පුවක්
පුවක් වලින් ඩයි වර්ණක සාදයි, මීට අමතරව සමහර ඖශධ සෑදිම සඳහාද යොදාගනී. පුවක් තාල වර්ගයට අයත් ගසකි. පුවක් ගෙඩි විට කෑමට යොදා ගනී.හෙක්ටයාර් 1ක තනි පුවක් වගාවකින් ලක්ෂ 5ක පමණ ආදායමක් වාර්ෂිකව උපයාගත හැකිය. තනි වගාවකදී හෙක්ටයාර් 1ක සිටුවිය හැකි පුවක් ගස් ප්‍රමාණය 1100කි. වසරකට පුවක් ගසකින් ගෙඩි 750කට වඩා නෙළාගත හැකිය. තනි වගාවක් මෙන්ම උස් සෙවණ ශාක සමඟ මිශ්‍ර වගාවක් ලෙස ද ඇළ වේලි දිගටද වැට මායිම්වලද පුවක් වගා කළ හැකි ය.
ගෙඩියේ වර්ණය හා ප්‍රමාණය අනුව වෙනස්කම් ඇති පුවක් වගා දර්ශ දැකිය හැකි වේ.
ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථිකයට සුවිශාල රුකුලක් බවට පත් වී තිබෙන වැවිල්ලක් ලෙස පුවක් වගාව ප්‍රචලිත වී තිබේ. අපනයන කෘෂි භෝගයක් ලෙස පුවක් වගාව අන්තර්ජාතික මට්ටමින්ද කීර්තියක් ලබා තිබීමද සුවිශේෂ වේ. මෑත කාලයේ සුළු පරිමාණ පුවක් වගාකරුවකුට වුවද, තම ආර්ථික මට්ටම සාර්ථක ලෙස ගොඩනඟාගැනීමට හැකියාව ලැබී තිබේ.
හෙක්ටයාර් 1ක තනි පුවක් වගාවකින් ලක්ෂ 5ක පමණ ආදායමක් වාර්ෂිකව උපයාගත හැකිය. තනි වගාවකදී හෙක්ටයාර් 1ක සිටුවිය හැකි පුවක් ගස් ප්‍රමාණය 1100කි. වසරකට පුවක් ගසකින් ගෙඩි 750කට වඩා නෙළාගත හැකිය. තනි වගාවක් මෙන්ම උස් සෙවණ ශාක සමඟ මිශ්‍ර වගාවක් ලෙස ද ඇළ වේලි දිගටද වැට මායිම්වලද පුවක් වගා කළ හැකි ය.
ගෙඩියේ වර්ණය හා ප්‍රමාණය අනුව වෙනස්කම් ඇති පුවක් වගා දර්ශ දැකිය හැකි වේ. මේ අනුව ‘දේශීය පුවක්‘ හා ‘හම්බන් පුවක්‘ ලෙස වර්ග දෙකක්ද විදේශවලින් ගෙනැවිත් ව්‍යාප්ත කළ ‘රට පුවක්‘ නමැති ප්‍රභේදයද දැකිය හැකිය.
පුවක් වගාව සඳහා සුදුසු පාරිසරික තත්ත්ව
මුහුදු මට්ටමේ සිට මීටර් 1000ට වැඩි ප්‍රදේශ සුදුසු වේ. වාර්ෂික වර්ෂාපතනය 1750ට වැඩි හොඳින් පැතිරුණු වර්ෂාපතනයක් අවශ්‍ය වේ. උෂ්ණත්වය සෙල්සියස් අංශක 15-32ක පරාසය සුදුසු වේ. තවද මේ වගාව සඳහා හොඳින් ජලය බැස යන ලෝම පස සුදුසුය. පසේ ප්‍රමාණවත් තරම් තෙතමනය රැඳිය යුතුෙය. සිටුවා පළමු වසර 2-3ක කාලයක් තුළ 40%ක් පමණ සෙවණ සැපයීම අවශ්‍ය වේ. වයස්ගත වත්ම මඳ සෙවණ තත්ත්වයන් තුළ වඩා හොඳ අස්වැන්නක් ලබා දේ. උස් සෙවණ සහිත බෑවූම් ඉඩම් සුදුසුය.
ප්‍රචාරණය
පුවක් බීජ ලබාගැනීම සඳහා මවු ශාක තෝරාගැනීම පැළ සිටුවා අවුරුදු 5කින් පමණ පළමු අස්වැන්න (පිදීම) ලැබීමට හැකි වීම. අවුරුදු 10ත්-15ත් අතර වයස ශාක වඩා සුදුසුය. මීටර් 5ත්-10ත් අතර උසකින්ද 25-45 cm විෂ්කම්භයකින්ද යුක්ත ශාක විය යුතුය. කඳෙහි පර්ව කෙටි වීම (20කට අඩු) සුදුසුය. මස්තකයේ වැඩි පත්‍ර සංඛ්‍යාවක් තිබීම. (10ට වැඩි විය යුතු ය) ඒකාකාරීව පල දරන ශාකයක් වීම. පල දරන කාලයෙහි හොඳින් වැඩුණු පුෂ්ප මංජරී 3ත්-4ත් අතර ප්‍රමාණයක් ගසේ තිබිය යුතුය. ඒවා කඩා හැලෙන ස්වභාවයෙන් තොර විය යුතු ය. ඉත්හත ඇති ගෙඩි සංඛාව වැඩි වීම (250ක් පමණ වීම) මෝරන විට එම ගෙඩි හැලී යෑම අවම වීම.
සිටුවීම සඳහා පුවක් තෝරාගැනීම
හොඳින් ඉඳුණු පසු පුවක් ගෙඩි තෝරාගත යුතු ය. පුවක් ඉඳීමට සාමාන්‍යයෙන් මල් පීපී 9 1/2 - 10 1/2ක් පමණ කාලයක් ගත වේ. බරෙන් වැඩි පුවක් ගෙඩි විය යුතුය. ගෙඩිය ඇතුළත බීජයේ දිග සෙ.මී 3.5ක් හා විෂ්කම්භය 2.5ක් වීම අවශ්‍ය වේ. අලුත් පුවක් ගෙඩි (නෙළාගත් වහාම) පැළ කිරීමට සුදුසු වේ. ජලයේ සිරස්ව පාවෙන පුවක් වඩාත්ම සුදුසුය.
තවාන් දැමීම
තවාන් දැමීම අස්වනු නෙළාගැනීමත් සමඟම තෝරාගත් පුවක් ගෙඩිවල නටුවට සවි වූ පැත්ත (ඇස්ස) උඩ අතට සිටින සේ සෙ.මී. 5-6 පරතරයට ප්‍රාථමික තවානක සිටුවාගත යුතුය.දිනපතා ජල සම්පාදන කළ යුතුය. සාමාන්‍යයෙන් බීජ තවාන් කර මාස එකහමාරකින් පමණ ප්‍රරෝහණය ආරම්භ වී මාස තුනක සමඟ කාලයක් තුළ සිදු වේ. ප්‍රාථමික තවාන මීටරයක් පළලට තරමක් දික්ව හා සෙ.මී 15ක් උසට සිටින සේ වැලි හෝ මතුපිට පස්වලින් හෝ වැලි හා මතුපිට පස් මිශ්‍රණයකින් සාදාගත හැකිය. පත්‍ර 2-3ක වැඩෙන පැළ සෙ.මී. 30X20 ප්‍රමාණයේ පොලිතීන් බඳුන් තුළ පිහිටුවා ගත යුතු ය. මෙම බඳුන් මතුපිට පස් , කාබනික ද්‍රව්‍ය හා වැලි 1: 1: 1 අනුපාතයට සැකසූ මිශ්‍රණයකින් පුරවා ගත යුතු ය. වියළී උෂ්ණ කාලගුණවල දී ජලය හා අවශ්‍ය පරිදි සෙවණ සැපයිය යුතුය. පැළයට කෙළින්ම හිරුඑළිය වැටුණ හොත් පැළයේ වර්ධනය බාල වීම මෙන් ම පත්‍ර කහ පාට වීම, වර්ධනය දුර්වල වී ඒවා ඒවා පිලිස්සීම සම පැළ මැරී යෑම සිදු වේ.
ක්ෂේත්‍රයේ සිටුවීම සඳහා පැළ තේරීම
සිටුවන අවස්ථාවේදී පැළයක විසිරුණු පත්‍ර ගණන හතරට වැඩි විය යුතුය. සිහින් වූ උස් පැළවලට වඩා කඳ මහත, උසින් අඩු පැළ වඩාත් සුදුසු වේ.
ක්ෂේත්‍රයේ පුවක් පැළයක් සිටුවීම
ක්ෂේත්‍රයේ පැළ සිටුවීම යල-මහ වැසි ආරම්භයත් සමඟ සිදු කිරීම සුදුසු වේ. පුවක් පැළයක් සිටු වීම සඳහා අඩි 1 1/2 x 1 1/2 x 1 1/2 ප්‍රමාණයේ වළක් සකසාගත යුතු ය. කාබනික ද්‍රව්‍ය මිශ්‍ර මතුපිට පස් සෙ.මී. 15 පමණ පිරවිය යුතුය. පුවක් පැළ හා පේළි අතර පරතරය අඩි 10 x10 වන සේ සිටුවාගත යුතු ය. සකසාගත් වළේ ගැඹුරින් සිටුවීම මඟින් සුළඟට ඇදවැටීම පාලනය වන අතර, පසු කාලයක වැඩි අස්වැන්නක්ද ලැබේ.
පැළය සිටුවා පොල් අතු, කෙසෙල් අතු වැනි තාවකාලික සෙවණක් සැපයිය යුතු ය. හිරු එළිය කෙළින්ම පතිත වූ විට පත්‍ර පිලිස්සී වර්ධනය අඩු වේ. පැළ සිටුවා වසර දෙකකට පසු පැළයේ ඇති ගැට සංඛ්‍යාව හතරකට වඩා වැඩි විය යුතුය. ක්ෂේත්‍රයේ පැළ සිටුවා වසර පහකින් ප්‍රථම අස්වැන්න නෙළාගත හැකි විය යුතුය. එක් එක් අවස්ථාවේදී දුර්වල පැළ ඉවත් කිරීමද කළ යුතුය. පුවක් යනු අවුරුදු 40ක්-50ක් පමණ ජීවත් වන ගසක් බැවින් හොඳ අස්වැන්නක් ලබා දෙන සුදුසු පැළයක් මුල දීම සිටු වීම අනාගතය වෙනුවෙන් ඉටු කරන වැදගත් මෙහෙවරක් බව කිව යුතුය. පුවක් වගාව නඩත්තු කටයුතු අඩු, පහසු වගාවකි.
පොහොර යෙදීම
කොම්පෝස්ට්/ ගොවිපළ පෙහොර පැළයකට කි.ග්රෑම් 12 ක් පැළ සිටුවා පළමු වසරේ සිට යෙදීම සුදුසු ය. නයිට්‍රජන් පෝෂක ද්‍රව්‍ය ග්රෑම් 100, පොස්පරස් පෝෂක ද්‍රව්‍ය ග්රෑම් 40, පොටෑසියම් පෝෂක ද්‍රව්‍ය ග්රෑම් 140 ක් වශයෙන් රසායනික පොහොර යෙදිය යුතුය. ක්ෂේත්‍රයේ පැළ සිටුවා පළමු අවුරුද්දේ මුළු ප්‍රමාණයෙන් 1/3ක්ද, දෙවන අවුරුද්දේ මුළු ප්‍රමාණයෙන් 2/3ක්ද , තුන්වන අවුරුද්දේ සිට මුළු ප්‍රමාණයමද යෙදිය යුතුය.
අස්වැන්න
ගෙඩි හට ගැනීම පැළ සිටුවා අවුරුදු 6-7කින් සිදු වන අතර, අවුරුදු 10-15කින් උපරිමයට පත් වී එය අවුරුදු 40ක් පමණ පවතී. පසුව අස්වැන්න අඩු වේ. රට පුවක් ජූලි සිට සැත්තැම්බර් දක්වාද සිංහල පුවක් ඔක්තෝබර් සිට අප්‍රේල් දක්වාද අස්වැන්න ලබා දේ. දේශීය එක් පුවක් ගසකින් පුවක් ඉති 3ක්-5ක් පමණ අවුරුද්දකට ලබාගත හැකි අතර, එක් ඉත්තකින් ගෙඩි 250ක්-400ක් පමණ ලබාගත හැකිය.
පුවක් කල් තබාගැනීමේ ක්‍රම
මඩ පුවක් - පල් පුවක් /
නිර්වායු තත්ත්වයට පත් කිරීමෙන්
කරුංකා - අව්වේ වියළා ගැනීමෙන්
පෙති පුවක් - නොමේරූ පුවක් කපා
වියළා ගැනීමෙන්