පුරා විද්‍යාත්මක නිදර්ශනය

විකිපීඩියා වෙතින්
ගොනුව:Archaeological illustration.jpg
සකසා ප්‍රකාශනයට සූදානම් කර ඇති මධ්‍යතන යුගයේ පිඟන් භාණ්ඩ පිළිබඳ පිටු කිහිපයක්.

පුරා විද්‍යාත්මක නිදර්ශනය යනු පුරා විද්‍යාත්මක සන්දර්භයකින් ගන්නා ලද ද්‍රව්‍ය පිළිබඳ චිත්‍රක වාර්තා කිරීමකි.

උප අංශ[සංස්කරණය]

පුරා විද්‍යාත්මක නිදර්ශනයට උප අංශ ගණනක් ඇතුළත් වේ. ඒවා නම්,

  • සමීක්ෂණ : වැඩ බිමෙහි හා ගොඩනැඟිලිවල නිවැරදි වාර්තාවක් නිපදවීමට හා භූ දර්ශනය තුළ වැඩ බිම හා ගොඩනැඟිලි පිහිටා ඇති ස්ථානය නිවැරදිව වාර්තා කිරීමට මෙය භාවිතා වේ. සමීක්ෂණ සිදු කරන්නන් විසින් විශාල උපකරණ ප්‍රමාණයක් සේවයෙහි යොදවා ගනී. ඒවාට පටි, තල මේස, මුළු ස්ථාන, 3D පර‍ිලේඛණ යන්ත්‍ර, GPS හා GIS ඇතුළත් වන අතර ගොඩනැඟිලි වාර්තාකරණයේ දී බහුලව භාවිතාවන සිතියම්, අංශ හා උන්නතාංශ මෙන්ම සමමිතික හා අසමමිතික නිදර්ශන ඇතුළත් නිදර්ශන නිපදවීමට ඒවා භාවිතා කරනු ලැබේ. සමීක්ෂණ දත්ත අම්ලවලින් තොර කඩදාසියක් වන පොලිවයනයිල් පර්මට්‍රේස් නැමැති කඩදාසියේ රැස්කර ගනු ලබන අතර ‍ස්ථායී සංඛ්‍යාංක ආකාරවලින් ලේඛණගත කරනු ලැබේ.
  • ඡායාරූපකරණය : පුරා විද්‍යාත්මක වැඩ බිම්, ගොඩනැඟිලි, මානව කෘති හා භූ දර්ශන පිළිබඳ වාර්තා නිපදවීමට ඡායාරූපකරණය භාවිතා වේ. පුරා විද්‍යාත්මක ඡායාරූපකරුවන් විසින් විවිධ ආකෘති පරාස යොදා ගනු ලැබේ. (සාමාන්‍යයෙන් කළු සුදු හෝ වර්ණ රූප) සංඛ්‍යාංක ඡායාරූපකරණය දැන් ක්‍රම ක්‍රමයෙන් පුළුල්ව භාවිතා වන අතර ඒවා ඓතිහාසික ගොඩනැඟිලි වාර්තාකරණයේ දී විශේෂයෙන් භාවිතා වේ. ආකාශ ඡායාරූපකරණය වැඩ බිම් වාර්තාගත කිරීමේ මෙවලමක් ලෙස බහුලව භාවිතා වනඅතර නව පුරා විද්‍යාත්මක වැඩ බිම් ස්ථානගත කර ගැනීම සඳහා එය භාවිතා වේ.
  • මානව කෘති නිදර්ශනය : මෙය සිදු කරනු ලබන්නේ අදාල ප්‍රකාශනය පිළිබඳ විශේෂඥයින් විසින් තවදුරටත් එම වස්තුව පිළිබඳ අධ්‍යයන සිදු කිරීමට ඉඩ ලබා දීම සඳහා එකඟත්වයකට එන ලද සම්මත භාවිතා කරමින් වස්තු වාර්තා කිරීමටය. මානව කෘති නිදර්ශකයන් විසින් පෑන් හා තින්ත මෙන්ම චිත්‍රක හා පිටු සැකසුම් මෘදුකාංග ද යොදා ගනු ලැබේ.
  • තේරුම් ගැනීම් හා ප්‍රතිසංස්කරණ නිදර්ශන : මෙය සිදු කරනු ලබන්නේ ‍පුරා විද්‍යාත්මක ක්ෂේත්‍ර කාර්යයන් වඩාත් තේරුම් සහිත හා දෘශ්‍ය වශයෙන් ආකර්ශනීය ආකාරයකට දර්ශනය කිරීමටයි. ප්‍රතිසංස්කරණ කලාකරුවන් සාම්ප්‍රදායික පෑන්, තින්ත හා පින්තාරු කළ ප්‍රතිසංස්කරණවල සිට 3D, අත්‍යථ්‍ය යථාර්තය (Virtual reality) හා වීඩියෝ වැනි නූතන තාක්ෂණික ක්‍රම දක්වා වූ මාධ්‍යයන්වල කටයුතු සිදු කරයි.