පෘථිවිය භ්‍රමණය වෙන්නේ ඇයි (අවස්ථිතිය)

විකිපීඩියා වෙතින්

පෘථිවිය භ්‍රමණය වෙන්නේ ඇයි?

දෙන්න පුළුවන් සරලම සහ නිවැරදිම පිළිතුර තමයි, අවස්ථිතිය නිසා. තේරුනාද මන්දා ! ඇත්තටම මොකද්ද මේ අවස්ථිතිය කියන්නේ. විද්‍යාව ඉගෙන ගන්න අය විතරක් නෙවේ ඕනෑම පුද්ගලයෙකුට අවස්ථිතිය කියන්නේ මොකද්ද කියල දැනගෙන ඉදීම වටිනවා. මේ ලිපිය අවසානයේදී ඒ ඇයි කියලා ඔයාටම තේරේවි.

මුලින්ම අපි විද්‍යාත්මකව, අවස්ථිතිය කියන කාරණය ගැන පැහැදිලි කරගෙන ඉමු. ඇත්තටම මේක තේරුම් ගන්න ගොඩක් සරල මාතෘකාවක්.ඒ වගේම අපේ ජීවිතයේදී මෙය අප්‍රමාණව හමුවෙලා තියෙනවා.

අවස්ථිතිය කියන්නේ, යම් කිසි වස්තුවක් වෙනස් වීමට දක්වන අකමැත්තට.තවත් නිවැරදිව කිව්වොත් සිය චලිත ස්වභාවය වෙනස් කිරීමට දක්වන අකමැත්තට. ගෙඩි පිටින් සම්පුර්ණයෙන්ම පැහැදිලිව කිව්වොත්..

ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙන වස්තුවක හෝ නිශ්චලව පවතින වස්තුවක සිය චලිත ස්වභාවය වෙනස් කිරීමට දක්වන අකමැත්ත. ✍

ඇත්තටම නිවටන්ගේ පළමුවෙනි නියමය ගත්තොත් මෙහි තනිකරම කතාවෙන්නේ අවස්ථිතිය ගැන.

අවස්ථිතිය ගත්තහම පැහැදිලිවම වස්තුවක ස්කන්ධයත් එක්ක අනුලෝම සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ ස්කන්ධය වැඩි වස්තුන් වල අවස්ථිතියක වැඩියි වගේම සාපේක්ෂව අඩු ස්කන්ධයක් තියෙන වස්තුවක අවස්ථිතිය අඩුයි.

අපි ස්කන්ධයෙන් වැඩි ලොකු ගලකුයි බාස්කට් බොලයකුයි බිමින් තියලා වෙන වෙනම තල්ලු කලොත් මේ කතාව හොදටම පැහැදිලි වේවි. ගල ස්කන්ධයෙන් වැඩි නිසා අවස්ථිතියත් වැඩියි ඒ කියන්නේ මේ ගල් ගෙඩිය චලනය වෙන්න පට්ට අකැමති පොරක්. එකයි මිනිහව තල්ලු කරන්න අමාරු.

ඒ වගේම අපි මේ ගල් පාතයයි , බෝලයයි කන්දක් උඩට අරන් ගිහින් පෙරළුවොත් නවත්තන්න ලේසි මොකද්ද අමාරු මොකද්ද? ආයේ ඕක කියන්න දෙයක් නෑනේ. try එකක් දීල බලන්න ගල් ගෙඩිය අතින් නවත්තන්න. හොස්පිටල් එකේ ඇදක් ලැස්ති කරලා තියන්නම්.

ඔයාල දන්නවනේ රික්තකයක් තුල ස්කන්ධයෙන් වෙනස් , උදාහරනයක් විදිහට පිහාට්ටකුයි , බොලයකුයි එකම උසක ඉදල එකම වෙලාවේ අතරියොත් ඒ දෙකම බිමට වැටෙනෙත් එකම වෙලාවේ කියල ඉතින් මේකට හේතුවත් අවස්ථිතිය.

ඔව්! . මේ වස්තුන් දෙක ගත්තොත් ස්කන්ධයෙන් වැඩි බෝලයේ අවස්තිය පිහාටුවට වඩා වැඩියි. ඒ කියන්නේ බෝලය පිහාටුවට වඩා, ගුරුත්වය යටතේ පහලට ත්වරණය වෙන්න අකැමතියි. මේ හේතුව නිසා දෙකම එකම ත්වරණයෙන්, එනම් ගුරුත්වජ ත්වරණයෙන් පහලට ඇවිත් එකම වෙලාවේ බිම වැටෙනවා. (මෙය නිවටන්ගේ ගුරුත්වාකර්ෂණ සමීකරණ වලිනුත් පැහැදලි කරන්න පුළුවන්. එත් අපි ගොඩක් අය නොදන්නා ඇත්තම කතාව මේක)

එදිනෙදා ගමන් වලදී පොදු ප්‍රවාහනය බාවිතා කරන අයනම් අවස්ථිතිය හොදට අත්දැකලා ඇති. සමහර විට මේ නිසා ගුටි කන්න වෙච්ච අවස්ථාත් නැතුවාම නෙවේ. අපි උදාහරණයක් විදිහට බස් එකක් ගමුකො. 🚌ඔයා බස් එකේ හිටගෙන යද්දී බස් එක, එක පාරට බ්රේක් කලොත් ඔයා ඉස්සරහට විසි වෙලා යනවනේ. ඒක සිද්ද වෙන්නෙත් වෙන මුකුත් නෙවේ, අවස්ථිතිය නිසා.

මේක සිද්දිය පැහැදිලි කලොත්, බස් එකේ යද්දී ඒ ප්‍රවෙගයම අපේ ශරීරයටත් තියෙනවා. ඒකාකාර ප්‍රවේගයෙන් යන බස් එකක කාසියක් උඩ දැම්මාම ඒක පිටිපස්සට නොයා එතනම වැටෙන්නේ මේ නිසා. එහෙම බස් එකේ වේගය අපේ ශරීරයටත් එන්නේ නැත්තන්. අපි බස් එක ඇතුලේ නිකමට උඩ පැන්නොත් පිටිපස්සේ වීදුරුවත් කඩාගෙන පාරෙ තමයි හොම්බ ඇනගන්න වෙන්නේ.

ඉතින් මේ විදිහට බස් එකේ ප්‍රවෙගයම අපේ ශරීරයටත් තියෙනව. බස් එක එක පාරට බ්රේක් කලාට අපි අවස්ථිතිය නිසා අර කලින් ආපු ප්‍රවෙගයෙන්ම ඉස්සරහට වීසි වෙනවා. මොකද අපේ ශරීරය අකැමතියි බ්රේක් ගහන්න.

ඔය සීන් එක දන්නේ නැති කෙනෙක්ගේ ඇගේ හැප්පුනොත් බැණුම් අහන්න තමයි වෙන්නේ. මොකෝ ඒ කෙනාට බස් එක ඇතුලේ අවස්ථිතිය ගැන බණ දේශනා කරන්න බෑනේ.

එකෙන් මේකෙන් මුල්ම ප්‍රශ්නෙත් අමතක වුණා. පෘථිවිය භ්‍රමණය වෙන එකට අවස්ථිතිය බලපාන්නේ කොහොමද?

පෘථිවිය බිහි වෙච්ච කාලයේ ඉදලම භ්‍රමණය වෙමින් තමයි තිබුණේ . හැබැයි එදාට වඩා දැන් ටිකක් භ්‍රමණ වෙන ප්‍රවේගය අඩුයි. දැන් භ්‍රමණය වෙන්නේ දවසකට වට එකක කෝණික ප්‍රවෙගයෙන්නේ. හැබැයි කාලයක් තිබුණ එක දවසක් පැය 6ක ට සීමා වෙච්ච.

ඔව්! පෘථිවියේ කෝණික ප්‍රවේගය එන්න එන්න අඩු වෙනවා. හැබැයි මේක සැලකිය යුතු ප්‍රමාණයක් නෙවේ. තව අවුරුදු 100 කින් ගත්තොත් දවසක් වැඩිවෙන්නේ මිලිතත්පර 2කකින් විතරයි.

ඉතින් අභ්‍යාවකාශය තුල පෘතුවියේ මේ භ්‍රමණයට කිසිදු බාහිර බලයකින් බලපෑමක් සිදු වෙන්නේ නැති තරම්.

ඉතින් එහෙම කිසිදු බාහිර බලපෑමක් නැති නිසා. අවස්ථිතිය, නැතිනම් පෘථිවිය භ්‍රමණය වෙන කෝණික ප්‍රවේගය වෙනස් කිරීමට දක්වන අකමැත්ත නිසා පෘථිවිය තම අක්ෂය වට භ්‍රමණය වෙමින් පවතිනවා. කොච්චර ප්‍රවෙගයෙන්ද කිව්වොත් පැයට කිලෝමීටර් 1,600 ප්‍රවේගයෙන් පෘථිවිය භ්‍රමණය වෙනවා.😲

නිකමට හිතන්න පෘථිවිය එක පාරට බ්රේක් ගැහුවොත් මොකක් වෙයිද කියල. එහෙම වුනොත් ඔයා අර කිව්ව වේගයෙන් වීසි වෙලා යාවි.

ඒ ඔයා තුල තියෙන අවස්ථිතිය නිසා.

හරි දැන් පොඩ්ඩක් විද්‍යාවෙන් පිට අපේ එදිනෙදා ජිවිතයේ අවස්ථිතිය වැඩ කරන තැන් ගැන බලමු.

නිවාඩු දවසකට පස්සේ ආපහු job එකට යන්න. පාසල් යන ළමයි නම් සදුදට ඉස්කෝලේ යන්න ටිකක් අකැමති වෙන්නෙත් මෙන්න මේ අවස්ථිතිය නිසා. කොටින්ම කිව්වොත් අපි වෙනස් වෙන්න ගොඩක් වෙලාවට අකැමති අපේ හිතේ තියෙන අවස්ථිතිය නිසා.

හැබයි ඔයාල දන්නවා වෙනස් නොවන එකම දේ වෙනස්වීම කියල.☝

ඒ නිසා ඔය හිතේ ,ගතේ තියෙන අවස්ථිතිය නැති කරල වෙනස් වෙන්න පුරුදු වෙන්න. මොකද මං අහල තියෙනවා "අපි හරි වෙනස්! ඒ වෙනසට අපි ගරු කරන්න ඕන" කියල.😉

අනික් අතට අවස්ථිතිය කියන්නේ ඇත්තටම පවතින බලයක් නෙවේ ව්‍යාජ බලයක්! (fictitious force)

https://www.facebook.com/hashtalk/photos/a.1589558494683527.1073741828.1553468088292568/1703359523303423/?type=3&theater