Jump to content

පොදු නීතියේ ප්‍රධාන මුල ධර්ම

විකිපීඩියා වෙතින්

පොදු නීතියේ ප්‍රධාන මුල ධර්ම

පොදු නීතියේ විනිශ්චය පොදු නීතියේ අධිකරන බලය පිළිබ්‍රදව කරන ලද පර්යේෂන හා විශ්ලේෂනාත්මක අධ්‍යයනයන් හි විවිධ අදියරයන් තුලදී එක්තරා අවස්ථාවක දී නීතිය යනු කුමක්දැයි තෝරා බේරා ගැනීම අත්‍යාවශයය වේ. පළමුවෙන්ම සිද්ධිමය කරැණු ඉතාමත් හොදින් විමර්ශනය කළ යුතුවෙ. ඉන් පසුව ඊට අදාල ව්‍යවස්ථාවන් හා නීතිය අදාල කරගත යුතුවේ. ඉන්පසුව නෛතික මුලධර්ම හා විවිධ අධිකරණ විසින් වැදගත් යැයි සලකනු ලැබූ, වර්තමාන නඩුවේ දී ඉදිරිපත් කරනු ලැබූ කරැණු අනාගත අධිකරණ කටයුතු සදහා ඒවායේ බලපෑම කෙසේ ද යන්න පිලිබදව පරිස්සමෙන් කටයුතු කළ යුතුයි. ඉහල අධිකරණ තීන්දු හා ව්‍යවස්ථාදායගේ තීන්දු පහල අධිකරණ වල මේ සියල්ල එක්ව ගෙන පිළිගත හැකි හේතූන්ද සමගින් නීතිය යනු කුමක් දැයි නිගමනයකට එළඹ එම නීතිය අදාල නඩුවේ කරැණු වලට අදාල කරගනු ලැබේ.

පොදු නීතිය ව්‍යවස්ථාපිත නීතියට වඩා දම්‍ය වූ නීතියයි. පොදු නීති සම්ප්‍රදායේ යටතේ අධිකරණ පෙර තීන්දුවලින් බැදී සිටිම අනිවාර්ය නොවන නමුත් ව්‍යවස්ථාදායකයේ මැදහත් වීමකින් තොරව (පිළිගත හැකි හේතූන් ද සහිතව ) නීතිය නැවත අර්ථ නිරැපනය කිරිම හා ප්‍රතිශෝධනයක් ‍සිදු කල හැක. ඒ මගින් අධිකරණයට නව දේශපාලන, නෛතික හා සමාජ දර්ශනයක් හා සම්බන්ධ නව ප්‍රවණතා වලට දායක විය හැක. දෙවනුව පොදු නීතිය ක්‍රමානුකූලව විකාශනය වෙමින් පවතින අතර දශකයක් තුලදී සැලකිය යුතු වෙනසකට භාජනය වන මුත් ඒ තුළින් නීතියට ඉන්වන හානි දායක බලපෑම අවම වේ.

ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය ආරම්භ කිරිම ඉතාමත් අපහසු වේ. එය නොරිස්සිය හැකි තත්ත්වයන් උදාවන තුරැ ක්‍රියාත්මක නොවී පවතී. නමුත් ව්‍යවස්ථාදායකය මගින් නීතියේ සිදුකරන සංශෝධනය නිසා සමහර විටකදී නීතිය සම්පූර්ණයෙන් ම වෙනසකට භාජනය විය හැක. මීට හොදම උදාහරණය වන්නේ නොසලකිලිමත් භාවය ස්‍රදහා වූ වගකීම සම්බන්ධයෙන් පොදු නීතිය අනුගමනය කරන්නා වූ ක්‍රමානුකූලව කාලයත් සම වෙනස්වූ රීතින් ය. 19 වන සියවසේ දී වැඩි වශයෙන් ම අනුගමනය කරනු ලැබූ රීතිය වුයේ පැමිණිලිකරැ‍ට වගඋත්තරකරැගේ පනාසැලකිමත්කම හේතුවෙන් වන්දියක් ලබාගැනිමට නම් දෙදෙනා ම ගිවිසුමේ පෙර රහස දැන සිටීම අනිවාර්යය වේ. මේ අතර ආසන්නතම ගැනුම ්කරැට පමණක් කිසියම් නිෂ්පාදනයක දෝෂයක් නිසා වන්දි ලබා ගත හැකි අතර එම නිෂ්පාදනයේ සමහර කොටස් නිෂ්පාදකයාගෙන් පරිබාහිරව නිෂ්පාදන ය කර ඇත්නම් වන්ද ලබා ගැනීමට අවකාශ නැත.

Winterbottom Vs Wright නඩුවේ දී තුවාල ලද පුද්ගලයාට එම සිද්ධියට බාහිරව සම්බන්ධ වූ (නොවැදගත්) ඕනෑම පුද්ගලයෙකුට විරැද්ධව නඩු පැවරිය හැකි නම් ඉන් අයුක්තිසහගත හා සාහසික ප්‍රතිවිපාක ඇතිවිය හැකි බව අධිකරණය පෙන්වා දුනි. තවද මෙහිදී නොසැලකිලිමත් භාවය හා ඉන් සිදුවූ හානි යෙනි. (තුවාලයක්) වගකීම ඊට සම්බන්ධ පාර්ශවයේ ආසන්නතම පුද්ගලයාට පමණක් පැවරීම සදහා සම්බන්ධතාවක් ගොඩනැගීමට අධිකරණයට නොහැකි. Thomas Vs Winchester නඩුව මීට ව්‍යතිරේකයක් සපයයි. එහි දි අධිකරණ තීන්දුව වුයේ වස බෝතලයක් ශරීරයට හානිදායක නොවන ශාකශාර පානයක් ලෙසට වැරදියට ලේබල් කිරිම නියෝජිතයන් හරහා අලෙවි කිරිම මිනිස් ජිවත ඉතා ආසන්න භයානක අවස්ථාවකට පත් කරයි යන්නයි. Slater Vs Ray.Mfg.Co නඩුවේ දී කෝපි නිෂ්පාදන යන්ත්‍රය (කෝපි පුනාව Coffee urn) පිපිරී යාම නිසා අනතුරට පත් වූ පුද්ගලයා සම්බන්ධයෙන් එහි නිෂ්පාදකයා වගකීව යුතු බව තීන්දු කරන ලදි. Cardillac Moter car Co.Vs Johnson නඩුවේ දී දෝෂ සහිත රෝදය නිසා ඇති වූ අනතුරට කාරයේ අයිතිකරැට වන්දි ‍ලබා ත නොහැකි වුයේ එම රෝදය සාදා තිබූ අමුද්‍රව්‍ය නුසුදුසු තත්ත්වයේ ඒවා වුවත් ගිවිසුම ැවතියේ වාහන වෙළෙන්දා හා අයිතිකරැ අතර මිස වාහනයේ නිෂ්පාදකයා සමග‍නොවීමයි. පොදු නීතිය, ආණ්ඩුක්‍රම වයාවස්ථාව හා නීතිය අතර සබදතාව

පොදු නීති සම්ප්‍රදායේ දී නීති පද්ධතියේ ඇති වැදගත් සෑම නීති ක්ෂේත්‍රයක් ගැනම මනා අවබෝධයක් තිබි ම අනිවාර්ය කරැණකි. එංගලන්තය, වෙල්සය, හා ඇ.එක්. ජනපදයේ ‍බොහෝමයක් ජනපදවල ගිවිසුම් නීතිය, සිවිල් නීතිය, දේපල නීතිය. ආදී නීතින්ට අදාල මුලික ප්‍රතිපාදන පණත් වල අන්තර් ගත කොට නොමැති අතර පොදු නීතිය එඒසදහා උපයෝගී කර ගනී. නීතියේ සෑම ක්ෂේත්‍රයක දීම (භාණ්ඩ විකිණිමේ ගිවිසුම් පණත හා අපරාධ නීතිය වැනි නීති ව්‍යවස්ථාදායකය විසින් නිර්මාණය කලත්) වෙනත් ලිඛිත නීති වලත් ඒවා‍යේ මුලධර්මය පිළිබ්‍රදව අන්තර්ගත වන්නේ අල්ප වශයෙනි. එම නීති වල සීමාවන් හා අර්ථ දැක්වීම් අන්තර්ගත වන්නේ ‍‍පොදු නීතියේ ය. කිසියම් සිද්ධිමය කරැණු ගොනුවක් සදහා බලපාන නීතිය කුමක්දැයි නිශ්චිතවම දැන ගැනීමට ඊට අදාල පූර්ව නඩු තීන්දු හා ඒ සදහා හේතුවූ කාරනා පිළිබ්‍රද අවබෝධ කරගත යුතු වේ. එක්සත් ජනපද ව්‍යවස්ථාවේ. පළමු සංශෝධනයේ දී ‍ ආගමක් පිහිටු වීම හෝ එලෙස පිහිටවූ ආගමක් නිදහසේ ඇදහීම තහනම් කරන නීති රීති සම්පාදනය නොකරයි යනුවෙන් සදහන් වේ. නමුත් වන වගන්තියේ අන්තර්ගත මෙම ප්‍රතිපාදනයේ නෛතික සීමාවන් නීර්ණය කිරිම සදහාත් එම වගන්තියේ එම යෙදු‍මත් අර්ථකථනය සදහාත් පොදු නීතිය උපයෝගී කරගනී පොදු නීති සම්ප්‍රදායේ ව්‍යවස්ථාදායකට ක්‍රියාකරන්නේ එමගින් සම්මත කරනු ලබන නීතිය අර්ථ නිරැපනය වන්නේ පුර්වයෙන් පැවති පොදු නීතිය නඩු තීන්දු නීතිය හා සිරිත් විරිත් වල පසුතලයට විරැද්ධව යන කල්පිතය මතය. එම නිසා බොහෝමයක් කරැණු එම ව්‍යවස්ථාවලින් කියවෙන්නේ නැත. උදාහරණයක් හැටියට එක්සත් ජනපදයේ අපරාධ නීති බොහොමයක් සංග්‍රහ ගත කොට ඇත්තේ පෙර පැවති පොදු නීති අනුසාරයෙනි. එම නිසා වර්තමාන ව්‍යවස්ථාවන් (නීතිය) වල බොහොමයක් අර්ථ දැක්වීම් දක්වා නොමැත. ඒ හේතුවෙන් ඇමරිකානු නීති විද්‍යාලවල අපරාධයක් අර්ථ දැක්වීම් උගන්වනු ලබන්නේ 1789 දී එංගලන්තයේ ඒවා අර්ථ දැක්වූ ආකාරයට ය. එම නිසා වර්තමාන අපරාධ නීතිවල අන්තර්ගත යෙදුම් වල වාචික අර්ථ නිරැපනය හා අවබෝධකරගැනීම සදහා මෙම සියවස් ගණනක් පැරණි පොදු නීතිය උපයෝගී කරගනි.

රාජ්‍ය හා න්සන්ධීය වශයෙන් අතීතයට බලපාන අයුරින් අපරාධ නීති සම්පාදනය ඇමරිකානු ව්‍යවස්ථාව යටතේ තහනම් වන අතර නව නීතිය පද්ධතිය යටතේ ඇමරිකාව තුල පොදු නීති අපරාධ පවතී ද නැද්ද යන්න පිළිබදව ප්‍රශ්නයක් පැන නැඟුනි. ඊට නිශ්චිත පිළිතුරක් United states Vs Hudson & Good win නඩුවේදී ලැබුනි. එහි දී තීන්දුව වුයේ සන්ධිය රාජන්‍ේ මට්ටමින් පොදු නීති අපරාධ තහනම් වන අතර එම නීති ව්‍යවස්ථාවල එම අපරාධයේ අර්ථදැක්වීම හා ඒ සදහා වන දඩුවම් ද අනිවාර්යෙන් පැහැදිගිව දැක්විය යුතු‍වේ.

පොදු නීතියේ සංග්‍රහගත කල ව්‍යවස්ථාවන් හා ශුද්ධ ව්‍යවස්ථාපිත නීතිය හා සංසන්දනය කරන විට එම ව්‍යවස්ථාවන් මගින් පොදු නීතියටත් එහාය නව නඩුනිමිති නිර්මාණය කරනු ලබයි. සිවිල් වැරදි ගනයට වැටෙන වැරදි සහගත මරණය (wronghul death) මරණයට ක්වූ පුද්ගලයාගේ බිරිද ස්වාමියා හෝ දරැවන් හට වන්දි ඉල්ලා නඩු පැවරීමට අවස්ථාව සලසා ඇත. නමුත් එංගලන්තයේ (ඉංග්‍රීසි නීතියේ) මෙම තත්ත්වය දක්නට නැත. එවැනි ව්‍යවස්ථාවන් පවතින විටදී ඒ සදහා ලබාදෙන සහනය නීතියෙන් දක්වා අති පිළියමට පමණක් සීමා විය යුතුය. සාමාන්‍යයෙන් අධිකරණ නීති අර්ථ නිරෑපනයේ දී නඩු නිමිති නිර්මාණය නොවන ආකාරයට තරම් පුලුල්ට නීතිය අර්ථ කථනය නොකරය. එසේ වීමට හේතුව වන්නේ නීති සම්පාදනයේ ඉහළින්ම සිටින්නේ ව්‍යවස්ථාදායකය නිසාය.

අන්‍යයකු‍ගේ නොසැලකිලිමත් කමින් ශාරෘරක තුවාල ලත් කිසියම් පුද්ගලයකු ඒ සදහා වෛද්‍ය වියදම්. වේදනාව, තම ආදායම් මාර්ගය හෝ ආදායම් ඉපයීමේ හැකියාට නොමැති වී‍යාම හෝ මානසික පීඩාව ජීවන තත්වය නැතිවී යාම, විරෑපි විම යන කරැනු මුල් කරගෙන නඩුවක් පැවරැවේ යයි සිතමු. මේ ආකාරයේ හානි ව්‍යවස්ථා තුලට අන්තර්ගත කිරිම අවශ්‍ය ව්නනේ ඒවා දැනටමත් සාම්ප්‍රදායික පොදු නිතියේ අන්තර්ගතවන නිසාය.

සිවිල් හා පොදු නීති සම්ප්‍රදායන් වන නීති ලේඛකයන් හා උගතුන්ගේ මත වලට ඇති ඉඩක‍ට සන්සන්දනාත්මක ලෙස නීති ලේඛකයින්ගේ මත පොදු නීථියේ බොහෝ ක්ෂේත්‍රයන් හි අධිකරණ තින්දු සම්පාදනය හා අදාල නඩුව පිළිබද විස්තර කරන මුලධර්මයන් සම්ාදනය කරයි කෙසේ නමුත් පොදු නීතියේ අධිකරණ මෙම මත නීතිය ලෙස නොසලකන අතර විනිසුරැවන් හා නීතීඥයින් අදාල නඩුව සදහා ආධාරයක් කර ගනී.


නමුත් සිවිල් නීති සම්ප්‍රදායේ නව ලේඛකයන්ගේ හා උගතුන්ගේ මත වලට වැඩි භාරයන් ලබාදේ. පොදු නීති සම්ප්‍රදායේ දී උගතුන්ගේ මත ඉතාම කලාතුරකින් නීතිය යනු කුමක්ද යන්න විග්‍රහ කිරිමට පමණක් ආධාර කර ගනි. කෙසේ නමුත් උගතුන්ගේ මත කරැණුමය සංසිද්ධින් නිවැරදිව හදුනා‍ගැනීමට, මුලධර්ම ඉතිහාසය හා නීතියේ පරිණාමය වැනි ක්ෂේත්‍ර වල දී පමණක් උගතුන්ගේ අදහස මත රදා පවතී මෙහි දී අධිකරණය නිගමන වලට එළඹෙන්නේ අදාල නීතිය හා පොදු නීතිය මනා ලෙස විශ්ලේෂණයකින් පසුවය. පොදු නීතියේ වානිජ්‍ය ආර්ථක වල පදනම ලෙස

එක්සත් ජනපදයේ හා එක්සත් රාජ්‍යයේ වාණිජ්‍ය නීතිය පොදු නීති සම්ප්‍රදායේ පදනම වන අධිකරණ තීන්දුමත රදා පැවතීම එම රටවල වෙළද ආර්ථිකය ශක්තිමත් වීමට කැපී පෙනෙන දායකත්වයක් සපයා ඇත. එබැවින් වෙළද ගිවිසුම් පාර්ශවකරැවන්ට තම ගිවිසුම්වල ‍යෝජිත කොන්දේසි නීතියට අනුකුලද නැද්ද යන වග කල්තියාම දැනගැනීමට හැකි වේ. එම නිසා සෑම ගැටලුවක් සදහාම පොදු නීතිය මගින් නිවරදි මග පෙන්වීමක් ලබා දේ. ඒ හේතුවෙන් නීතිමය සීමාවන් කුල සිට කටයුතු කිරිම පාර්ශවකරැවන් ට අවස්තාව සැලසේ එම රටවල වෙළද ගිවිසුම් ආර්ථික සඵලතාවයන් ඉතා ඉහළ මට්ටමක පවතින්නේ ඒවායින් ලැබෙන ලාභය ද ඉතා අධික වන්නේ ද තමන්ගේ ව්‍යාපාර කටයුතු නිශ්චිත වශයෙන් ම නීති විරෝධි ඒවා බව පාර්ශව කරැවන් විසින් කල්තියාම දැන සිටීමයි. පුවත්පත් බදුවෙන්නන්ගෙන් යැපෙන ආගමික ආයතන, ‍දේශපාන පක්ෂ වලට තමන්ගේ ප්‍රකාශන නිදහස වැනි අයිතිවාසිකම් පිළිබදව ඒවායේ සීමාවන් මොනවාද පිලිබද පැහැදිලි මග පෙන්වීමක් පොදු නීතිය තුලින් ලැබේ. නමුත් පොදු නීතිය නොමැති රටවල නම් මොනයම් ගැටලුවක් පැන නැග්ග විට ඒවා සම්බන්ධයෙන් නැවත නැවත තීන්දු තීරණ ‍ගත යුතුවන අතර ඒම තීන්දු වල ස්ථාවරත්වය හා ඒවායේ පුරෝකථන හැකියාව පිළිබද බරපතල ගැටලු පැන නගී. මේ හේතුව නිසා New York ප්‍රාන්තයේ වෙළද ගිවිසුම් නීතිය මුලු එක්සත් ජනපදය පුරාම භාවිතාවන අතර ඉංග්‍රීසි නීතිය නිව්යෝර්ක් නීතියලොව පුරාම භාවිතා වේ.