පුවත්පත්වල උපදෙස් තීරුව

විකිපීඩියා වෙතින්

උපදෙස් තීරුව යනු පුවත්පතක හෝ සඟරාවක උපදෙස් තීරු රචකයෙකු විසින් ලියනු ලබන උපදෙස් තීරුවයි. (කථා ව්‍යවහාරයෙහි මෙම තීරුව ලියනු ලබන්නා හඳුන්වන්නේ Agony aunt වශයෙනි. පිරිමි කෙනෙකු නම් Agony Uncle වශයෙනි) ඉදිරිපත් කරනු ලබන්නා සැනසිලිදායක උපදෙස් සපයන වැඩිහිටි කාන්තාවක් බැවින් Aunt නම යෙදී ඇත.

උපදේශ තීරු රචකයෙක් කියවන්නන්ගේ පෞද්ගලික ප්‍රශ්නවලට, පිළිතුරු සපයයි. විශේෂයෙන් ලිංගික ගැටලුවලට උපදෙස් සපයයි. බොහෝ විට ප්‍රශ්ණ සහ පිළිතුරු සකස් කරනු ලබන්නේ කාර්යාලය තුලදීය. ඇගනි ආන්ට් යනු ඇත්තෙන්ම ලේඛකයින් කීපදෙනෙකුගෙන් සැදුම්ලත් මණ්ඩලයකි. මැජොරි ප්රූප් ගේ නම (ඡායාරූපයද සමඟ) පළවුනේ ඇය විශ්‍රාම ගොස් බොහෝ කලකට පසුවයි. නාමික ලේඛකයාගේ නම ව්‍යාජ නමක් විය හැක. ඒ සමඟ පලවන පින්තූරය නියම ලේඛකයාගේ රූපයට තරමක් දුරට සමාන විය හැක.

උපදෙස් තීරු රචකයින් පිළිබඳ උදාහරණ[සංස්කරණය]

බොහෝ උපදෙස් තීරු ලිපි දැනට ගිණිය නොහැකි පුවත්පත් සංඛ්‍යාවක දක්නට ලැබේ. එක්සත් ජනපදයේ එවැනි ඉතා ප්‍රසිද්ධ අය අතරට ඩියර් ඇබි, (Dear Abby) ඈන් ලැන්ඩර්ස්, සහ නවීන ආකෘතියකින් “ටෙල් මී එබවුට් ඉට්” (Tell me about it) තීරුව ලියන කැරොලින් හැක්ස් යනාදිහු ඇතුලත් වෙති. www.justasksandy.com වැනි අන්තර්ජාල අඩවි මෙවැනි උපදෙස් විශාල ප්‍රේක්ෂක පිරිසකට සපයයි.

තීරු රචක උපදෙස් අන්තර්ජාලයේද දැනට දැකිය හැක. ස්වේච්ඡාවෙන් වැඩ කරන බොහෝ ‘ඇගනි ආන්ට්’ ලා සිටින අඩවි විශාල සංඛ්‍යාවක් හරහා පැතිරී ඇති එක් වැඩ සටහනක් තිබේ. මෙවැනි “Wisdom of the crowd” (සාමූහික නුවණ) අඩවි දිනපතා ඉදිරිපත් කරනු ලබන ගැටලු ගැන සාකච්ඡා කරන ලෙස එම අඩවි වලට ප්‍රවිශ්ඨ වන්නන්ට ආරාධනා කරති. මෙයින් බොහෝ දෙනෙකුට තමන්ගේ ගැටලු වලට නොමිලේ පිළිතුරු ලබා ගත හැකිය. එසේ වුවත් විනෝදය බලාපොරොත්තුවෙන් ඇතැම් අය බොහෝ විට කරන පිළිතුරු සැපයීම් නිසා අවංකව එම කාර්ය කරන අය අපහසුතාවයන්ට පත් වෙති. එබැවින් මෙවැනි වෙබ් අඩවි ඉතා සීරුවෙන් පරික්ෂා කළ යුතුය. තවත් අඩවි පෞද්ගලිකව සපයන පිළිතුරු සඳහා මුදල් අය කරන අතර අනෙකුත් පිළිතුරු නොමිලේ සපයනු ලැබේ. මෙයට උදාහරණයක් නම් www.itsworthasking.com අඩවියයි.

නව අන්තර්ජාල ඇගනි ආන්ට් පරපුරක් ජනප්‍රිය වී තිබෙන බව ඔප්පු වී තිබේ. වෙබ් අඩවි තව දුරටත් වාරතාකරුවන්ගෙන් ලබා ගන්නා ප්‍රශ්න මුද්‍රණය නොකරති. එහෙත් ඒ වෙනුවට පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි ගැටලුව සහ පිළිතුරු වෙනුවෙන් වග කියති. ඉලෙක්ට්‍රොනික සන්නිවේදනයේ වේගවත් භාවයට ස්තුති වන්නට ඇගනි ආන්ට්ස්ලා තවමත් සිටිති. එහෙත් කිසියම් ගාස්තුවක් අය කර ඊ මේල් මගින් ප්‍රතිචාර දක්වති.

ආදර්ශ ආකෘති[සංස්කරණය]

ප්‍රශ්න බොහෝ විට අත්සන පමණක් යොදමින් නිර්නාමිකව විමසනු ලැබේ. උදාහරනයක් වශයෙන් කිසියම් කෙනෙකු තමන්ගේ සහකරු හෝ සහකාරියගේ නොමනා හැසිරීමක් ගැන විමසන්නේ Confused –Johannesburg යනුවෙන් සඳහන් කරමිනි.

ලෝකයේ පළමු අන්තර්ජාල උපදේශ තිරුව වූයේ කෝර්නල් විශ්ව විද්‍යාලයේ “ Dear uncle Ezra” නම් 1986 දී ආරම්භ කරන ලද වෙබ් අඩවියයි.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Advice_column