පුරාතන ග්‍රීසියේ අධ්‍යාපනය
ස්පාර්ටාහි හැරුණු විට සමස්ථ ග්‍රීසියේම අධ්‍යාපනය, පෞද්ගලික අංශය මඟින් මෙහෙයවන ලදි. හෙලන් යුගයේ දී (Hellenistic Period) පොදු පාසල් ආරම්භ විය. තවත් පවුල් වලට පමණක් අධ්‍යාපනය සීමාවිය. පිරිමි දරුවන් පමණක් ලිවීම, කියවීම හා සාහිත්‍ය ඉගෙන ගත්හ. ඔවුන් ගායනය හා වාදනයද ඉගෙන ගත් අතර හමුදා සේවය සඳහා ද පුහුණු කරන ලදි. ඔවුන් රැකියාවක් සඳහා ඉගෙන නොගත් අතර හොඳ පුරවැසියන් වීමට උගත්හ. ගැහැණු දරුවන් ද ලියවීම, කියවීම උගත් අතර ඔවුන් ප්‍රධාන ලෙස ගෘහාශ්‍රිත කටයුතු සඳහා උගත්හ. නමුත් කුඩා අවධියෙන් පසු ඉදිරියට අධ්‍යාපනය නොලැබුහ.
පිරිමි දරුවන් අවුරුදු 7 දී පාසල් වෙත හෝ හමුදා බැරැක්ක වෙත යොමු කෙරුණි. වර්‍ග තුනක අධ්‍යාපනයක් එකල පැවතිණි. එනම් ගණිත ශාස්ත්‍රි, සංගීත, නැටුම් හා ක්‍රීඩා වශයෙනි.
ධනවත් පවුල්වල දරුවන් නිවෙසේ සේවකයතු යටතේ පෞද්ගලික පාසල් වෙත යොමු කෙරුණි. පාසල් ගුරුවරුන්ගේ නිවෙස් තුළ එම පෞද්ගලික පාසල් පැවති අතර එහිදී ඔවුන්ට ලිවීම, කියවීම, ගණිතය, ගායනය, වාදනය ක්‍රිඩාව පුහුණු කෙරුණි. දරුවන්ගේ වයස අවුරුදු 12 වන විට මල්ලවපොර, දිවීම, යගුලිය විසිකිරීම, හෙල්ලය විසිකිරීම ආදියට යොමු කෙරුණි. වසර දෙකක හමුදා පුහුණුවකින් පසු අවුරුදු 18 දී අධ්‍යාපනය නිම කෙරුණී.
ස්පාර්ටානියානු ක්‍රමයට අනුව දරුවන් සුළු පිරිසක් කුඩා අවධියෙන්ද පසු අධ්‍යාපනය කරගෙන ගියහ. තරුණයින් සිය භාරකාරයින් ආශ්‍රයෙන් දේශපාලනය පිළිබඳව යම් අවබෝධයක් ලබාගත් අතර ඔවුන්ට සහායවීමටත්, පොදු ජන කටයුතුවල නියැලීමට අවැසි ආභාෂයත් ලබාගත්හ. ධනවත් සිසුන් ප්‍රසිද්ධ ගුරුවරුන් යටතේ අධ්‍යාපනය ලැබු අතර, ලයිසියම්, ඇකඩමි, යනු එකල ප්‍රකට පාසල් විය. ධනවත් ග්‍රීක්වරුන්ගේ අධ්‍යාපන ක්‍රමය පයිඩියා(paideia) යනුවෙන් හැඳින්විණි.