතනයේ වැඩිපුර පරීක්ෂාවට ද භාජනය විය. කර්මාන්ත කණ්ඩායම්, දරුවන්ගේ ක්‍රයාකාරකම් පාලනය දෙමවුපියන්ගේ වගකීම බවට ප්‍රතිචාර දක්වන අතර එක්සත් ජනපදයේ විරෝධයට හේතුවන ක්‍රියා විකිණීම තහනම් කිරීමේ ප්‍රයත්න ව්‍යවස්ථා විරෝධී බව හෙළිවී ඇත.

වීඩියෝ ක්‍රීඩාවලට ඇබ්බැහි වීම ක්‍රීඩා විවේචනයට භාජනය වීමේ තවත් ප්‍රධාන කාරණාවකි. මන්දයත් එමගින් සෞඛ්‍යයට හා සමාජීය සම්බන්ධතාවලට අහිතකර බලපෑම් එල්ල විය හැකි අතර සමහරක් අවස්ථාවලදී දිගු කාලීන ක්‍රීඩා කිරීම් මරණයට පවා හේතු විය හැක. ඇබ්බැහි වීමේ ප්‍රශ්නය හා එහි සෞඛ්‍යමය බලපෑම, සබැඳි විශාල බහු ත්‍රිචන චරිත ක්‍රියාකරවන ක්‍රීඩා (Massively Multiplayer online ZRole Playing Games) වල නැගී සිටීමත් සමග වැඩි වී ඇත.