පොදු ජාත්‍යන්තර නීතිය

විකිපීඩියා වෙතින්

වර්තමාන ජාත්‍යන්තර නීති රාමුව සම්බන්ධයෙන් වගකීම හිමිවන්නේ එක්සත් ජාතීන්ටය

පොදු ජාත්‍යන්තර නීතිය රාජ්‍යයන් හා අන්තර් ආණ්ඩුමය සංවිධානයන්හි ව්‍යුහය සහ ක්‍රියාකරීත්වය සම්බන්ධයෙන් කටයුතු කරයි. රට තුල නෛතික අර්ථනිරූපනයන් හා බලාත්මක කිරීම් ඉක්මවායන බහුජාතික සමාගම් සහ තැනැත්තන් වෙනුවෙන් ඊට වඩා පහල මට්ටමක ජාත්‍යන්තර නීතියක් අදාල වෙයි. 20 වන සියවස තුල ගෝලීය වෙළ‍දාම, සන්නද්ධ ගැටුම්, ලෝක පරිමාණයෙන් පරිසර තත්වයන්ගේ පිරිහීම, මානව හිමිකම් කඩවීම් සම්න්ධයෙන් දැනුවත්වීම, ජාත්‍යන්තර ප‍්‍රවාහනය සීඝ‍්‍ර හා වැඩිවීම සහ ගෝලීය සන්නිවේදනයන්ගේ සීඝ‍්‍ර වර්ධනයහේතුකොටගෙන පොදු ජාත්‍යන්තර නීතියේ වැදගත්කම වර්ධනයවිය.

පොදු ජාත්‍යන්තර නීතිය සමහර අවස්ථාවන්හිදී ‘ජාතීන්ගේ නීතිය’ ලෙසින්ද හඳුන්වනු ලැබේ. එය නීති අතර ගැටුම් නිරාකරණය සම්බන්ධයෙන් අදාල වන්නාවූ ‘පුද්ගලික ජාත්‍යන්තර නීතිය’ සමඟ පටලවා නොගත යුතුය. වඩාත් පොදු අර්ථයෙන් ගත්කළ ජාත්‍යන්තර නීතියට ‘රාජ්‍යයන්ගේ සහ අන්තර් ආණ්ඩුමය සංවිධානයන්ගේ කි‍්‍රයාකලාපය, ඔවුන් අතර සම්බන්ධතාවන් මෙන්ම ස්වභාවික හෝ නෛතික තැනැත්තන් සමඟ වන සමහර සම්බන්ධතාවන් සම්බන්ධයෙන් පොදුවේ අදාල කරගනු ලබන රීති සහ මූලධර්මයන්’ අයත්වේ.

පොදු ජාත්‍යන්තර නීතියේ ඉතිහාසය[සංස්කරණය]

ජාත්‍යන්තර නීතිය සම්බන්ධයෙන් පවතින මුල්ම ප්‍රසිද්ධ ලියවිල්ල වන්නේ, ‘ජාත්‍යන්තර නීතිය පිළිබඳ හැඳින්වීමක්’ යන්නයි. එය "මොහොමඞ් බින් හසන් අල් ෂබානි" විසින් 8 වන සියවස අග දී ලියන ලද්දකි. ඔහු ඉස්ලාම් නීතිය හා නීති විද්‍යාව පිළිබඳ ‘හනෆි’ ගුරු කුලයේ නීතිවේදියකු වූ අතර, අනෙකුත් ඉස්ලාම් නීතිවේදිහූ ඉන්පසුව ජාත්‍යන්තර නීතිය පිළිබඳ ලේඛන ගණනාවක් ලියා ඇත. (අරාබි බසින් මේවා ‘සියාර්’ ලෙස හඳුන්වයි) මෙම මුල්කාලීන ඉස්ලාම් නෛතික ලියවිලි ජාත්‍යන්තර නීතිය තුළ ඉස්ලාම් ආචාර ධර්ම, ඉස්ලාම් ආර්ථික නීති විද්‍යාව සහ ඉස්ලාම් හමුදා නීති විද්‍යාව ක්‍රියාත්මක වීම පිළිබඳ ව විග්‍රහ කරයි. එසේම ගිවිසුම් පිළිබඳ නීතිය කෙරෙහි ද ඒවා සැලකිලිමත් වී ඇත. එනම්, තානාපතිවරුන්, ප්‍රාණ ඇපකරුවන්, සරණාගතයින් හා යුද සිරකරුවන්ට සැලකීම, සරණාගත බව පැතීමට ඇති අයිතිය, යුද පිටියේ හැසිරීම, කාන්තාවන්, ළමුන් හා යුද භටයින් නොවන සිවිල් පුරවැසියන්ට සැලකීම, යුද බිම් සීමා හරහා සිදුවන ගිවිසුම්, විෂ සහිත ආයුධ භාවිතය, සතුරු භූමි විනාශ කිරීම යනාදි යයි. ජාත්‍යන්තර නීතිය පිළිබඳ පළමුවන යුරෝපීය ලේඛනය සම්පාදනය කළේ 17 වන සියවසේ මුල් කාලයේ ‘හියුගෝ ග්‍රොෂස්’ විසිනි. ඔහු සහ අනෙකුත් යුරෝපීය නීතිවේදීන් මුල් කාලීන ඉස්ලාම් අන්තර්ජාතික නීතිය මගින් බලපෑමට ලක්වූවා විය හැකිය.

1648 වෙස්ට්පේලියා : සාම ගිවිසුම් මගින් ආරම්භ වී, 16, 17 හා 18 වන සියවස්වලදී ස්වාධිපත්‍යය සහිත ජාතික රාජ්‍ය සංකල්පයේ වර්ධනය වීමක් දැකිය හැකි විය. එනම්, ජාතියක් මධ්‍යගත ආණ්ඩුවක් විසින් පාලනය කිරීමේ ක්‍රමයකි. තමා නිශ්චිත ජාතික අනන්‍යතාවක් සහිත පුරවැසියන් බව මිනිසුන් විසින් වටහා ගැනීමත් සමග ජාතිකවාදය පිළිබඳ සංකල්පය අතිශයින් වැදගත් එකක් බවට පත්විය. 19 වන සියවසේ මැද භාගය වන තෙක්ම, ජාතික රාජ්‍යයන් අතර සම්බන්ධතා පාලනය වූයේ, එක් එක් රාජ්‍ය අතර හැසිරීම් පාලනය කිරීම සඳහා පනවන ලද ගිවිසුම් හා එකඟතා මගිනි. ඒවා බලය යෙදවීමෙන් මිස බලාත්මක කළ නොහැකි, ගෞරවය හෝ විශ්වාසය නිසා මිස කිසිඳු බැඳීමක් රහිත ඒවා විය. එහෙත්, ක්‍රමයෙන් ගිවිසුම් බල රහිත සහ යුද්ධ සිවිල් වැසියන් කෙරෙහි ඉතා විනාශකාරී ඒවා බවට පත්වන විට, විශේෂයෙන්ම යුද සමයේ සිවිල් පුරුවැසියෝ රාජ්‍ය තුළ පනත් සම්මත කිරීම කෙරෙහි බලපෑම් කළහ.

සටහන්[සංස්කරණය]

| Public international law -History of public international law |}

"https://si.wikipedia.org/w/index.php?title=පොදු_ජාත්‍යන්තර_නීතිය&oldid=471975" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි