පුල්හීම්ස් පරීක්ෂණය

විකිපීඩියා වෙතින්

පුල්හිම්ස් වෛද්‍ය පරීක්ෂණය[සංස්කරණය]

පුල්හිම්ස් වෛද්‍ය පරීක්ෂණය යනු යුද්ධ හමුදා සේවය සඳහා සෙබළකු හෝ නිලධාරියකු සුදුසුද යන වග වෛද්‍ය විදානුකූලව සිදු කරනු ලබන පරීක්ෂණයකි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුලද මෙයභාවිතා කරනු ලබනඅතර එය කැනේඩියානු හමුදා සේවය අභාශයට ගෙන නිර්මාණය කරගෙන ඇත, මෙම පර්ක්ෂණය අනිවාර්යෙන්ම විවිධ අවස්ථාවන් වලදී හමුදා සේවයේදී කල යුතු අතර හමුදා සේවයට බැඳීම, ඉන් ඉවත් වීම. විශ්‍රාම ගැනීම්, පාඨමාලා හැදෑරීම, නිල උසස් කිරීම ඉන් කිහිපයකි. හමුදා සේවය සඳහා එක්වීමේදී අනිවාර්යෙන් හමුදා වෛද්‍ය නිලධාරියකු මෙම පර්ක්ෂණයකල යුතු අතර හමුදා රෝහලක් ලග නොමැතිනම් වෛද්‍ය බලකා නියෝජිතයකු පුද්ගලිකවම සහභාගී වී රජයේ රෝහලක වෛද්‍ය නිලධාරියකු මාර්ගයෙන් මෙම පරීක්ෂණය සිදු කරවා ගත යුතුය.

පුල්හිම්ස් යනු කුමක්ද?[සංස්කරණය]

පුල්හිම්ස් යන්න ඉංග්‍රීස් භාෂාවෙන් ලියු විට පහත අර්ථයන් දැක ගත හැක.

  1. P - Physical capacity - කායික යෝග්‍යතාවය
  2. U - Upper limb - ඉහල ගාත්‍රා
  3. L – Locomotion- ගමන් විලාශය
  4. H - Hearing acuity - ඇසීමේ ප්‍රවනතාවය/ ත්‍රිවතාවය
  5. E - left eye Visual acuity- වම් ඇස පෙනීමේ ප්‍රවණතාවය
  6. E - Right eye Visual acuity - දකුණු ඇස පෙනීමේ ප්‍රවනතාවය
  7. M – Mental Capacity- මානසික යෝග්‍යතාවය
  8. S – Stability - දරා ගැනීම/ චිත්ත වේග පාලනය

පුල්හිම්ස් පර්ක්ෂණයේ ප්‍රතිපල[සංස්කරණය]

යුද්ධ හමුදාවට ආධුනික සෙබළකු හෝ කැඩෙට් නිලධාරියකු ලෙස සේවයට එක්වීමේදී අන්වාර්යේන්ම පුල්හිම්ස් පරීක්ෂණය ප්‍රතිපලය FE ලෙස සඳහන් විය යුතුය , FE යනු FORWARD EVERY WERE යන්නයි. එනම් ලොව ඕනෑම රටක, ඕනෑම තැනක, ඕනෑම සටන් පෙරමුණක රාජකාරියේ යෙදවිය හැකියි යන්නයි.

"https://si.wikipedia.org/w/index.php?title=පුල්හීම්ස්_පරීක්ෂණය&oldid=469013" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි