පොද වැස්ස

විකිපීඩියා වෙතින්
එංගලන්තයෙහි නෝෆ්ලක්හී පොද වැස්සක්.

පොද වැස්ස යනු, වැස්සට වඩා කුඩා ජල බිංදු වෙතින් – සාමාන්‍යයෙන් විෂ්කම්භය 0.5 mm (0.02 in) ට වඩා කුඩා – සමන්විත සැහැල්ලු ද්‍රව වර්ෂණයකි. [1] පොද වැස්ස සාමාන්‍යයෙන් සැදෙනුයේ පහළ මට්ටමෙහි ස්ථරීකෘත වලාකුළු සහ ස්තර කැටි වලාකුළු වෙතිනි. පොද වැස්ස වෙතින් නිමැවෙන වර්ෂණ ශීඝ්‍රතාවයන් වනුයේ පොළොව මතදී දිනකට මිලිමීටරයක් (0.04 අඟ) හෝ ඊට අඩු අගයයක් වෙයි. පොද වැසි බිඳිති වල කුඩා ප්‍රමාණය නිසා, පෘෂ්ඨයක් මත පතිත වීමට පෙර බොහෝ අවස්ථා වලදී පොද වැස්සෙන් අධික ප්‍රමාණයක් වාෂ්පීභවනය වන අතර එබැවින් පොළොව මත නිරික්ෂකයන් විසින් ආවේදනය කරනු නොලැබිය හැකිය. පොද වැස්ස සඳහා මෙටාර් කේතය වනුයේ DZ වන අතර හිමායන පොද වැස්ස සඳහා එය FZDZ වෙයි. [2]

ආචරණ[සංස්කරණය]

පොද වැස්ස වෙතින් මානවයන් කෙරෙහි අවම ක්ෂණික බලපෑම් පමණක් ඇති කරන නමුදු, හිමායන පොද වැස්ස හේතුවෙන් අනතුරු සහිත තත්ත්වයන් ජනිත විය හැකිය. හිමායන පොද වැස්ස ඇතිවන්නේ, හිමාංකයට වඩා පහළ උෂ්ණත්වයක පවතින පෘෂ්ඨයක් මතට අධිශීත පොද වැස්ස පතිතවූ විටදීය. [3] මෙම බිඳිති පෘෂ්ඨය මත ගැටෙත්ම ක්ෂණයෙන් මිදෙන අතර, මාර්ග පෘෂ්ඨය මත තහඩු අයිස් ( කළු අයිස් ලෙසින්ද සමහරවිට හැඳින්වෙයි) සැදීමට ඉවහල් වෙයි.

හටගැනීම[සංස්කරණය]

එංගලන්තයෙහි බෝන්මත්හී පොද වැස්සක්.

විශේෂිත ලෙසින් උපනිවර්තන කලාපයන්හී සිසිල් ප්‍රදේශ තුලදී, ලෝකයෙහි සාගරයන්හී විශාල ප්‍රදේශ මත බහුල ලෙසින් වර්ෂණය සිදු කෙරෙන ආකාරය වන්නේ පොද වැස්ස වෙයි. මෙම ප්‍රදේශයන්හී බහුලව දක්නට ලැබෙන්නේ නොඋස් සාමුද්‍රීය ස්තර කැටි සහ වෙළෙඳ සුලං කැටි වලාකුළු වන අතර, මේවා සම්පූර්ණයෙන්ම පිහිටන්නේ සාමුද්‍රීය මායිම් ස්තරය තුලය.

ආශ්‍රිත[සංස්කරණය]

  1. National Weather Service Observing Handbook No. 8, Aviation Weather Observations for Supplementary Aviation Weather Reporting Stations (SAWRS), Manual Observations, October 1996
  2. ස්පෙන්ස්, චාල්ස් එෆ්. (2006). ඒම්ස්/ෆාර්. මැක්ග්‍රෝහිල් ප්‍රොෆෙෂනල්. p. 294. ISBN 978-0-07-147924-0.
  3. හෙන්සන්, රොබට්; ගයිඩ්ස්, රෆ් (2007). ද රෆ් ගයිඩ් ටු වෙදර්. පෙන්ගුයින්. p. 63. ISBN 978-1-4053-8461-2.
"https://si.wikipedia.org/w/index.php?title=පොද_වැස්ස&oldid=453112" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි