පුෂ්පා රම්‍යානි ද සොයිසා

විකිපීඩියා වෙතින්
පුෂ්පා රම්යානි ද සොයිසා
උපත
ජාතිකත්වයශ්‍රී ලාංකික
අධ්‍යාපනයඋසස් බාලිකා විද්‍යාලය, ගල්කිස්ස
රැකියාවහෙද නිලධාරිනිය
දෙමව්පියන්(s)මනික්කුවාදර විජේදාස සොයිසා (පියා)

පුෂ්පා රම්යානි ද සොයිසා යනු ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ හෙදියක් මෙන්ම ගත් කතුවරියකි. ඇය ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය නිමවූ අතර 1987 වසරේ හෙදියක ලෙස පළමු පත්වීම කොළඹ ජාතික රෝහලට ලැබූ අතර එවක් පටන් වසර තිස් එකක් පුරා ඇය ජාතික රෝහලේ පිලිස්සුම් ඒකකය ඇතුළු විවිධ රෝහල් වාට්ටුවල සේවය කර තිබේ.

ඇයගේ පියා වන මනික්කුවාදර විජේදාස සොයිසා ආයුර්වේද වෛද්‍යවරයකු වන අතර අයගේ මව වන කුමාරවඩු මැගිලින් සිල්වා ගෘගනියක වුවාය. ඇය සිවු දෙනෙකුගෙන් යුතු පවුලක ලාබාලතමයා ලෙස උපත ලබා ඇත.

ඇය කොළඹ හෙදි විදුහලේ හෙදි පුහුණුව ලබා ඇත. ඇය කොළඹ ආසන්න රෝහල් වල හෙද පුහුණුව ලැබුවාය. 1987 වසරේ ඇයගේ පුහුණුව අවසන් වීමෙන් පසුව පළමු පත්වීම කොළඹ ජාතික රෝහලට ලබන ලදී. සිංගප්පූරුවෙන් ආපදාවකදී රෝගීන් වර්ගීකරණය, ඇමෙරිකාවෙන් හදිසි අවස්ථා කළමනාකරණය, තායිලන්තයෙන් ප්‍රතිජීවනය පිළිබඳ විශේෂඥතාවය සහ ජපානයෙන් හදිසි අවස්ථා සහ හදිසි ආපදාකළමනාකරණය පිළිබඳ විශේෂඥතාවය ද ලබාගෙන ඇත.