පෝල් නිව්මැන්

විකිපීඩියා වෙතින්


උපත 1925,ජනවාරි 26 ශේකෙර් හය්ට්ස්,ඔහියො,එක්සත් ජනපදය.
විපත 2008 සැප්තැම්බර් 26(වයස 83) වෙස්ට්පොර්ට්
රැකියාව රංගනය,අධ්‍යක්ෂණය,මානවවාදී,
ව්‍යවසායක ජොඇන් වුඩ්වර්ඩ්

]] පෝල් ලියනාර්ඩ් නිව්මැන් (ජනවාරි26.1925-සැප්තැම්බර් 26-2008)අමෙරිකානු රංගන ශිල්පියෙකු,අධ්‍යක්ෂක වරයෙකු,මානවවාදීයෙකු,ව්‍යවසායකයෙකු මෙන්ම රේසින් මෝටර් රථ ධාවනයට දැඩි කැමත්තක් දක්වු පුද්ගලයෙකි. ඔහු විසින් විවිධ වූ සම්මාන රාශියක් දිනාගෙන ඇති අතර හොඳම නළුවා ලෙස විද්වත් පර්ෂද සම්මානය 1986 දී “the color of money” යන චිත්‍රපටය වෙනුවෙන්ද, තවත් නාමයෝජනා 8 ක්ද “golden globe” සම්මාන 3 ක්ද,BAFTA සම්මානයක්ද,screen actors guild සම්මානයක්ද,EMMY සම්මානයක් සහ තවත් විෂේශ සම්මාන රාශියක්ද දිනාගන්නා ලදි. තවද ඔහු විසින් මෝටර් රථ ධාවනය කිරීමෙන් ජාතික සූර පදක්කම් රැසක් ද ඔහුගේ කණ්ඩායම විසින් විවෘත ධාවන රථ තරගවලින් ශූරතාවයද ලබාගෙන ඇත. නිව්මන්ගේ OWN නමැති ආහාර ව්‍යාපාරයක හිමිකරුවෙකු වූ අතර ඔහු විසින් එහි ලාබය සමාජ සේවය සදහා යොමු කරන ලදි.මෙම අධාරවල වටිනාකම ඩොලර් මිලියන 280 ඉක්මවා ඇත.


මුල් අවධිය[සංස්කරණය]

නිව්මන් උපත ලැබුවේ ඔහියෝ ප්‍රාන්තයේ ශේකර් හයිට්ස්හිදීය.ඔහුගේ දෙමාපියන් වූයේ තෙරේසා සහ ආතර් සැමුවෙල් නිව්මන් ය.ඔහුගේ පියා ක්‍රීඩා භාණ්ඩ වෙළෙද සැල් හිමිකරුවෙකු ලෙස කටයුතු කළ අතර ඔහු පෝලන්ත සහ හංගේරියානු සංක්‍රමික යුදෙව් ජතික පවුලකට අයත් වේ.නිව්මන් ගේ මව රෝමානු කතෝලික පවුලකට අයත්ය.නිව්මන් හට ආගම ධර්මය පිළිබඳව කිසිම උනන්දුවක් නොතිබූ නමුත් ඔහු යුදෙව් ජාතිකයෙක් ලෙස විස්තර කළේ එය වඩාත් අභියෝගාත්මක නිසා බව ප්‍රකාශ කොට ඇත.ඔහුගේ මව තම ස්වාමියාගේ ව්‍යාපාරයට උදව් කළ අතරතුර ඔහුගේ සහෝදරයා වන අර්තර් ද ඔහු විසින් හදා වඩා ගන්නා ලදි.

නිව්මන්ගේ මව කුඩ කළ සිටම ඔහුව නාට්‍ය කලාව සදහා උනන්දු කළේය.වයස අවුරුදු 7 දී ඔහු විසින් සිය ප්‍රථම පාසල් නාට්‍ය ඉදිරිපත් කිරීම වන රොබින් හුඩ් නාට්‍ය ඉදිරිපත් කරනු ලැබීය.ශේකර් හයිට්ස් උසස් පාසලෙන් තම අධ්‍යාපනය හැදෑරු ඔහු ඔහියෝ විශ්වවිද්‍යාලයෙන් Phi Kappa Tau ද ආරම්භ කරන ලදි.


සටහන්[සංස්කරණය]

Paul Newman
"https://si.wikipedia.org/w/index.php?title=පෝල්_නිව්මැන්&oldid=211207" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි