Jump to content

පූරිජ්ජල සරණංකර හිමි

විකිපීඩියා වෙතින්

1884 ජනවාරි 20 දා මාතලේ දිස්ත්‍රික්කයේ පූරිජ්ජල ගම්මානයේ අධිකාරම් වලව්වේ උපත ලැබූ මුන්වහන්සේගේ මව්පියන්වූයේ අධිකාරම්වලව්වේ පුංචිබණ්ඩාර නිළමේතුමා හා හලංගොඩ ලොකුකුමාරිහාමිය.

තම පුතුව මහණකිරීමට අදහස්කළ පුංචිබණ්ඩාර නිළමේතුමා සියමස්සිනාවූ තිබ්බටුවාවේ වළව්වේ ලොකුබණ්ඩාරනිළමේතුමාට දන්වා ඔවුන්ගේ ඥාතීවරයෙක්වූ 1913 දී අපවත්වූ තිබ්බටුවාවේ සුමංගල මහානාහිමියන්ට මාතලේ හලංගොඩ කොහොන් විහාරයේදී සියපුතුව භාරදුන්නේය.

ඒ අනුව සුමංගල මහානාහිමියන් යටතේ පැවිදිවූ පූරිජ්ජල මහානාහිමියන් සංඝරාජ පිරිවෙනින් අධ්‍යාපනය ලැබ යටකී මහානාහිමියන්ගේ ආචාර්යත්වය යටතේ 1904 දී උපසම්පදාව ලැබූහ.

1907දී තේවාමුරයලත් මුන්වහන්සේ 1947 දී කාරක සභාවටත් පත්වූහ. ස්වකීය ආචාර්යයන්වහන්සේගේ අපවත්වීමෙන් පසු රිදීවිහාරය ඇතුලු විහාරයන්හි අධිපතිධුරයට පත් උන්වහන්සේ ලේවැල්ල ගංගාරාමය හා මහනුවර පෝයමලු විහාරය පිළිසකර කිරීමට අනුශාසකත්වය දැරීය.1956 දී වැලිවිට සරණංකර මහානාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ මහානාහිමි ධුරයට පත් මුන්වහන්සේ 1963 දෙසැම්බර් 28 දා දැයෙන් සමුගත්හ. වර්තමාන මල්වතු පාර්ශ්වයේ මහානාහිමියන් තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමි හා පූරිජ්ජල සරණංකර හිමි මුන්වහන්සේගේ ශිෂ්‍යහිමිවරුන්ය.

"https://si.wikipedia.org/w/index.php?title=පූරිජ්ජල_සරණංකර_හිමි&oldid=792908" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි