පුරාණ බැබිලෝනියානු යුගය

විකිපීඩියා වෙතින්

පුරාණ බැබිලෝනියානු යුගය


ක්‍රි.පූ. 2000 දී පමණ එලමයිට් වරුන් හමුවේ උර්-3 රාජවංශය කඩාවැටීමෙන් පසුව, යුප්‍රේට්ස් නදියෙන් බටහිර සිට පැමිණි සෙමිටිච් ඇමොරිට් වරු මෙසපොටේමියාවෙ බහුතර බලය ලබාආ ගත් හ. ඔවුහු එහි කුඩා රාජධානි සමූහයක් සාදා පාලනය කලහ. "ඇමොරිට් යුගය" නම්වූ එම යුගයේ මුල් ශතවර්ෂ වලදී, පළමු ශම්ෂි අඩාඩ් උතුරෙහි වූ ප්‍රදේශ එක්සත් කරමින් ඒ ආසන්නයටම පැමිණියද බැබිලෝනියාවේ වඩාත්ම බලසම්පන්න රාජධානිය වූයේ "අයිසින්" ය. බැබිලෝනියාවේ ස්ථාපිත වූ මෙම රාජධානි අතරින් අතරින් එකක් අනෙකුත් රාජධානීන් ද අයත් කරගෙන පලමු බැබිලෝනියානු අධිරාජ්ය ගොඩනැගූයේ මෙම පුරාණ බැබිලෝනියානු යුගයෙහිදීය.

හයවැනි පාලකයා වූ හමුරාබි ගේ කාලයේදී බැබිලෝනියාවට මෙසපොටේමියාවද සිය ආධිපත්යට නතු කරගැනීමට හැකිවිය. (ක්‍රි.පූ. 1780 හෝ 1750; කාලය අවිනිශ්චිතයි ). ඔහු ඉත කාර්යක්ෂම පාලකයෙක් වූ අතර බලසම්පන්න නීති කෙටුම්පතක් වූ හමුරාබිගෙ කෙටුම්පත ලියා අවුල්සහගත කාල වකවානුවකින් පසුව ප්‍රදේශයට ස්ථාවරත්වයක් ගෙන දුන්නේය. එය මධ්යම මෙසපොටේමියාවේ බලය බවට පත්විය.

බැබිලෝනියන් වරු රජු මාර්දුක් ගේ දූතයෙක් ලෙස සැලකූ අතර, මෙසපොටේමියාවෙහි සියලුම නීත්යානුකූල පාලකයින්ට ඔටුනු පැලඳවීමට සිදුවූ බැබිලෝන් නගරය "ශුද්ධ වූ නගරය" ලෙස සැලකූහ. ඉන්පසු බදු අයකිරීමත් නිලධාරිවාදයත් එහි වර්ධනයවී රජුගේ පාලනය පැතිරවිය හැකිවන පරිදි මධ්යම ආණ්ඩුවක් ස්ථාපිත විය.

බැබිලොනියාවට නැවත නිදහස ලබාගැනීමෙන් පසුව මහා සාහිත්යමය පුනර්ජීවනයක් ඇතිවිය. මෙහි ඉතා වැදගත් එක් ප්‍රතිඵලයක් වූයේ "පළමු බැබිලෝනියානු අධිරාජ්යය" යි. ස්වදේශීය ඉතිහාසඥයින්ට අනුව මෙය නීති කෙටුම්පතක පරිවර්තනයකි. හමුරාබි ගේ අණට අනුව මෙය සකස් කරන ලද්දේ එලමයිට් වරුන්ගේ නෙරපීමෙන් පසු සිය රාජධානිය නිරවුල් වූවාට පසුවයි. 1901 දී මෙම හමුරාබි කෙටුම්පතෙහි කොල්ලකන ලද පිටපතක් ජේ. ඩි මෝර්ගන් සහ වී. ෂෙයිල් විසින් සුසා හිදී සොයාගන්න ලඩී. දැන් මෙම පිටපත ඇත්තේ ලූවර් කෞතුකාගාරයේය.

බැබිලෝනියානුවෝ නිතරම බටහිර රටවල් ස්මග වෙළඳාමෙහි නිරත වූහ. සමහරවිටක බැබිලෝනියානු නිලධාරීන් හෝ හේවායින් සමග සිරියාවට සහ කැනාන් වලටද ගියහ. අමොරිට් වෙළඳ පිරිස් මෙසපොටේමියාව පුරාද වෙළඳාමේ ගියහ. බබිලෝනියාවේ බටහිර සබඳතා බොහෝ කලක් පැවතිණි. හමුරාබි ගේ සීයා ගේ කාලයට අයත් ඔප්පුවකට අනුව සාක්ෂිකරුවකුගේ පියා වූයේ අබි-රාමු හෙවත් අබ්‍රම් නමැති අමොරිට් වරයාය. හමුරාබි ගේ ලොකු මුනුබුරා වූ අම්මි ඩිටානා ඔහුව හඬුන්වාගත්තේ අමොරිට් දේශයේ රජු වශයෙනි. අම්මි ඩිටානා ගේ පියාත් පුතාත් අබි-එෂාහ් සහ අම්මිසඩුක්වා යන කැනානයිට් නාමයන් දැරූහ.