පුවත්පත් සංසරණය

විකිපීඩියා වෙතින්

පුවත්පතක සංසරණය යනු. සාමාන්‍ය දිනයක එය විසින් බෙදාහැරෙන පිටපත් ගණනයි. වෙළෙඳ ප්‍රචාරණ අනුපාතිකයන් නියමකිරීමේදී, මෙම සංසරණය ප්‍රධාන සංගුණකයක් වෙයි. සංසරණය සහ, බොහෝවිට ගෙවූ සංසරණය ලෙසින් හැඳින්වෙන විකුණු පිටපත් ගණන, සැමවිටම එකක් නොවන්නේ, පාඨකයා වෙත කිසිදු ගාස්තුවක් අය නොවන පරිදී සමහරක් පුවත්පත් බෙදාහැරෙන නිසාය. පාථකගණ අගයයන් සාමාන්‍ය ලෙසින් සංසරණ අගයයන්ට වඩා ඉහළ වන්නේ, දර්හීය පුවත්පත් පිටපතක් එක් පුද්ගලයෙකුට වඩා වැඩි ගණනක් විසින් කියවනු ලබන බවට පවතින උපකල්පනය නිසාය.

ප්‍රකාශකයා විසින් කියා සිටින පාඨකයින් ගණන වෙත සැබවින්ම පුවත්පත ලඟාවන බවට වෙළෙඳ ප්‍රචාරකයන් වෙත සහතික කරනු වස්, සංසරණ පිළිබඳ විගණක කාර්යාංශය වැනි ස්වාධීන මණ්ඩල විසින්, බොහෝ රටවල, සංසරණයන් විගණනය කෙරෙයි.

අන්තර්ජාලය වෙතින් ප්‍රවෘත්ති පරිශීලනය කර ගත හැකි බව වැනි, සමාජීය සහ තාක්ෂණික වෙනස්කම් නිසා, බොහෝ සංවර්ධිත රටවල පුවත්පත් සංසරණය පහත බසිමින් පවතියි. අනෙක් අතට බලන කල, සමහරක් සංවර්ධනය වෙමින් පවතින රටවල සංසරණය ඉහළ යමින් පවතින්නේ, ආදායම, ජනගහනය සහ සාක්ෂරතාවය වැනි දෙය ඉහළ යෑම විසින්, මෙම සාධකයන්ගේ බලපෑම අවලංගු වන නිසාය.

විශාලතම සංසරණය සහිත ලෝකයේ පුවත්පත්[සංස්කරණය]

විශාලතම සංසරණය සහිත පුවත්පත් ලැයිස්තුවක්, පුවත්පත් හා පුවත් ප්‍රකාශකයන්ගේ ලෝක සම්මේලනය (WAN-IFRA) වෙතින් ප්‍රකාශයට පත් කෙරෙයි. 2011 වසර තුලදී, දළ වශයෙන් දිනකට පුවත්පත් මිලියන 330 ප්‍රමාණයක සංසරණයක් පවත්වා ගෙන ගිය ඉන්දියාව, පුවත්පත් සංසරණය විෂයයෙහි ලොව පෙරමුණ ගති.[1] 2005 වසර තුලදී, සම්පූර්ණ පුවත්පත් සංසරණය සැලකිල්ලට ගත් කල, දිනකට මිලියන 93.5 ක ප්‍රමාණයක් පවත්වා ගෙන ගිය චීනය විසින් ලැයිස්තුවෙහි පෙරමුණ ගත් අතර, මිලියන 78.8 ක් සමග ඉන්දියාව දෙවන ස්ථානයද, ඉක්බිතිව මිලියන 70.4 ක් සහිත ජපානයද, මිලියන 48.3 සහිතවූ එක්සත් ජනපදයද, මිලියන 22.1 ක් සහිතවූ ජර්මනියද පෙල ගැසුනහ. වැඩිම අලෙවියක් සහිතවූ පුවත්පත් 100 අතුරින් 75 ක් ආසියාව තුල ප්‍රකාශයට පත්වූ ඒවා වූ අතර, ඉහළ දසය අතුරින් සතක් ජපාන පුවත්පත් වූහ.[2]

යොමියුරි ෂිම්බුං, අසාෂි ෂිම්බුං සහ මයිනිචි ෂිම්බුං යන ජපාන පුවත්පත්, තවමත් ලෝකයේ වැඩිම සංසරණය සහිත පුවත්පත් වෙති. ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත, සියළු ආකෘතීන් තුලින් (පුළුල්පත්‍ර, සුසංහත, බර්ලිනර් සහ මාර්ගගත) ලෝකයේ වැඩිම සංසරණය සහිත ඉංග්‍රීසි-භාෂා දිනපතා පුවත්පත වෙයි. රෙෆරන්ස් නිවුස් (參考消息) යනු, චීනයේ වඩාත් ජනප්‍රිය පුවත්පත වෙයි. එක්සත් ජනපදයෙහි වැඩිම සංසරණය සහිත පුවත්පත් වන්නේ වෝල් ස්ට්‍රීට් ජර්නල් සහ යූඑස්ඒ ටුඩේ යන පුවත්පත් වන අතර, වසර කිහිපයක් තිස්සේ පසුව දැක්වුනු පුවත්පත විසින් පෙර දැක්වුනු පුවත්පත අභිබවා තිබුණි; එනමුදු, එහිම ප්‍රවර්ධන අසුරුව තුල දැක්වුනු පරිදී, 2009 වසර තුලදී පමණක්, යූඑස්ඒ ටුඩේ පුවත්පතෙහි සංසරණය මිලියන 3 කින් පරිහානියට පත්වීම නිසා, ඩබ්එස්ජේ පුවත්පත යළි පෙරමුණ ගෙන ඇත.

ගිනස් වාර්තා පොත ප්‍රකාර, 1990 වසරෙහිදී, කොම්සමොස්කා ප්‍රවුඩා නම් සෝවියට් පුවත්පතෙහි දිනපතා සංසරණය 21,500,000 ඉක්මවූ අතර, 1991 වසරෙහිදී, අර්ගුමියන්ති ඊ ෆක්ති නම් සෝවියට් සතිපතා පුවත්පත සතුව 33,500,000 ක සංසරණයක් පැවතුණි.

තනියුරු රටවල්[සංස්කරණය]

ඕස්ට්‍රේලියාව[සංස්කරණය]

ද හෙරල්ඩ් සන් නම් පුවත්පත ඕස්ට්‍රේලියාව තුල විශාලතම සංසරණය සහිත වුවද, එය කිසියම් අසාමාන්‍ය තත්ත්වයක් ගෙන හැර දක්වන්නේ, එය ප්‍රකාශයට පත් කෙරෙන මෙල්බර්න් නගරය, රටෙහි අගනුවර හෝ විශාලතම නගරය හෝ නොවන බැවිනි.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=පුවත්පත්_සංසරණය&oldid=318647" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි