පුරාණ රෝමය - මොනාර්චි

විකිපීඩියා වෙතින්

පුරාවෘත වලට අනුව ක්‍රි.පූ.753අප්‍රේල් 21 දා රෝමය සොයා ගන්නා ලද්දේ ඒනස් නැමැති ට්‍රොජන් කුමරුගෙන් පැවතෙන රොමුලුස් හා රේමුස් නැමැති නිවුන් සොහොයුරන් විසින්. රොමුලුස්ට හා රේමුස්ට බිහි කල බව කියන්නේ ඇල්බා ලොන්ගා හි රජු නුමිටර් බලයෙන් බහ කල ඔහුගේ කුරිරු සොහොයුරා ඇමුලිස්, රේ සිලවියා නුමිටර් රජුගේ දුවට දාව. රේ සිල්වියා යනු අඟහරු(Mars) අතින් දූෂණයට පත්වූ කන්‍යාවක්. ඒ නිසයි ඇය අර්ධ දිව්‍ය නිවුන් දරුවන් බිහි කරන්නේ. රොමුලුස් හා රේමුස් නැවත සිහසුන ගනීවි යැයි බියවූ ඇමුලිස් ඔවුන්ව දියේ ගිල්වනවා. නමුත් වෘක ධේනුවක් ඔවුන්ව බේරොගෙන හදාවඩා ගන්නවා. ඉන්පසු ඔවුන් නිසි වයසට පැමිණි පසු නැවත ඇල්බා ලොන්ග් හි නුමිටර් අධිරාජ්‍යට උරුමකම් කියනවා. නිවුනුන් ඉන්පසු ඔවුන්ගේම නගරයක් සොයා ගත්තත්, රාජ්‍ය කරන්නේ කව්ද යන ප්‍රශ්නය මත ඇතිවූ ගැටුමේදී රොමුලුස් රේමුස් අතින් මැරුම් කනවා. මියගිය රොමුලුස් නගරයේ නමට උපත දෙනවා රෝමය නමින්. මෙම නගරයට කාන්තාවන් හිඟවූ නිසා පුරාවෘත වල පවසන ආකාරයට ලතින් වරු සාබින්වරුන්ට උත්සවයකට ආරාධනා කර ඔවුන්ගේ අවිවාහක කන්‍යාවන් සොරාගෙන තිබෙනවා. මේ නිසා ලතින් වරුත් සාබින් වරුත් අතර සමෝධායනයක් ඇතිවී තිබෙනවා.

රෝම නගරය ටිබර් නම් ගඟෙන් වටව මාර්ග වලින් සහ වෙළඳ සල් වලින් ආධ්‍යව ඉදිවී තිබෙනවා. පුරාවිද්‍යාත්මක සාක්ෂි වලට අනුව රෝමය සොයාගෙන ඇත්තේ ක්‍රි.පූ. 8වන සියවසේදි පමණ විය යුතුයි.

"https://si.wikipedia.org/w/index.php?title=පුරාණ_රෝමය_-_මොනාර්චි&oldid=103995" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි