Jump to content

පොල්කිච්චා

විකිපීඩියා වෙතින්

Oriental magpie-robin
Male C. s. ceylonensis, Sri Lanka
Female C. s. saularis, India
Call
විද්‍යාත්මක වර්ගීකරණය edit
අධිරාජධානිය: Eukaryota
රාජධානිය: අනිමාලියා
වර්ගය: Aves
ගෝත්‍රය: Passeriformes
කුලය: Muscicapidae
ගණය: Copsychus
විශේෂය: ''C. saularis''
ද්වීපද නාමය
Copsychus saularis
Synonyms

Gracula saularis Linnaeus, 1758

පාන් කිරිත්තා එසේත් නැත්නම් පොල්කිච්චා යනු, ශ්‍රී ලංකාව තුළ සුලභව හමුවන පක්ෂියෙකි. විද්‍යාත්මක නාමය Copsychus saularis වෙයි.


[2]පොල් කිච්චා දැකීම සුභද අසුබද

ස්වභාව දහම විසින් නිර්මාණය කරන ලද ඇතැම් දේ පවා දැකීම සුභ අසුභ ලෙස මිනිසා විසින්ම වර්ගීකරණයකට ලක් කර ඇත.විටෙක මේවා මිථ්‍යා මත ලෙසද ගණන් ගැනේ.ඒත් මේ සෑම දෙයකම සුභ අසුභ සහ යම් සත්‍යතාවක්ද ඇතිි බව සැලකිය යුතුවේ.මන්ද යම්කිසි දෙයක් ජනගත වෙන්නට කිසියම් හෝ හේතුවක් තිබීම මාගේ විශ්වාසයයි.

ඒ අතර පොල් කිච්චා නම් කුරුල්ලා දැකීමේ විවිධ ප්‍රතිඵල ඇති බව මතයකි.oriental magpie Robin ලෙසින් හඳුන්වන ලද මේ කුරුල්ලා සොබා දහමේ පණිවිඩය රැගෙන උදෙන්ම අවිදි වී අපිට පණිවිඩ දෙන මියුරු නාද නිකුත් කරන කුරුල්ලෙක් වශයෙන්ද හැඳින්වේ.උදෑසනම පහයි තිහට පමණ අවදි වන නින්දෙන්ම පවා අපට ඇහෙන මීයුරු නාදය මේ කුරුල්ලාගේ වේ.ලස්සනට ගී කියන කුරුල්ලෙකු ලෙසින් හැදින් වේ.දිවයිනේ සෑම පළාතකම දක්නට ලැබෙන කුරුල්ලෙක්ද වේ.ඇතැම් ප්‍රදේශවල පාන් කිරිත්තා ලෙසින් හඳුන්වන්නේ මේ කුරුල්ලාමය.බංගලා දේශයේ ජාතික පක්ෂියාද වේ.

පොල් කිච්චන් වර්ග 04 ක් ශ්‍රී ලංකාවේ වාසය කරති.ඒ පොල් කිච්චා, වන පොල්කිච්චා, කළු පොල්කිච්චා,ඉන්දු නිල් සිටි කිච්චා ලෙසින්, පරිසරයේ සමතුලිතතාවය රඳවා ගන්නට ඉතාම හිතකර සක්‍රීයතාවයක් ලබා දෙන මේ කුරුල්ලා,මදුරුවන් (600 -700) කෘමි සතුන්,කැරපොත්තන් වැනි සතුන් ඇතුළුව කෘමීන් ප්‍රමාණයක් දිනකට ආහාරයට ගන්නා බව සත්ව ලෝක තොරතුරු සඳහන් කරනවා.කිරිල්ලිය වරකට නිල් පැහැයට හුරු බිත්තර තුනත් හතරක් පමණ ප්‍රමාණයක් දමන බව සඳහන් වෙනවා.ඒ සඳහා මාර්තු සිට සැප්තැම්බර් දක්වා කාලය විශේෂිත බව සඳහන් වෙනවා.පොළොවේ සිට මීටර් තුනක් හතරක් පමණ උසක ගසක කුහරයක මේ සඳහා ඔහුගේ ස්ථානය සකසා ගන්නවා.(වසර දෙක සිට හත දක්වා කාලයක් ජීවත්වන බව ඒ ඒ විශේෂ අනුව සඳහන් වෙනවා)

ඉතින් මෙතරම් මිනිසාට යහපතක් උදාකරන මේ සත්වයා දැකීම අසුභ ලෙසද සුභ ලෙස ද විවිධ පණිවිඩ ගෙනදෙනව. පොල්කිච්චකු තනියම දැකීම අසුභ ලකුණක් ලෙසත් දුක්බර ආරංචියක් ගෙන එන බවත්,ඉර බැහැගෙන ගියාට පසුව දැකීම තවත් දුක් බරබව ජනප්‍රවාදයයි,දෙදෙනෙකු දැකීම සුභ සලකුණක් ලෙසද,ඇතැම් ප්‍රදේශවල දෙදෙනෙකු දැකීම තුළ කිසියම් ලියුම් වැනි පණිවිඩයක් රැගෙන එන බවද මතයයි.තවත් මතයක් නම් තනි පොල්කිච්චෙක් දුටු පසුව එය විපතකට නොපෙරළෙන්නට නම් තව අයෙකුටම පෙන්විය යුතුබවයි.බොහෝ ප්‍රදේශවල මූසල සතා,මූසල කුරුල්ලා ලෙසින්ද හැඳින්වේ.කෙසේ නමුත් දකින්නට සුභ නොමැති සතෙකු ලෙස පොල් කිච්චා හන්වඩු ගැසී ඇත.

අපේ රටේ පමණක් නොව දකුණු ආසියාව ඇතුළු රටවල් ගණනක ජීවත් වෙන මේ සත්ත්වයා තුළින් විවිධ මත නිකුත් කරන බවද ප්‍රසිද්ධ කරුණකි.ඇමරිකන් සංස්කෘතිය තුළ මේ සතා මියගිය ආත්මයන්ගේ පණිවිඩයක් රැකගෙන එනබවද,චීන සංස්කෘතිය තුළ වාසනාව රැගෙන එන බවද,බ්‍රිතාන්‍ය සංස්කෘතිය තුළ සොබාදම් වාසනාවේ සාස්තරකරුවකු ලෙසද හඳුන්වනු ලබයි.ඒ අනුව නැගෙනහිර සංස්කෘතියන් තුළ වාසනාවද බටහිර රටවල් සංස්කෘතිය  තුළ නරක ආරංචිද ගෙනෙන බව මතයයි.

කෙසේ නමුත් කුරුලු ලෝකයේ මේ සඳහා තනිව ජීවත් වීමට හේතුව නම්,තම සහකරු හෝ සහකාරිය මිය ගියාටපසුව වෙනත් සහකරුවකු හෝ සහකාරියකු නොපැතීමයි.ඒ අතරින් සත්ව ලෝකයේ උතුම් සංකල්පයක් ඇති සතෙකි.ඒ මතයම (තනි සතෙකු දැකීම)ශ්‍රී ලංකාව තුළ ජනගත වූවා යන්නද සැකයකි,වර්තමානය තුළත් සහකරු මිය ගිය පසු සහකාරිය කාන්තාව කන වැන්දුම්( අසුභ සලකුණක්) ලෙස ශ්‍රී ලංකාව තුළ ජනගත වීමයි.ගවේෂණයට ලක් කළ පසු මේ සතා තනිවම දැකීම බහුල බව මාගේ අත්දැකීමයි.

කෙසේ නමුත් අතීතයට ගොස් ජනප්‍රවාද සලකා බැලූ  මෙම සතා තනියෙන් දුටු කළ යම් දුක්මුසු ආරංචි ලැබෙන බවද.වර්තමාන නගරබද සමාජය නම් මේ පිළිබඳව කිසිත් නොදන්නා බවයි.(කිසියම් අයෙකු විශ්වාස කල ද නොකළද ජනප්‍රවාද තොරතුරු සොයන මාගේ විශ්වාසය යමක් ජන ගත වන්නට  කිසියම් සත්‍යයක් තිබිය යුතුම බවයි.)තවද කිසි දෙයක් එක ලෙසින් ප්‍රතික්ෂේප කිරීම බැහැර කිරීම ද නොකළ යුතුය.ඔබගේ සොයා  යෑමද ගවේෂණයද තොරතුරු සැපයීමද විශේෂ වෙයි.

සංජීව කුමාර රංගල්ල( ජ්‍යොතිෂ හා වාස්තු විද්‍යා උපදේශක,ජනශ්‍රැති පර්යේෂක)

අමතර අවධානයට

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ BirdLife International. (2017) [amended version of 2016 assessment]. "Copsychus saularis". IUCN Red List of Threatened Species. 2017: e.T103893432A111178145. doi:10.2305/IUCN.UK.2017-1.RLTS.T103893432A111178145.en. සම්ප්‍රවේශය 24 May 2018.
  2. ^ "පොල්කිච්චා (Copsychus saularis)". Biodiversity of Sri Lanka. සම්ප්‍රවේශය 2024-09-28.

භාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=පොල්කිච්චා&oldid=741252" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි