පෝලන්ත අධිවාසය (1939–45)
Jump to navigation
Jump to search

සතරවන වරට පෝලන්තය බෙදා වෙන් කිරීම— නාසි-සෝවියට් ගිවිසුමෙන් පසුව; 1939–1941 වසර වලදී පෝලන්ත බලප්‍රදේශ බෙදා වෙන් කිරීම

1941දී ජර්මානුවන් විසින් සෝවියට් සංගමය ආක්‍රමණය කිරීමෙන් පසුව, පෝලන්ත බල ප්‍රදේශයන්හී පරිපාලන වෙනස්කම්. මෙම සිතියම විසින් දක්වනුයේ 1944දී තත්ත්වයයි.
නාසි ජර්මනිය සහ සෝවියට් සංගමය විසින්, දෙවන ලෝක යුද්ධය (1939–1945) අතරතුර, පෝලන්ත අධිවාසය ඇරඹුනේ, 1939 සැප්තැම්බරයෙහිදී පෝලන්තය ආක්‍රමණය කිරීම වෙතින් වූ අතර, 1945 මැයි මාසයේදී මිත්‍ර හමුදා විසින් නාසිවාදය පරාජය කිරීම හා සමගම විධිමත් ලෙසින් නිමාවට පත්විය. විදේශ අධිවාසයෙහි සමස්ත කාල සීමාව තුලදීම, නාසි ජර්මනිය සහ සෝවියට් සංගමය (එසෝසස) අතර, පෝලන්ත බලප්‍රදේශය බෙදා වෙන් කොට තිබුණි. සෝවියට්වරුන් විසින් ඈඳා ගත් භූමි ප්‍රදේශයන්, 1941 වසරෙහි ගිම්හාන-වසන්ත කාලය තුලදී, නාසි ජර්මනිය විසින් අල්ලා ගන්නා ලද්දේ, මුලදී සාර්ථක බවක් පෙන්වූ එසෝසස වෙත ජර්මානු ප්‍රහාරය අතරතුරදීය. වසර කිහිපයක් සටනෙහි යෙදීමත් හා සමගම, පෝලන්තය හරහා එසෝසස වෙතින් ඉවතට සහ නැගෙනහිර සහ මධ්‍යම යුරෝපයෙහි ඉතිරියෙන් ඉවතට නාසි හමුදා ආක්‍රමණිකයන් පලවා හැරීමට රතු හමුදාව සමත් විය.