පුරාවිද්‍යාත්මක ආචාර ධර්ම
පුරාවිද්‍යාත්මක ආචාර ධර්ම යනු අතීත වස්තුන් අධ්‍යයනය කිරීමේදි මතුවන ගැටළුය. වෙනත් විෂය ක්ෂේත්‍රවල මෙන්ම පුරා විද්‍යාඥයාද පර්යේෂණ කිරීමේදී ඉහළ ප්‍රමිතියක් පවත්වා ගත යුතු අතර බුද්ධිමය දේපළ නීති, සෞඛ්‍ය හා රක්ෂණ ක්‍රියාමාර්ග හා වෙනත් නීතිමය බැඳිම් අනුගමනය කළ යුතුය. පුරාවිද්‍යා ආයතන තම සමාජිකයන් පුරාවස්තු ආරක්ෂාව හා කලමනාකරණය කිරීමට මනුෂ්‍ය ශරීරාංග වලට ගෞරවනීයව සැලකීමට වැනි කටයුතු සඳහා මෙහෙය විය යුතුය. මෙම ආචාර ධර්ම වලට එකඟ නොවන්නන්ට දඬුවම් පැමිණවීමට හැකියාව ඇත. නුතන පුරාවිද්‍යාත්මක ගවේෂණ වලදී මුහුණදීමට සිදුවන පොදු ගැටළුවක් වන්නේ කැණිම් වලදී හමුවන ඇබෝරිජිනල් කණ්ඩායම් වලට අයත් මුතුන් මිත්තන් හො දැනට ලෝකයේ සිටින සුළු ජාතියකට අයත් ආදිතමයන්ගේ අවශේෂ ගොඩගැනීමේදී ඒවාට සලකන ආකාරය වේ. දේශීය පුද්ගලයන්ට ඉතා වැදගත් පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථාන කැණිමෙන් ලබාගන්නා පුරා වස්තුන් කෞතුකාගාර වල තැන්පත් කිරිමේදි හා විකිණිමේදී ගෞරවනීය ක්‍රම අනුගමනය කිරීම පිළිබඳව බටහිර ජාතීන්ගේ අවධානය යොමු වෙමින් පවති. ඇමරිකා එක්සත් ජනපදයේ NAGPRA නීති මාලාව මෙයට නිදසුනකි. මෙය ඓතිහාසික සොහොන් බිම් වලට පමණක් නොව පළමු ලෝක යුද්ධ සමයේ සොහොන් බිම් සංවර්ධන කාර්යයන් සඳහා යොදාගැනිණි. එහි පැවතුන ශරීර අවශේෂ ගොඩගෙන ඉවත් කිරීමේදී එම සොහොන් බිම් වල වැළලුනු අයගේ ඥාතින් විසින් ඒ සියල්ල දකින ලදී.
ජ්‍යාතන්තර පුරාවස්තු වෙළෙඳාම පිළිබඳව ද (මෙය නවීන පුරාවිද්‍යාත්මක ක්ෂේත්‍රය හා සම්බන්ධ නොවුවද) ආචාර ධර්ම පිළිබඳව ගැටළු මතු වි ඇති අතර, එයට හේතුව පුරාවස්තූන්ගේ අයිතිය පිළිබඳව ඇතිව තිබෙන ගැටළුවයි. පුරාවස්තු ආනයනය කරන වෙළෙඳපොලවල් පුරාවිද්‍යාත්මක ස්ථානවලට හානි කිරීමට පෙළඹෙති.
පුරාවිද්‍යාත්මක කරුණු දේශපාලනික වාසි සඳහා යොදා ගනිමින් ජාතිවාදය හ යුද ආක්‍රමණ සාධාරණිකරණය කිරීම පිළිබඳවද ගැටළු මතුව පවති. මෙය සඳහා ප්‍රකට නිදසුනක් වන්නේ ඇඩොල්ෆ් හිට්ලර් විසින් කලාපය පුරා පැතිරුන ආර්ය සංස්කෘතියක සාක්ෂි සෙවිම සඳහා මධ්‍යම යුරෝපයේ කරන ලද කැණිම්ය. බොහෝ පුරාවිද්‍යාඥයෝ රජයට හෝ රජයේ අනුමැතිය ලැබු ආයතන වල සේවය කරන අතර සියල්ලෝම නීති වලට යටත් වෙති. මෙම නීති පද්ධතිය යම් මට්ටමකට පුරාවිද්‍යා අවශේෂ පිළිබඳ උනන්දුව හා ආර්ථික දියුණුව යන කරුණු දෙකෙන්ම යුක්තය. St. Pancras දුම්රිය මාර්ගය තැනීමේදි සිදුකරන ලද පොළොව කැණීම් ගැටළුවකට තුඩු දුන් අතර එම සැලැස්ම හා ව්‍යාපෘතිය පවත්වාගෙන යාමේදී පුරාවිද්‍යාත්මක වටිනාකම නොසැලකූ බවට චෝදන එල්ල විය.
පුරාවිද්‍යාවේ මතුවන තවත් ගැටළුවක් වන්නේ මෙම පුරාවිද්‍යාත්මක ස්ථාන කැණීමට ලක් කිරීම අනිවාර්යයද යන්නයි. ( ඉන්පසු එම ස්ථාන විනාශයට පත්වේ) අනාගත පරපුරට මෙම ස්ථාන කැණීමෙන් තොරව ආරක්ෂා කිරිම් මඟින් වඩා උසස් තාක්ෂණයකින් තවත් දැනුම ලබා ගැනීමට හැකිය. PPG 10 වැනි සමහර පුරා විද්‍යාත්මක නීති පද්ධති වලට අනුව යම් පුරාවිද්‍යාත්මක ප්‍රදේශයක් කැණීමට ලක් කළ යුත්තේ එම ප්‍රදේශ වෙනත් ක්‍රමයකින් විනාශ මුඛයට පත් වීමට ආසන්න නම් පමණි.