Jump to content

පුරා විද්‍යාත්මක ක්ෂේත්‍ර සමීක්ෂණය

විකිපීඩියා වෙතින්

පුරාවිද්‍යාත්මක ක්ෂේත්‍ර සමීක්ෂණය යනු විශාල ප්‍රදේශයක් (සාමාන්‍යයෙන් හෙක්ටයාරයකට වැඩි හෝ සමහරක් විට වර්ග කිලෝමීටරයකට වඩා වැඩි) පුරාවට වු පසු මිනිස් සංස්කෘති වල පිහිටීම ව්‍යාප්තිය හා සංවිධානය පිළිබද තොරතුරු රැස්කිරීමට පුරාවිද්‍යාඥයින් (බහුලව භූ දර්ශණ පුරාවිද්‍යාඥයන්) විසින් යොදා ගන්නා ක්‍රම වේද ක්‍රියාවලියයි. එය : (a) සමීක්ෂණ කණ්ඩායමේ අවශ්‍යතාවය මත පදනම්ව (හා ආගන්තුක ක්‍රමයද යොදා ගත හොත් පුරා විද්‍යාත්මක සාක්ෂි විනාශවී යාමේ අවධානම මත) ආගන්තුක හෝ අනාගන්තුක හා (b) ගැටලුවට තුඩුදුන් භූමි ප්‍රදේශයෙන් අසනු ලබන පර්යේෂණ ගැටලු වර්ග මත පදනම්ව පුළුල් හෝ ත්‍රීව්‍ර විය හැකිය. සමීක්ෂණ මගින් යම් ප්‍රාදේශිය සංදර්භයක පසු මිනිස් ක්‍රියාකාරකම් පිළිබද වැදගත් තොරතුරු නිපදවන නිසා එය කැණීමක් සිදු කිරීම හෝ නොකිරීම තීරණය කිරීමට ප්‍රායෝගික ක්‍රමයක් විය හැකි අතර (යම් ප්‍රදේශයක මූලික තොරතුරු පටිගත කිරීමේ ක්‍රමයක් ලෙස) ඒවායේ අවසාන තීරණය කිරීමටද යොදා ගත හැක.

ක්ෂේත්‍ර සමීක්ෂණයෙන් තවත් විශේෂිත වර්ගයක් වන්නේ මුදාගැනීම් සමීක්ෂණයි. එය ක්‍රියාවට නංවන්නේ යම් ප්‍රරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් ප්‍රදේශයක් තර්ජනයක් යටතේ පවතින විටය. මෙය සාමාන්‍යයෙන් තැනීම් ක්‍රියාකාරකම් වලට සම්බන්ධ අතර යම් වැඩ බිමක් මත වැඩ ඇරඹීමට ප්‍රථම එහි කැණීම් සිදු කළ යුතු ද නැද්ද තීරණය කිරීමට යොදා ගනී.

පුරා විද්‍යාඥයන් විසින් සමීක්ෂණ වලදී GIS, GPS, දුරස්ථ සංවේදනය, භූ ‍භෞතික විද්‍යා සමීක්ෂණය හා ආකාශ ඡායාරූප කරණය වැනි විවිධ මෙවලම් යොදා ගනී.

භූ භෞතික විද්‍යාත්මක සමීක්ෂණ

[සංස්කරණය]

භූ භෞතික විද්‍යාත්මක සමීක්ෂණයේ දී යොදා ගන්නේ පුරා විද්‍යාත්මක වැඩ බිම්වල උප ස්ථර සිතියම්ගත කිරීම සඳහාය. නූතන වසරවලදී මෙම ක්ෂේත්‍රය තුළ අතිශය දියුණුවීම් සිදු විය හැකි අතර එය පුරා විද්‍යාවේ වැදගත් හා වියදම් කාර්යක්ෂම මෙවලමක් බවට ක්‍රමයෙන් පත්වෙමින් පවතී. භූ භෞතික විද්‍යාත්මක උපකරණවලට, යම් වැළලී ඇති පුරා විද්‍යාත්මක අංගයක් එහි විද්‍යුත් හෝ චුම්භක ගුණ එහි අවට පරිසරය සමඟ වෙනසක් දක්වන අවස්ථාවලදී එම පුරා විද්‍යාත්මක අංගය අනාවරණය කර ගත හැක. සමහරක් අවස්ථාවලදී තනි මානව කෘති (විශේෂයෙන් ලෝහ) ද අනාවරණය විය හැක. ක්‍රමානුකූල රටාවකට ගන්නා ලද කියවුම් රූප සිතියමක් ලෙස විදැහිය හැකි දත්ත කුලකයක් බවට පත්වේ. සමීක්ෂණ ප්‍රතිඵල කැනීම් යොමු කිරීම සඳහා යොදා ගත හැකි අතර එමඟින් පුරා විද්‍යාඥයන් වැඩ බිමෙහි කැනීමට ලක් නොකරන ලද ප්‍රදේශයක අභ්‍යන්තරය නිරීක්ෂණයට ඉඩ ලබා දෙයි. අනෙකුත් පුරා විද්‍යාත්මක ක්‍රම මෙන් නොව භූ භෞතික විද්‍යාත්මක සමීක්ෂණය ආක්‍රමණශීලී හෝ විනාශකාරී නොවේ. මෙම හේතුව නිසා සංරක්ෂණය (කැනීමට වඩා) අරමුණු වන ස්ථානවල දී මෙය බහුලව භාවිතා කෙරේ.

පුරා විද්‍යාවට බොහෝ විට යෙදෙන භූ භෞතික විද්‍යාත්මක ක්‍රම වන්නේ චුම්භක මාන, විද්‍යුත් ප්‍රතිරෝධී මාන, භූමි විනිවිද යන රේඩාර් (GPR) හා විද්‍යුත් චුම්භක (EM) සම්ප්‍රේශණයයි. මෙම ක්‍රම මඟින් බොහෝමයක් වර්ගවල පුරා විද්‍යාත්මක අංගවල සුපිරි විභේදනයක් ලබා දෙන අතර විශාල ප්‍රදේශවල අධි සාම්පල ඝනත්ව සමීක්ෂණ හැකියාවෙන් හා විශාල පරාසයක තත්ව යටතේ ක්‍රියා කිරීමේ හැකියාවෙන් යුක්ත වේ. ලෝහ අනාවරක භූ භෞතික විද්‍යාත්මක සංවේදක වන අතර ඒවා අධි විභේදන රූප උත්පාදනය කිරීමේ හැකියාවක් පවතී. අනෙකුත් ප්‍රකාශ කර ඇති හා මතුවෙමින් පවතින තාක්ෂණික ක්‍රම ද පුරා විද්‍යාත්මක යෙදීම්වල භාවිතය සොයා ගනිමින් පවතී. අතීතයේ දී භූ භෞතික විද්‍යාත්මක සමීක්ෂණ මඟින් සවිරාම සාර්ථකතා ලබා දී තිබුණත් එය නිවැරදි පරිදි යෙදූ විට බොහෝ දුරට හොඳ ප්‍රතිඵල ලැබේ. එය වඩාත් ප්‍රයෝජනවත් වන්නේ අර්ථ නිරූපණ පරීක්ෂා කිරීම හා පිරිපහදු කිරීම සිදු කළ හැකි හොඳින් සංගෘහිත පර්යේෂණ සැලසුමක භාවිතා කිරීමේ දීය. අර්ථ නිරූපණය සඳහා පුරා විද්‍යාත්මක වාර්තාවල හා එය භූ භෞතික විද්‍යාත්මකව ප්‍රකාශ වන ආකාරය පිළිබඳ දැනුමක් අවශ්‍ය වේ. නිවැරදි පරිදි උපකරණය දිවීම, සමීක්ෂණ සැලසුම් කිරීම හා දත්ත සැකසීම සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය වන අතර එක් එක් වැඩ බිමෙහි ආවේණික භූ විද්‍යා හා පුරා විද්‍යාත්මක දත්ත ලබා ගැනීම සිදු කළ යුතුය. ක්ෂේත්‍රය තුළ දී දත්ත තත්වය පාලනය හා අව‍කාශයේ කාර්යක්ෂමතාව අතිශයින් වැදගත් වේ.




http://en.wikipedia.org/wiki/Archaeological_survey